ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවති එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ එංගලන්තය ලකුණු 30කින් තරගය ජයග්‍රහණය කරමිනි. මේ තරගය පරාජය වීමට ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පන්දු රැකීමයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට හෙට (27) තවත් සුවිශේෂී වාර්තාවක් එකතු වන්නේ දෙරට අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙය වීම නිසාවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරග 5කින් ..

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් රැස්කර ගන්නා ලදි. එයට පිළිතුරු දුන් ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලබාගත්තේ ලකුණු 157ක් පමණි.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි දකුණතින් පිත්ත හසුරුවන ජේසන් රෝයි හා ජෝස් බට්ලර් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වෙමින් පන්දු 20ක් තුල ලකුණු 41ක් රැස්කර ගත්තේය. එවන් ප්‍රබල මොහොතක පන්දුව අතට ගත් දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු 4 පහර 3ක් සමඟ පන්දු 7ක දී ලකුණු 13ක් ලබාගෙන සිටි බට්ලර්ව දවා ගත්තේ චන්දිමාල්ගේ දක්ෂ උඩ පන්දු රැකීමත් සවියක් කරගෙනයි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 4යි.

එක් පන්දුවාරයක් තුල එංගලන්ත කඩුලු 2ක් එක ළඟ බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය ගොඩනඟාගත් දල ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් දුරට අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ නමුත් ජේසන් රෝයි විසින් ලබා දුන් පහසු උඩපන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යාම එංගලන්ත ලකුණු පුවරුවේ සවියට ඉතාමත් සුබදායි විය.

ලසිත් මාලිංග හා ලක්ෂාන් සඳකැන් එක්ව දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් ලකුණු 11ක් ලබා සිටි මෝගන්ව එංගලන්ත ඉනිමේ තෙවන කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට හරවා යවද්දී අනෙක් අන්තයෙන් ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වීමට ජේසන් රෝයි සිය පිත්ත මුවහත් කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය හදිසියේ වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරා යන දෙදෙනාම හෙට (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයෙන්…

4 පහර 4ක් හා පිටිය සිසාරා එල්ල වුන දැවැන්ත 6 පහර 6කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කළ රෝයි පන්දු 36ක දී ලකුණු 69ක් ලබා ගත්තේ 192කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි. එම ඉනිම එතෙක් දුර ගෙන යාමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් ද අවස්ථාවන් තුනක දී ඔහුට සහය ලබා දීම කනගාටුවට කරුණකි.

දකුණතින් පිත්ත හසුරුවන  රෝයි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය මේ තරගයේ දී ලබා ගන්නා ලදි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මිනිත්තු 45ක පමණ කාලයක් තරගය නවතා දැමූ අතර වර්ෂාව නැවතුණු පසුව නැවතත් තරගය ආරම්භ වූයේ තරගයේ පන්දුවාර ගන්නේ කිසිදු වෙනසක් සිදුනොකරමිනි.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ දකුණතින් පිත්ත හසුරුවන බෙන් ස්ටොක්ස් වමතින් පිත්ත හසුරුවන මොයින් අලී හා එක්වෙමින් පන්දු 20ක් තුල වේගවත් ලකුණු 38ක් එංගලන්ත ලකුණු පුවරුවට එකතු කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූහ. දකුණතින් දඟපන්දු යවන ධනංජය ද සිල්වා එම සබඳතාවයට තිත තබමින් පන්දු 11කදී එක් 4 පහරක් හා 6 පහර 3ක් සමඟ ලකුණු 27ක් ලබාගත් අලීව දවා ගන්නා ලදි.

>>ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස තරගයේ සේයා රූ <<

එංගලන්ත කණ්ඩායම සිය ඉනීමේ අවසන් පන්දු 34 තුල කඩුලු 3ක් දවාගෙන රැස්කර ගත්තේ ලකුණු 42ක් පමණයි. දල වශයෙන් බැලූ විට එම පන්දුවාර කිහිපය තුල එංගලන්ත පිතිකරුවන් පැහැදිලි ලෙසම පාලනය කිරීමට දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එංගලන්ත මැදපෙළ සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පන්දු 27ක් වැය කරමින් එක් 4 පහරක් හා 6 පහරක් සමඟ රැස්කර ගත්තේ ලකුණු 26ක් පමණි.

