හේල්ස්ගේ පිතිකරණය නිසා තරගාවලිය සමවෙයි

362

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (7) පැවැත්විය. එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වීමත් සමඟම තරග 1-1ක් ලෙස තරගාවලිය සමකිරීමට එංගලන්තයට අවස්ථාව ලැබුණි.

නොදැවුණු ශතකයක් සමඟින් තිරිමාන්න වීරයා වෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය…

කාර්ඩිෆ් හි සොෆියා ගාර්ඩ්න් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම් නායක ඉයන් මෝර්ගන් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 22ක් ඇතුළත දවා ගැනීමට ප්‍රබල එංගලන්ත වේගපන්දු යවන්නන් සමත් විය. අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වූ නායක විරාට් කෝලී හා සුරේෂ් රයිනා ලකුණු 57ක සබඳතාවයක් ගොඩනංවමින් ඉන්දීය ලකුණු පුවරුවට යම් ජීවයක් ලබා දෙන ලදි.

4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 27ක් ලබා සිටි රයිනාව දවා ගැනීමට අදීල් රාශිඩ් සමත් විය. දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් අර්ධ ශතකයක් වෙත පියමං කළ කෝලීගේ ඉනිම නොසිතූ ලෙස ලකුණු 47කට සීමා විය. කෝලිගේ ඉනිම එක් 4 පහරකින් හා 6 පහර 2කින් අලංකාරවත් විය. අවසානයේ ඉන්දීය කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 148ක් පමණි.

ජේසන් රෝයි හා ජොස් බට්ලර් යන ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනා විසින් එංගලන්ත කණ්ඩායමට ආරම්භය ලබා දුන් අතර ඔවුන් දෙදෙනාම පිළිවෙළින් ලකුණු 15කට හා ලකුණු 14කට දවා ගැනීමට ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් සමත් විය. ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3 අඩු ලකුණකට දැවී ගිය ආකාරයෙන්ම එංගලන්තයේ පළමු කඩුලු 3 ද අවම ලකුණක් (ලකුණු 44ක්) වන විට දැවීගොස් අවසන්ව තිබුණි.

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට මොකද වෙන්නේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම සුවහසක් ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටි ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් ගිය බව වාර්තා වේ.

අනතුරුව දකුණතින් පිත්ත හසුරුවන ඇලෙක්ස් හේල්ස් හා එක්වූ නායක මොර්ගන්, ජොනී බෙයාර්ස්ටොව් යන ක්‍රීඩකයින් එංගලන්ත ඉනිම ගොඩනංවන ලද්දේ ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයකට ඇඳ දමිමිනි. අවසානයේ පන්දු 41ක් තුල 4 පහර 4ක් හා 6 පහර 3ක් සමඟ නොදැවී ලකුණු 58*ක් ලබාගත් හේල්ස් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයමින් තරගාවලිය 1-1ක් ලෙස සමකිරීමට සමත් වූයේ තෙවන විස්සයි විස්ස තරගය දෙසට මුළු ලෝකයාගේම අවධානය දිනා දීමට අවශ්‍ය මූලික වටපිටාව සකසාලමිනි. පන්දු යැවීමේ දී උමේෂ් යාදෙව් ඉන්දියාව වෙනුවෙන් කඩුලු 2ක් දවාලන ලදි.

ඉන්දීය කණ්ඩායම – 148/5 (20): විරාට් කෝලී 47, මහේන්ද්‍ර සිං දෝනි 32*, සුරේෂ් රයිනා 27, ඩේවිඩ් විලී 1/18.

එංගලන්ත කණ්ඩායම – 149/5 (19.4): ඇලෙක්ස් හේල්ස් 58*, ජොනී බෙයාර්ස්ටොව් 28,  උමේෂ් යාදෙව් 2/36.

  • තරගයේ වීරයා – ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය)

මෙම තරගාවලියේ අවසන් හා තීරණාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (8) එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පැවැත්වෙන අතර එහි තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<