එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයෙන් ඉගෙන ගනිමු

199

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (30) දිනයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරග වැදුණු අතර එහි දී ලකුණු 104ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

මේ ලිපිය එම තරගයෙන් ඉගෙන ගත හැකි කරුණු 3ක් පිළිබඳවයි.

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක ……..

විදුලියක් බඳු ආචර් තම දක්ෂතා පෙන්වයි.

එංගලන්තය වේගපන්දු යවන්නන් පිළිබඳ ගත් තීරණය නුවණැති පියවරක් බවට පත්කිරීමට ජොෆ්රා ආචර්ට හැකි විය.

බාබඩෝස් හිදී බ්‍රිතාන්‍ය ජාතික පියෙකුට දාව උපන් ජොෆ්රා ආචර්ට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වන්නේ පසුගිය මාර්තු මාසයේ සිටයි. තවමත් 24 හැවිරිදි ආචර් ජාත්‍යන්තර එක්දින තරග 3කට පමණක් ක්‍රීඩා කර තම දක්ෂතාවය පෙන්වා ලෝක කුසලානය සඳහා වන එංගලන්ත කණ්ඩායමට තේරී පත්විය.

කෙසේ නමුත් මුලදී එංගලන්ත ක්‍රිකට් තරු කලකිරීමට පත්ව පවසා සිටියේ ජොෆ්රා ආචර්ට පක්ෂපාතී සැලකිල්ලක් හිමි වූ බවයි.

නමුත් මෙතෙක් එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය සතු නොවූ සැබෑ වේගපන්දුවෙන් (raw pace) ලැබෙන අමතර තර්ජනය පෙන්වීමට ජොෆ්රා ආචර්, දකුණු අප්‍රිකා ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් හට පැයට කිලෝමීටර 146ක වේගයෙන් පන්දුවක් යැවීමට සමත් විය.

ආචර් යැවූ දෙවන පන්දුවාරයේ දී bouncer පන්දුවක් යවමින් හෂීම් අම්ලාගේ හිසෙහි වැදුණ අතර සෞඛ්‍ය නිලධාරීන් ඔහුව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ක්‍රීඩා පිටිය හැර ගිය නමුත් පසුව නැවත පැමිණියේය.

ජොෆ්රා ආචර් එවූ පන්දුවකට නිරුත්තර වූ දකුණු අප්‍රිකානු ක්රීඩක එයිඩන් මාක්‍රම්, slip ක්‍රීඩක ජෝ රූට් හට උඩ පන්දුවක් ලබා දෙමින් පිටිය හැර ගියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසි එංගලන්ත ක්‍රීඩක මොයින් අලී හට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ ආචර් පැයට සැතපුම් 93ක වේගයෙන් එවූ පන්දුව හරිහැටි ග්‍රහණය නොකර hook පහරක් එල්ල කළ නිසාවෙනි.

දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවන්ට දැඩි ලෙස පීඩනයක් එල්ල කිරීමට සමත් වූ ජොෆ්රා ආචර්, මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ හැකි’ය යන විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට සමත් විය.

ජොෆ්රා ආචර් තම තෙවැනි කඩුල්ල ලෙස ඔහුගේ නවතම bouncer පන්දුව යොදාගෙන රසී වැන් ඩර් ඩුසන් දවා ගැනීමත් සමඟ පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ප්‍රීතිඝෝෂා නැගීය.

අගහිඟකම් මැද කණ්ඩායම අත්නොහරින බංග්ලාදේශ ක්‍රීඩාලෝලියා

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය මේ වන විට ආරම්භ ………

නැවතත් ස්ටොක්ස් වැඩ පෙන්වයි.

එංගලන්ත කණ්ඩායමට තවමත් තුන් ඉරියව් ක්‍රීඩකයින් තුළ විශ්වාසය තැබිය හැකි බව පෙන්වමින් බෙන් ස්ටෝක්ස් ලකුණු 89ක් රැස් කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධාන තුරුම්පුව ලෙස ක්‍රීඩා කළේය.

