ඇලෙක්ස් හේල්ස්ට ක්‍රිකට් තහනමක්

439

අන්තරායකර ඖෂධ භාවිතා කිරීමේ චෝදනාව හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් හට දින 21කට ක්‍රිකට් තහනම් කරන බව Guardian පුවත් සේවය වාර්තා කර තිබුණි.

එංගලන්ත ක්‍රිකට් සංචිතය හදිසියේ වෙනස් වෙයි

කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ සෑම් බිල්න්ග්ස් වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර එක්දින හෝ විස්සයි – විස්ස…

30 හැවිරිදි ඇලෙක්ස් හේල්ස් හට මෙම තහනම නිසා “රෝයල් ලන්ඩන් කප්” එක්දින තරගාවලියත් මගහැරුණු අතර ඔහු මාධ්‍යට පවසා තිබුණේ තමන් සිය ප්‍රාන්තය වන නොටින්හැම්ෂයර් කණ්ඩායමේ තෝරා ගැනීම් සඳහා සහභාගී නොවන බවයි. ඔහු කණ්ඩායමට සහභාගී වන දිනයක් හෝ ඔහු ප්‍රකාශ කර නොතිබුණි.

පසුගිය සතියේදී ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලානය සඳහා වන එංගලන්ත සංචිතයටද නම් කෙරුණු අතර ඔහුගේ ක්‍රීඩා දිවියේ දෙවන වරටත් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තරායකර ඖෂධ පිළිබඳ පනත ඔහු උල්ලංඝණය කර තිබේ.

කෙසේ වෙතත් ලෝක කුසලානයට සූදානම් වීම සඳහා මෙම සති අන්තයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කාඩිෆ් හිදී පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිත අතර බාධාවකින් තොරව ඇලෙක්ස් හේල්ස්ට ද එම කඳවුරට සහභාගී වීමට අවස්ථාව හිමිකර තිබේ.

මෙයට ප්‍රථම 2017 වසරේදී හේල්ස් සහ බෙන් ස්ටොක්ස් බ්‍රිස්ටල් හී රාත්‍රී සමාජ ශාලාවක් ආසන්නයේ රණ්ඩුවකට පැටලීම නිසා ඔවුන් දෙදෙනාටම තරග තහනම් විය.

එංගලන්තයේ සහ වේල්ස් හී සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් සෑම තරගවාරයකට ප්‍රථම අන්තරායකර ඖෂධ පිළිබඳ හිසකෙස් පරීක්ෂණයකට (hair follicle test) ලක්කෙරෙන අතර එහිදී ඔවුන් මාස තුනක් තුළ ලබාගත් සියලුම අන්තරායකර ඖෂධ පිළිබඳ සොයා ගත හැක.

ලෝක කුසලානයට නොතේරුණු ප්‍රබලයින් එකොළොස් දෙනා

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා රටවල් සියල්ලම පාහේ කණ්ඩායම් නම් කර අවසන්. ඒ අතරින් මෙවර ලෝක කුසලාන…

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය සහ සුබසාධනය සඳහා වන පනත යටතේ ක්‍රීඩකයා අයත්වන පළාතේ ක්‍රිකට් සංගමයට සහ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාට දැන්වීමකින් තොරව අන්තරායකර ඖෂධ (recreational drugs) ලබාගැනීම වරදකි. දෙවන වතාවටත් එම වරදට හසුවුවහොත් එම ක්‍රීඩකයාට සති තුනක තරග තහනමක් හිමිවන අතර ක්‍රීඩකයාගේ වාර්ෂික වේතනයෙන් 5% ක දඩ මුදලක්ද නියම කරනු ලැබේ.  

ඒ අනුව ඇලෙක්ස් හේල්ස් දින 21ක් සඳහා කණ්ඩායමෙන් ඉවත් වන අතර ඔහු ලෝක කුසලානයට පෙර පැවැත්වීමට නියමිත අයර්ලන්ත තරගාවලිය සඳහා නැවත කණ්ඩායමට පැමිණීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<