වර්තමාන නායකයා ගැන හිටපු නායකයා විශ්වාසයෙන්

191

මේ වතාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔයින් මෝර්ගන් ඇතුළු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ජය ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙන බව එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කෙවින් පීටර්සන් පවසා සිටියි.

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක ……..

ඊයේ (31) පැවති 2019 ලෝක කුසලාන ආරම්භක ක්‍රිකට් තරගයේ දී එංගලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 104 දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වූයේ තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි.

“ඔබ දිගටම අසාර්ථක වන විට ඔබ ඔබගේ රිද්මය පෙරට වඩා වෙනස් කරලා බලන්න, එය යම් ආකාරයකින් සාර්ථක වන්නට පුළුවන්. මට පෙනෙන හා දැනෙන විදිහට අපේ පුහුණුකාරතුමා වන ට්‍රෙවර් බ්‍රේසිස් ඇතුළු එංගලන්ත කණ්ඩායමත් දැන් කරන්නේ එකයි.” යැයි කෙවින් පීටර්සන් පැවසීය.

එංගලන්ත කණ්ඩායම 2015 වසරේ දී පැවැත්වුණු ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවත් වූ අතර ඉන් විශාල පන්නරයක් ලබා ගත් ඔවුන් මේ දක්වා පවත්වා තිබෙන එක්දින ක්‍රිකට් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබේ.

එහි දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක මෝර්ගන් පිළිබඳව අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන පීටර්සන් මෙසේ පැවසීය.

“ඔහු වැඩිය කලබල නායකයෙක් නෙමේ. ඔහු සැම විටම ඔහුගේ ක්‍රීඩකයින් එක්ක ඉන්නවා. එය ක්‍රීඩකයින්ට ගොඩක් සවියක්. එංගලන්ත කණ්ඩායමේ දකින තවත් සුවිශේෂී දෙයක් තමයි ඔවුන් කිසිවිටෙකත් අසාර්ථක වෙන්න කැමති නැහැ. මම හිතන්නේ ඒක ඔවුන්ට සාර්ථක තරගාවලියක්  අවසන් කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතනවා.”

ලෝකය දිනන තරගාවලියේ ආරම්භයට හොඳ ගැම්මක් ගමු!

12 වැනි ලෝක කුසලානය තරගාවලිය ආරම්භ කරමින් ………

“හොඳ පිතිකරුවන්, හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයින් වගේම හොඳ පන්දු යවන්නොත් එංගලන්තයට ඉන්නවා. එංගලන්තයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනා ගන්න තිබෙන හොඳම අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා කියාලා මට හිතෙනවා.” පීටර්සන් සිය මතය පැවසුවේ එසේයි.

වයස අවුරුදු 38ක් වන පීටර්සන් දකුණු අප්‍රිකාවේ උපත ලැබූ අතර ඔහුගේ මව එංගලන්ත ජාතික කාන්තාවක් වන අතර පියා දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.

“එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරයි කියලා ලෝකයේ ගොඩක් දෙනා හිතාගෙන ඉන්නවා. මමත් එතන ඉන්නවා. නමුත් එය අපි ක්‍රීඩකයින්ට වදයක් නොවෙන ආකාරයට කරන්න දැන ගන්න ඕන.” යයි වැඩිදුරටත් අදහස් දැක්වූ පීටර්සන් වශයෙන් පැවසීය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<