පසුගිය වසරේ බ්‍රිස්ටල් හි රාත්‍රි සමාජ ශාලාවක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් නිදොස් වූ ඔහු මීට පෙර මෙන් තමන් දැක්වූ දක්ෂතාවයන් පෙන්වීමට ස්ටෝක්ස් හට අපහසු විය.

මෙම 27 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියෙන් කළින්ම ඉවත් වී පැමිණෙන්නේ පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් යන දෙකෙහිම දක්ෂතා අතර නොසිටීම හේතුවෙනි.

නමුත් පාකිස්තානය සමඟ ට්රෙන්ට් බ්රිජ් හි පැවති තරගයේ දී නොදැවී ලකුණු 71ක් රැස් කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙයවීමට බෙන් ස්ටෝක්ස් සමත් විය.

චිත්ත ධෛර්යය ගොඩනැගීම වැනි ක්‍රියාවල ස්ටෝක්ස් පෙරමුණ ගෙන ක්‍රියා කරන අතර මෙවර ලෝක කුසලානය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ද ඔහුගේ හැකියාවන් උදව් විය.

පන්දු 4ක දී හතරේ පහර 3ක් එල්ල කර තම අර්ධ ශතකය රැස්කළ නමුත් එය ඔහුගේ පූර්ණ දක්ෂතාවය ම නොවේ.

තම පන්දු 79ක ඉනිමේ දී හතරේ පහර 9ක් එල්ල කරමින් නායක ඔයින් මෝගන් සමඟ ශතක සබඳතාවයක් පිහිටුවමින් බෙන් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම තරගයේ තබා ගැනීමට සමත් විය.

ඊයේ දින පැවති තරගයේ දී පන්දු යැවීමෙන් ද දක්ෂතා දක්වමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ බෙන් ස්ටෝක්ස් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ලබා ගත් විස්මයජනක උඩ පන්දුවක් ද ලබා ගැනීමට සමත් විය.

හතරේ සීමාව අසල පසුපසට පනිමින් එක් අතකින් ලබාගත් එම උඩ පන්දුවෙන් ෆෙලුක්වායෝ දැවී ගිය අතර BBC හි ෆිල් ටෆ්නල් පවසා සිටියේ එය “සියවසේ උඩ පන්දුව” බවයි.

​එකම දින කඩඉම් දෙකක් පසුකරමින් මෝගන් වාර්තා පොතට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සමාරම්භ කරමින් …………

එංගලන්තය පුදුම කළ තාහීර්.

තරගයේ පළමු පන්දුවාරය යැවීම සඳහා දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි පා දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර්ව කැඳවන්නේ සැවොම පුදුමයට පත් කරවමිනි.

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් උරහිසෙහි ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයෙන් ඉවත් වී සිටි අතර දඟපන්දු යවන්නෙකු ලෝක කුසලාන තරගයක පළමු පන්දුවාරය ක්‍රියාත්මක කිරීම එංගලන්ත කණ්ඩායමට පීඩනයක් එල්ල කරයි යන්න ප්ලෙසිගේ මතය විය.

40 හැවිරිදි ක්‍රීඩකයෙකු වන ඉම්රාන් තාහීර් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන අතර පසුගිය වසර 5 පුරාවට ඔහු ඉතා දක්ෂ අයුරින් පන්දු යැවීමෙහි නිරත විය.

තම නායක ෆෆ් ඩු ප්ලෙසි ලබා දුන් අභියෝගය සාර්ථක කර ගනිමින් තරගයේ යැවූ දෙවන පන්දුවේ දී එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ජොනි බෙයාස්ටෝව් දවා ගැනීමට සමත් විය.

බෙයාස්ටෝව්ගේ පිත්තේ දැවටී කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ලබාගත් උඩ පන්දුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට යම් ආරම්භයක් ලබා දුන්න ද එය සාර්ථක වූයේ නැත.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<