Home Sinhala මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

1533
ICC Cricket World Cup Lasith Malinga and Angelo Mathews

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21) තරගයේ දී ජේත්තුකාර ඉනිමක් ක්‍රීඩා කරමින් කරන ලද මෙහෙයට සමානව පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ද එක්වීම නිසා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද (21) සමත් විය.

ලෝක කුසලාන ඉතිහාස පොතේ වාසිය ශ්‍රී ලංකාව අතට ගනී ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා…..

එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හී හෙඩින්ලි ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගත්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගත් අතර එංගලන්තය ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 212ක් පමණි.

මෙම තරග ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව නැවත වතාවක් ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය දක්වා පැමිණියේය. ඒ ලකුණු 6ක් ලබා ගනිමිනි.  

ලකුණු 233ක ඉලක්කයක් කරා පිය නැගීමට පැමිණි සත්කාරක එංගලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු 2 අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් ලසිත් මාලිංග තරගයට අවතීර්ණ වීමත් සමඟින් අනෙකුත් පන්දු යවන්නෝ ද ඒ මගම යමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියහ.

කඩුලු ලබා ගැනීමේ දී ලසිත් මාලිංග ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට ඔහු සමත් විය. ඊට අමතරව ධනංජය ද සිල්වා කඩුලු 3ක් ද ඉසුරු උදාන කඩුලු 2ක් ද සහ නුවන් ප්‍රදීප් කඩුල්ලක් ද ලෙසින් දවා ගත්හ.  

ඉනිමේ ආරම්භක පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ජොනි බෙයාර්ස්ටෝව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලසිත් මාලිංග මේ ගමනේ ආරම්භය ගත්තේය. එය තව දුරටත් සක්‍රීය කළ මාලිංග අනෙක් ආරම්භක පිතිකරු ජේම්ස් වින්ස් ද එංගලන්ත ලකුණු පුවරුව 26ක් වෙද්දී දවා ගත්තේය.

නමුත් ජෝ රූට් සහ නායක ඔයින් මෝර්ගන් තෙවැනි කඩුල්ලට ලකුණු 47ක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු තරමක් දුරට සසල කළහ. ඔයින් මෝර්ගන් ලකුණු 21ක් ලබා සිටිය දී ඉසුරු උදානට ගොදුරු වූයේ පෙරලා ඔහු වෙතට ම උඩ පන්දුවක් ලබා දෙමිනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ජෝ රූට් පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටිය දී මාලිංගගේ පන්දුවකට දැවී ගියේ කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ජෝ රූට් සහ බෙන් ස්ටොක්ස් අතර සිව්වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 54කි. අනතුරුව ජොස් බට්ලර් (10) ද දවා ගැනීමට මාලිංග සමත් වූයේ එංගලන්ත ඉනිම කඩුලු 5කට ලකුණු 144ක් වෙද්දීය.

එතැන් සිට දෙපිලටම විවෘත වූ තරගය කුමකින් කුමක් වේ දැයි යන අනියත බියෙන් දෙපිලේ ම ක්‍රීඩකයෝ පෙළෙන්නට විය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය මද වේලාවකින් පමා කිරීමට බෙන් ස්ටොක්ස් සහ මොයින් අලි සමත් වූහ. ඔවුන්ගේ ගමනට හරස් කැපූ ධනංජය ද සිල්වා මොයින් අලී දවා ගත්තේය. ඒ මොයින් අලි ලෝන් ඕෆ් කලාපයට එල්ල කළ පහරක් හතරේ සීමාව ආසන්නයේ සිටිමින් උඩ පන්දුවක් ලෙසින් රැක ගනිමින් ඉසුරු උදාන ද ඊට දායක කර ගනිමිනි. 6 වැනි කඩුල්ලට ඔවුන් අතර වූ සබඳතාව ලකුණු 26කි. ‍

“චන්දිමාල් හා දික්වැල්ල නැති එක ගැන පුදුමයි” – හිටපු පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසර කිහිපය එතරම් සාර්ථක වූයේ….

නැවත ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා තමන් විසින් යැවුණ ඊළඟ පන්දුවාරයේ දී කඩුලු 2ක් දවා ගනිමින් එංගලන්ත ක්‍රීඩකයන්ට අනතුරු සංඥා දැල්වීම ස්ථීර කළේය. ඉසුරු උදාන එංගලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 186 දී දවා ගනිමින් එය තව දුරටත් සනාථ කළේය.

අවසන් කඩුල්ලේ දී බෙන් ස්ටොක්ස් තනි අතේ තරගයකට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව අභිබවා යෑවීමට උත්සාහ කළේය. නමුත් නුවන් ප්‍රදීප් විසින් යැවුණ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක කුසල් පෙරේරා වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් අවසන් ක්‍රීඩක මාර්ක් වුඩ් දැවී යෑමත් සමඟින් එංගලන්ත ඉනිම අවසන් විය.

