චෙල්සි, මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරද්දී ලිවර්පූල් පල්ලම් බසී

123
English Premier League 2018

සතියක ජාත්‍යන්තර තරග විරාමයෙන් පසු එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය සෙනසුරාදා (15) නැවත ඇරඹුණු අතර විරාමයෙන් පසු පළමු සති අන්තය පෙරළිවලින් තොර සාමකාමී සති අන්තයක් විය.

සිව්වැනි සතිය අවසන්; ලිවර්පූල් තවමත් පෙරමුණේ

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන සති අන්තය නිමා වූයේ බලාපොරොත්තු..

අපේක්ෂා කළ පරිදි මැන්චෙස්ටර් සිටි, මැන්චෙස්ටර් යුනයිටඩ්, චෙල්සි, ආර්සනල්, ලිවර්පූල් වැනි ප්‍රබල කණ්ඩායම් ජය වාර්තා කළ අතර මේ සති අන්තයේ දී සිදු වූ එකම විශේෂ සිදුවීම නම් සති තුනක් ලකුණු සටහනේ පෙරමුණේ සිටි ලිවර්පූල් කණ්ඩායම දෙවන ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුවීමයි.

හැසාඩ්ගේ ගෝල ත්‍රිත්වයෙන් චෙල්සි පෙරමුණට

සුපිරි ක්‍රීඩක ඒඩන් හැසාඩ්ගේ ගෝල ත්‍රිත්වය නිසා ගෝල කාඩිෆ් කණ්ඩායමට ගෝල 4-1ක දැවැන්ත පරාජයක් අත්කර දෙන්නට චෙල්සි කණ්ඩායම සෙනසුරාදා (15) සමත් විය.

ඒ අනුව ගෝල පරතරය මත ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වන්නට ද ඔවුන් සමත් විය.

චෙල්සි කණ්ඩායමට නොසිතූ ප්‍රහාරයක් එල්ල කරමින් 16 වන මිනිත්තුවේ දී කාඩිෆ් කණ්ඩායමේ Sol Bamba සුපිරි ගෝලයක් වාර්තා කළේ Sean Morrisonගේ හිසෙන් පන්දු යොමු කිරීමක් මනා ලෙස ස්ථානගත කරමිනි.  

Olivier Giroudගේ ස්ථානෝචිත පන්දු යොමු කිරීමක් දැල් ගත කළ හැසාඩ් 37 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සමකළේ සිය පළමු ගෝලය වාර්තා කරමිනි.

දිගින් දිගටම ප්‍රහාරයේ නිරත වූ චෙල්සි කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධය අවසානයට මොහොතකට පෙර හැසාඩ් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

පළමු අර්ධය: කාඩිෆ් 01 – 02 චෙල්සි

Bamba චෙල්සි ක්‍රීඩක Willian හට කළ අනවශ්‍ය බාධා කිරීමක් නිසා චෙල්සි කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර හැසාඩ් සාර්ථක කරගත්තේ සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරමිනි.

එම ගෝලයට මිනිත්තු තුනකට පසු 83 වන මිනිත්තුවේ දී Willain චෙල්සි ලකුණු පුවරුවට තවත් ගෝලයක් එකතු කළේ කාඩිෆ් කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: කාඩිෆ් 01 – 04 චෙල්සී

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • චෙල්සි – Eden Hazard 37′, 44′, 80′ (pen), Willian 83′
  • කාඩිෆ් සිටි – Sol Bamba 16′

ටොටන්හැම් නොසිතූ ලෙස පරාජය වෙද්දී ප්‍රබල කණ්ඩායම් සියල්ල ජය ගනී

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තය පසුගිය සෙනසුරාදා හා ඉරිදා ක්‍රියාත්මක..

ටෝටන්හැම් ලිවර්පූල් තියුණු සටනේ ජය ලිවර්පූල් දිනා ගනී  

මේ සති අන්තයේ තවත් වැදගත් තරගයක් වූ මෙම තරගයේ දී ටෝටන්හැම් හොට්ස්පර් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ලිවර්පූල් කණ්ඩායම සිය අපරාජිත වාර්තාව සයවැනි සතිය දක්වා රැගෙන යාමට සමත් විය.

තරගය ආරම්භයේ දී ම රොබර්ටෝ ෆර්මිනෝ ගෝලයක් වාර්තා කළ ද, විනිසුරු ලිවර්පූල් බලාපොරොත්තු බිඳ දැමුවේ එය ‘OFF SIDE’ අවස්ථාවක් බව තීරණය කරමිනි.

පළමු අර්ධය අවසානයට මිනිත්තු හයක් තිබිය දී Georginio Wijnaldum හිසෙන් සිය පළමු ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළේ දෙපසට දෝලනය වූ තරගය ලිවර්පූල් දෙසට රැගෙන එමිනි.

පළමු අර්ධය: ලිවර්පූල් 01 – 00 ටෝටන්හැම්

ටෝටන්හැම් ක්‍රීඩක ලුකාස් මෝරාගේ උත්සාහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර 54 වන මිනිත්තුවේ දී රොබර්ටෝ ෆර්මිනෝ තවත් ගෝලයක් ලකුණු පුවරුවට එක් කළේ ලිවර්පූල් කණ්ඩායම තවත් ඉදිරියට රැගෙන යමිනි.

තරගය අවසන් වීමට සුළු මොහොතක් තිබිය දී එරික් ලමෙලා තරගයේ වාර්තා වූ එකම ටෝටන්හැම් ගෝලය වාර්තා කළ නමුත් තරගය වෙනස් කිරීමට ඔවුන්ට තවත් කාලය ඉතිරිව තිබුණේ නැත.

අවසන් ලකුණු තත්වය: ලිවර්පූල් 02 – 01 ටෝටන්හැම්

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ලිවර්පූල් – Georginio Wijnaldum 39′ , Roberto Firmino 54′
  • ටෝටන්හැම් – Erik Lamela 90 +3′

ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාලසටහන එළි දැක්වේ; වසරේ ක්‍රීඩකයා මෝඩ්රික්

2018-19 තරග වාරය සඳහා UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ තේරීම ඉකුත් 30..

මැන්චෙස්ටර් සොහොයුරෝ ජයග්‍රහණ වාර්තා කරයි

මේ අතර ගියවර ශූරයින් වූ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ෆුල් හැම් කණ්ඩායම් හමුවේ ගෝල 3-0ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.

සිටි කණ්ඩායමේ ඩේවිඩ් සිල්වා සිය 50 වන ප්‍රිමියර් ලීග් ගෝලය මේ තරගයේ දී වාර්තා කිරීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් වට්ෆෝර්ඩ් මැන්චෙස්ටර් යුනයිටඩ් ගැටුම ඉතා උණුසුම් වූ අතර එම තරගයේ ජය ගෝල 2-1ක් ලෙස හිමිකර ගත්තේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමයි.

ලුකාකු 35 වන මිනිත්තුවේත් ස්මොලින්ග් 38 වන මිනිත්තුවේදීත් ගෝල වාර්තා කළේ පළමු අර්ධයේ යුනයිටඩ් කණ්ඩායම පෙරමුණට ගෙන එමිනි.

65 වන මිනිත්තුවේ දී ග්‍රේ වට්ෆොර්ඩ් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළත් තරගයේ ජය ආපසු හැරවීම සඳහා එම ගෝලය ප්‍රමාණවත් වූයේ නැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<