Home Sinhala බට්ලර්ගේ හා රූට්ගේ ශතකයන් අපතේ යයි!

බට්ලර්ගේ හා රූට්ගේ ශතකයන් අපතේ යයි!

154

2019 ලෝක කුසලාන තරගාවලියේ හයවැනි තරගය අද (03) එංගලන්තයේ නොටිංග්හැම් නුවර දී නිමාවට පත්විය. එංගලන්තය හා පාකිස්තානය අතර පැවති මෙම තරගයෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරදවා ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

ව්‍යාඝ්‍රයින් පළමු තරගයේ දී ම ඉතිහාසගත ජයක් ලබයි

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක් මෙය නැරඹීමට……

කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ඇරයුම් කළේය.

පාකිස්තානය වෙනස්කම් දෙකක් සමඟින් මෙම තරඟයට පිවිසියේ හරීස් සොහේල් හා ඉමාඩ් වසීම් වෙනුවට ෂොයිබ් මලික් හා අසීෆ් අලි හට අවස්ථාව ලබා දෙමිනි. එංගලන්තය ද ලියම් ප්ලන්කට්ගේ ස්ථානයට මාක් වුඩ් කැඳවූයේ වඩා වැඩි වේගයක් සහිත පන්දු යවන්නෙකුගේ වාසිය ලබා ගැනීමේ අරමුණිනි.

පෙර තරගයේ සිදු වූ දුර්වල ක්‍රීඩා විලාසය අමතක කළ පාකිස්තානු පිතිකරුවෝ සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී දැවැන්ත ලකුණු 348ක් වාර්තා කළහ. මෙහි දී එංගලන්ත ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම, පාකිස්තානයට එතරම් ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බොහෝ සෙයින් උපකාරී විය.

ජොස් බට්ලර් හා ජෝ රූට් ශතකයන් දෙකක් වාර්තා කළ ද එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 334ක් පමණි.

පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල් හක් හා ෆකාර් සමාන් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 82කි.

ලකුණු 36ක් ලබා සිටි ෆකාර් සමාන් දවා ගත් මොයින් අලි එම සම්බන්ධතාවය බිඳ දැමූ අතර පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 111ක් වන විට ඉමාම් උල් හක්ගේ කඩුල්ල ද දවා ගැනීමට මොයින් අලි සමත් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තරගය සිය පාලනයට නතු කර ගැනීමට පාකිස්තානු මැදපෙළ පිතිකරුවන් සමත් වූ අතර ඔවුන් ඉහළ දල ලකුණු වේගයක් පවත්වා ගනිමින් සිය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යන ලදි.

දකුණු අප්‍රිකාව කලින්ම ”පිස්සු කෙළින” ලකුණු

දකුණු අප්‍රිකාව සහ ලෝක කුසලාන ක්‍රිකට් අතර ඇත්තේ එතරම් මිහිරි සම්බන්ධයක් නම් නොවේ. ලෝක කුසලානයේ…….

මෙහි දී මොහොමඩ් හෆීස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු විසින් ලකුණු 14ක් ලබා සිටිය දී ලබා දුන් උඩ පන්දුව ජේසන් රෝයි විසින් අතහැරීම නිසා ඔහුව දවා ගැනීමට තිබූ අවස්ථාවක් එංගලන්තයට අහිමි වී ගියේය. ඉන් උපරිම ඵල නෙලා ගත් හෆීස් පන්දු 62ක දී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 84ක් වාර්තා කළේය.

ඊට අමතරව බාබර් අසාම් පන්දු 66ක දී ලකුණු 63ක් හා නායක සර්ෆරාස් අහමඩ් පන්දු 44ක දී ලකුණු 55ක් ලබා ගනිමින් හෆීස් වෙත හොඳ සහයෝගයක් ලබා දෙන ලදි.

ඒ අනුව පසුපෙළ පිතිකරුවන්ගේ ද දායකත්වය ද සමඟින් පාකිස්තානය නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 8 දැවී ලකුණු 348ක් වාර්තා කරන ලදි.

සාර්ථක පන්දු යැවීමක නිරත වූ මොයින් අලි කඩුලු 3ක් හා මාක් වුඩ් කඩුලු 2ක් දවා ගත්තේ ය. සෙසු පන්දු යවන්නන් හට සාර්ථක වීමට පාකිස්තානු පිතිකරුවන් ඉඩ ලබා නොදුන් අතර ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් ලබා ගත්ත ද ඔහුගේ පන්දුවාර 8 තුළ දී ලකුණු 71ක් ප්‍රතිවාදීන් හට ලබා දී තිබුණි.

ලකුණු 349ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්  හට පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ වුවද සාර්ථක වීම එතරම් පහසු කාර්යයක් වූයේ නැත.

Video – පරාජයන් හැමදාම අමතක කරන්න බැහැ – මාලිංග

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගය හෙට (04) කාර්ඩිෆ්…….

එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් පාකිස්තානු දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වන විට සාර්ථක වූ එකම පිතිකරුවන් යුගලය වූයේ ජෝ රූට් හා ජොස් බට්ලර් පමණි.

ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක සම්බන්ධතාවයක් පැවති අතර එය බිඳ වැටුණේ ජෝ රූට්, ශාහ්ඩාබ් කාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 107කට දැවී යාමත් සමඟිනි.

ඉන්පසු බට්ලර් හා මොයින් අලි සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සහ කළ ද බට්ලර්ගේ දැවී යාමෙන් අනතුරුව තරගය එංගලන්ත කණ්ඩායමෙන් ගිලිහී ගියේය. මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ බට්ලර් දැවී යන විට පන්දු 76ක දී ලකුණු 103ක් රැස්කර ගෙන සිටියේ ය.

අවසානයේ එංගලන්තය පන්දුවාර 50 නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 334ක් ලබා ගත් අතර පාකිස්තානයට ලකුණු 14ක ජයක් හිමි විය.

පන්දු යැවීමේ දී වාහබ් රියාස් කඩුලු 3ක් ද මොහොමඩ් අමීර් හා ශාහ්ඩාබ් කාන් අතරේ කඩුලු 2 බැගින් ද බෙදී ගියේය.

පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් හෆීස් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ මීළඟ තරගය හෙට (04) ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කාඩිෆ් දී පැවැත්වීමට නියමිත ය.

Result


England
334/9 (50)

Pakistan
348/8 (50)

Batsmen R B 4s 6s SR
Imam-ul-Haq c Chris Woakes b Moeen Ali 44 58 3 1 75.86
Fakhar Zaman st Jos Buttler b Moeen Ali 36 40 6 0 90.00
Babar Azam c Chris Woakes b Moeen Ali 63 66 4 1 95.45
Mohammad Hafeez c Chris Woakes b Mark Wood 84 62 8 2 135.48
Sarfaraz Ahmed c & b Chris Woakes 55 44 5 0 125.00
Asif Ali c Jonny Bairstow b Mark Wood 14 11 0 1 127.27
Shoaib Malik c Eoin Morgan b Chris Woakes 8 8 0 0 100.00
Wahab Riaz c Joe Root b Chris Woakes 4 2 1 0 200.00
Hasan Ali not out 10 5 0 1 200.00
Shadab Khan not out 10 4 2 0 250.00


Extras 20 (b 1 , lb 8 , nb 0, w 11, pen 0)
Total 348/8 (50 Overs, RR: 6.96)
Fall of Wickets 1-82 (14.1) Fakhar Zaman, 2-111 (20.1) Imam-ul-Haq, 3-199 (32.5) Babar Azam, 4-279 (42.4) Mohammad Hafeez, 5-311 (46.1) Asif Ali, 6-319 (47.2) Sarfaraz Ahmed, 7-325 (47.5) Wahab Riaz, 8-337 (49.1) Shoaib Malik,

Bowling O M R W Econ
Chris Woakes 8 1 71 3 8.88
Jofra Archer 10 0 79 0 7.90
Moeen Ali 10 0 50 3 5.00
Mark Wood 10 0 53 2 5.30
Ben Stokes 7 0 43 0 6.14
Adil Rashid 5 0 43 0 8.60


Batsmen R B 4s 6s SR
Jason Roy lbw b Shadab Khan 8 7 2 0 114.29
Jonny Bairstow c Sarfaraz Ahmed b Wahab Riaz 32 31 4 1 103.23
Joe Root c Mohammad Hafeez b Shadab Khan 107 104 10 1 102.88
Eoin Morgan b Mohammad Hafeez 9 18 1 0 50.00
Ben Stokes c Sarfaraz Ahmed b Shoaib Malik 13 18 1 0 72.22
Jos Buttler c Wahab Riaz b Mohammad Amir 103 76 9 2 135.53
Moeen Ali c Fakhar Zaman b Wahab Riaz 19 20 1 0 95.00
Chris Woakes c Sarfaraz Ahmed b Wahab Riaz 21 14 1 1 150.00
Jofra Archer c Wahab Riaz b Mohammad Amir 1 2 0 0 50.00
Adil Rashid not out 3 4 0 0 75.00
Mark Wood not out 10 6 0 0 166.67


Extras 8 (b 0 , lb 3 , nb 0, w 5, pen 0)
Total 334/9 (50 Overs, RR: 6.68)
Fall of Wickets 1-12 (2.1) Jason Roy, 2-60 (8.6) Jonny Bairstow, 3-86 (14.5) Eoin Morgan, 4-118 (21.2) Ben Stokes, 5-248 (38.5) Joe Root, 6-288 (44.3) Jos Buttler, 7-320 (47.5) Moeen Ali, 8-320 (47.6) Chris Woakes, 9-322 (48.4) Jofra Archer,

Bowling O M R W Econ
Shadab Khan 10 0 63 2 6.30
Mohammad Amir 10 0 67 2 6.70
Wahab Riaz 10 0 82 3 8.20
Hasan Ali 10 0 66 0 6.60
Mohammad Hafeez 7 0 43 1 6.14
Shoaib Malik 3 0 10 1 3.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<