ඒ වෙද්දී බෙන් ස්ටොක්ස් පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා සිටියේය.

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරක්ෂා කරගනිමින් ඇන්ජලෝ මැතිව්ස් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ අතර ඉනිම අවසන් වෙන විට ඔහු පන්දු 115කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තේය. අද තරගයේ දී ඔහු තම එක්දින තරග පිටියේ 38 වැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඔහු මෙම අර්ධ ශතකය රැස් කළේ එක්දින ඉනිම් 6කට පසුවය. එමෙන්ම ඔහු මේ වසරේ රැස් කරන ලද පළමු අර්ධ ශතකය වන්නේ ද මෙයයි.

Photos : Sri Lanka vs England | ICC Cricket World Cup 2019 – Match 27

ThePapare.com |21/06/2019 | Editing and re-using images without…..

සුපුරුදු ලෙසම අද තරගයේ ද ආරම්භක පිතිකරුවන් ලෙසින් දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිටියට පිවිසිය ද පෙර තරගවල දී මෙන් මෙම තරගයේ දී ඔවුන්ට සාර්ථක වීමට එංගලන්ත පිතිකරුවෝ ඉඩ තැබුවේ නැත. ඉනිමේ දෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී දිමුත් තම ඉනිම නිමා කර ගත්තේ ඉතා අලස පහරක් එල්ල කරමිනි.

ජොෆ්රා ආචර්ගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක ජොස් බට්ලර් එක්ව දිමුත් (1) පිටියෙන් ඉවත් කරන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 3ක් ලෙසිනි. අනතුරුව ඊළඟ පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී කුසල් ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට මොයින් අලී වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 2කට දැවී ගියේය.

ශ්‍රී ලංකා  ඉනිමේ ඉරණම අවාසනාවන්ත ලෙසින් තීරණය වෙන ලකුණු පහළ වූව ද පෙර තරගවල අසාර්ථක වූ පිතිකරුවෝ ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දායකත්වය දැක්වූහ. කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් ගොඩ නගමින් පළමු අඩිතාලම දැමූහ.

මේ යොවුන් ක්‍රීඩකයන් දෙදෙනා අතුරින් වඩාත් පරිණත ක්‍රීඩකයා වූ කුසල් මෙන්ඩිස් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් පන්දුවට පහ දුන් අතර අවිශ්ක ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙසින් කටයුතු කළේය. ඔහු පන්දු 39කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටිය දී මාක් වුඩ්ගේ පන්දුවකට ආදිල් රෂීඩ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. අවිශ්ක පිටියේ රැඳී සිටිය දී ශ්‍රී ලංකා ඉනිමට එක් වූ සෑම සීමා ලකුණක්ම ඔහු විසින්ම එල්ල කළ අතර මෙන්ඩිස් ලකුණු 9ක් පමණක් ලබා ගනිමින් ඔහුව දිරිමත් කරමින් පිතිකරණයේ නිරත විය.

අනතුරුව මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 71ක් එක් කළහ. ඔවුන්ගේ සබඳතාව බිඳ දැමීමට නායක ඔයින් මෝගන් මිඩ් විකට් කලාපයේ සිටිමින් ඉතා අසීරු උඩ පන්දුවක් රැක ගත්තේය. පන්දු යවමින් සිටියේ ආදිල් රෂීඩ්ය. ඔවුන්ගේ ගොදුර වූයේ කුසල් මෙන්ඩිස්ය. මෙන්ඩිස් පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමගින් ලකුණු 46ක් ලබා ගත්තේය.

දික්වැල්ල, තිසර සහ උදාන කැනඩාවට වෙන්දේසි වේ

දෙවන වතාවටත් පැවැත්වෙන ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…….

කුසල් මෙන්ඩිස් දැවී ගොස් ඊළඟ පන්දුවේ දී ජීවන් මෙන්ඩිස් පන්දු යැවූ ආදිල් රෂීඩ් වෙතටම පහසු උඩ පන්දුවක් ලබා දෙමින් කිසිදු ලකුණක් නොලබා දැවී ගියේය. එතෙක් පන නළ ගසාගෙන ආ ඉනිම ජීවන් බිලි දෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5කට ලකුණු 133කි.  

ධනංජය ද සිල්වා ද අද තරගයේ දී යම්තමින් හෝ ලකුණු පුවරුවට ගොඩවීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේය. අනවශ්‍ය පහරකට යමින් ඔහු පිටිය හැර යද්දී ඇන්ජලෝ මැතිව්ස් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් එක් කර තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් පිතිකරුවන් වූ තිසර පෙරේරා (02) ඉසුරු උදාන (6) ලසිත් මාලිංග (1) සහ නුවන් ප්‍රදීප් (නොදැවී 1) ලකුණු පුවරුවට වැඩි දායකත්වයක් ලබා නොදෙමින් ඉනිම් හැර ගියහ.  

පන්දු යැවීමේ දී ජොෆ්රා ආචර් සහ මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් දවා ගත් අතර ආදිල් රෂීඩ් කඩුලු 2ක් දවා ගත්තේය.

21 හැවිරිදි දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අද තරගයේ දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මංගල සහභාගීත්ව වරම් දිනා ගත්තේය. ඒ වෙනුවට ලහිරු තිරිමාන්නගේ ස්ථානය අහිමිව තිබූ අතර පෙර තරගයට ක්‍රීඩා කළ මිලින්ද සිරිවර්ධන වෙනුවට ජීවන් මෙන්ඩිස් ද අද තරගයට කැදවා තිබුණි.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 28 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
232/9 (50)

England
212/10 (47)

Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Jos Buttler b Jofra Archer 1 8 0 0 12.50
Kusal Perera c Moeen Ali b Chris Woakes 2 6 0 0 33.33
Avishka Fernando c Moeen Ali b Mark Wood 49 39 6 2 125.64
Kusal Mendis c Eoin Morgan b Adil Rashid 46 68 2 0 67.65
Angelo Mathews not out 85 115 5 1 73.91
Jeevan Mendis c & b Adil Rashid 0 1 0 0 0.00
Dhananjaya de Silva c Joe Root b Jofra Archer 29 47 1 0 61.70
Thisara Perera c Adil Rashid b Jofra Archer 2 6 0 0 33.33
Isuru Udana c Joe Root b Mark Wood 6 4 1 0 150.00
Lasith Malinga b Mark Wood 1 5 0 0 20.00
Nuwan Pradeep not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 4 , nb 0, w 6, pen 0)
Total 232/9 (50 Overs, RR: 4.64)
Fall of Wickets 1-3 (1.6) Dimuth Karunaratne, 2-3 (2.2) Kusal Perera, 3-62 (12.5) Avishka Fernando, 4-133 (29.4) Kusal Mendis, 5-133 (29.5) Jeevan Mendis, 6-190 (43.3) Dhananjaya de Silva, 7-200 (45.4) Thisara Perera, 8-209 (46.4) Isuru Udana, 9-220 (48.3) Lasith Malinga,

Bowling O M R W Econ
Chris Woakes 5 0 22 1 4.40
Jofra Archer 10 2 52 3 5.20
Mark Wood 8 0 40 3 5.00
Ben Stokes 5 0 16 0 3.20
Moeen Ali 10 0 40 0 4.00
Adil Rashid 10 0 45 2 4.50
Joe Root 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
JM Vince c Kusal Mendis b Lasith Malinga 14 18 2 0 77.78
Jonny Bairstow lbw b Lasith Malinga 0 1 0 0 0.00
Joe Root c Kusal Perera b Lasith Malinga 57 89 3 0 64.04
Eoin Morgan c & b Isuru Udana 21 35 2 0 60.00
Ben Stokes not out 82 89 7 4 92.13
Jos Buttler lbw b Lasith Malinga 10 9 1 0 111.11
Moeen Ali c Isuru Udana b Dhananjaya de Silva 16 20 0 1 80.00
Chris Woakes c Kusal Perera b Dhananjaya de Silva 2 4 0 0 50.00
Adil Rashid c Kusal Perera b Dhananjaya de Silva 1 2 0 0 50.00
Jofra Archer c Thisara Perera b Isuru Udana 3 11 0 0 27.27
Mark Wood c Kusal Perera b Nuwan Pradeep 0 4 0 0 0.00


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 212/10 (47 Overs, RR: 4.51)
Fall of Wickets 1-1 (0.2) Jonny Bairstow, 2-26 (6.5) JM Vince, 3-73 (18.4) Eoin Morgan, 4-127 (30.3) Joe Root, 5-144 (32.3) Jos Buttler, 6-170 (38.3) Moeen Ali, 7-176 (40.1) Chris Woakes, 8-178 (40.5) Adil Rashid, 9-186 (43.4) Jofra Archer, 10-212 (46.6) Mark Wood,

Bowling O M R W Econ
Lasith Malinga 10 1 43 4 4.30
Nuwan Pradeep 10 1 38 1 3.80
Dhananjaya de Silva 8 0 32 3 4.00
Thisara Perera 8 0 34 0 4.25
Isuru Udana 8 0 41 2 5.12
Jeevan Mendis 3 0 23 0 7.67