පන්දු යැවීමේ දී ආබාධයකට ලක්වූ අකිල දනංජය වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට කැඳවූ දඟපන්දු යවන ක්‍රීඩක අපොන්සු ලකුණු 29කට කඩුලු 2ක් දවා ගන්නා විට කලකට පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලකුණු 30කට කඩුලු 2ක් දවාගත්තේය.

ලකුණු 188 ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2කම මුල් පන්දුවාර තුන තුල දවා ගැනීමට දකුණතින් පා දඟපන්දු යවන ජෝ ඩෙන්ලි සමත් විය. ඔහු මේ තරගය සඳහා සහභාගී වූයේ වසර 8කට පසුව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙසයි.

කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල පිළිවෙළින් එක් ලකුණකට හා ලකුණු 3කට දැවී ගිය පසුව පිටියේ එකතු වූ චන්දිමාල් හා දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී චන්දිමාල් එල්ල කළ switch hit පහරක් අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. චන්දිමාල් 4 පහර 4ක් සමඟ එම ලකුණු 26 රැස්කර ගත්තේ පන්දු 20ක් පමණක් වැය කරමිනි.

සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නවකයෙක් වුවත් පළමු පන්දුවේ සිටම කිසිදු කලබලයකින් තොරව අලංකාරවත් ලෙසත් දක්ෂ ලෙසත් පිතිකරණයේ නිරත විය. වමතින් පිත්ත හසුරුවන කමිඳු 4 පහර 3ක් හා එක් දැවැන්ත 6 පහරක් සමඟින් ලකුණු 24ක් රැස්කර ගන්නා ලදි. ඔහු අදිල් රෂිඩ්ගේ පන්දුවකට ඇලෙක්ස් හෙල්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යනවාත් සමඟම ධනංජය ද සිල්වා ද ලකුණු 17ක් ලබාගෙන සිටිය දී ක්‍රීඩාගාරය දෙසට හැරෙන්නට විය.

ක්ලෙමෙන්ට් ආරම්භ කළ බාබර් අළුත් කළ 99 අවාසනාවන්තයෝ

ටෙස්ට් ක්‍රිකට් ලොව විවිධ වූ වාර්තාවලින් සමන්විත ය. එහි දී වාසනාවන්ත වාර්තා සේ ම කිසිවෙකුත් අපේක්ෂා නොකරන අවාසනාවන්ත වාර්තා ද ඇත. පසුගිය 19 වැනිදා අබුඩාබි ෂෙයික් ෂායිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පාකිස්තානයේ බාබර් අසාම් ටෙස්ට් වාර්තා පොත නැවත පෙරළීමට අවස්ථාව උදා කළේය.

තිසර පෙරේරා ශ්‍රී ලංකා මැදපෙළ හා පසුපෙළ එකතු කර ගනිමින් එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සූදානම් වුවත් ඔහුට ඒ සඳහා නිසි සහයක් ලැබු‍‍ණේ නැත.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තෙවන අර්ධ ශතකය ලබා ගත් තිසර එක් 4 පහරක් හා 6 පහර 6ක් සමඟ ලකුණු 54ක් ලබාගෙන සිටිය දී ජෝ ඩෙන්ලිගේ පන්දුවකට දැවී ගියේ ජේසන් රෝයිගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. තිසර එම සටන්කාමී ඉනිම දියත් කළේ ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 31ක් පමණක් වැය කරමිනි. තිසර මේ ලබා ගත් අර්ධ ශතකය එංගලන්තයට එරෙහිව ඔහු ලබා ගත් පළමු විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසට ද වාර්තා පොත් අතරට එකතු විය. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 158කට සීමා වූයේ මෙවර තරගාවලියේ විස්සයි විස්ස කුසලානයත් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමිනි.  

ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කරමින් ඉතාමත් හොඳින් පන්දු යැවූ එංගලන්ත දඟපන්දු යවන්නන් වන ජෝ ඩෙන්ලි හා අදිල් රෂිඩ් අතරේ පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් බැගින් බෙදී ගියේය.

එංගලන්තය – 187/8 (20): ජේසන් රෝයි 69, මොයින් අලී 27, බෙන් ස්ටොක්ස් 26,  අමිල අපොන්සු 2/29, ලසිත් මාලිංග 2/30

ශ්‍රී ලංකාව – 157/10 (20): තිසර පෙරේරා 57, දිනේෂ් චන්දිමාල් 26, කමිඳු මෙන්ඩිස් 24, ජෝ ඩෙන්ලි 4/19, අදිල් රෂිඩ් 3/12.

තරගයේ වීරයා – ජෝ ඩෙන්ලි (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මස 6 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී  ආරම්භ වේ. තරගාවලියේ අවසානය දක්වා තරග වාර්තා, එසැණ තොරතුරු හා සේයාරූ, ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

England

187/8

(20 overs)

Result

Sri Lanka

157/10

(20 overs)

England won by 30 runs

England ‘s Innings

Batting R B
Jason Roy c N Dickwella b L Sandakan 69 36
Jos Butler c D Chandimal b A Aponso 13 7
Alex Hales lbw by A Aponso 4 3
Eoin Morgan (runout) L Malinga 11 10
Ben Stokes b L Malinga 26 27
Moeen Ali b D De Silva 27 11
Joe Denly c K Mendis b L Malinga 20 17
Adil Rashid b I Udana 5 3
Liam Plunkett not out 7 5
Chris Jordan not out 2 1
Extras
3 (lb 1, w 2)
Total
187/8 (20 overs)
Fall of Wickets:
1-41 (J Butler, 3.2 ov), 2-45 (A Hales, 3.5 ov), 3-60 (E Morgan, 6.2 ov), 4-107 (J Roy, 10.6 ov), 5-145 (M Ali, 14.2 ov), 6-173 (J Denly, 18.2 ov), 7-173 (B Stokes, 18.3 ov), 8-185 (A Rashid, 19.5 ov)
Bowling O M R W E
Lasith Malinga 4 0 30 2 7.50
Amila Aponso 3 0 29 2 9.67
Isuru Udana 3 0 24 1 8.00
Lakshan Sandakan 4 0 39 1 9.75
Kamindu Mendis 3 0 27 0 9.00
Thisara Perera 1 0 15 0 15.00
Dhananjaya de Silva 2 0 22 1 11.00

Sri Lanka’s Innings

Batting R B
Niroshan Dickwella b J Denly 3 7
Kusal Mendis b J Denly 1 3
Dinesh Chandimal c A Hales b A Rashid 26 20
Dhananjaya de Silva lbw by A Rashid 17 19
Kamindu Mendis c A Hales b A Rashid 24 14
Thisara Perera c J Roy b J Denly 57 31
Dasun Shanaka b L Plunkett 10 13
Isuru Udana c B Stokes b C Jordan 2 3
Amila Aponso b C Jordan 0 2
Lasith Malinga b J Denly 5 7
Lakshan Sandakan not out 1 1
Extras
11 (b 5, lb 5, w 1)
Total
157/10 (20 overs)
Fall of Wickets:
1-7 (K Mendis, 0.6 ov), 2-16 (N Dickwella, 2.5 ov), 3-49 (D Chandimal, 6.5 ov), 4-77 (Kamindu, 10.1 ov), 5-77 (De Silva, 10.3 ov), 6-110 (D Shanaka, 14.5 ov), 7-119 (I Udana, 15.4 ov), 8-119 (A Aponso, 15.6 ov), 9-156 (T Perera, 19.4 ov), 10-157 (L Malinga, 19.6 ov)
Bowling O M R W E
Joe Denly 4 0 19 4 4.75
Tom Curran 4 0 40 0 10.00
Chris Jordan 4 0 29 2 7.25
Adil Rashid 4 0 11 3 2.75
Liam Plunkett 2 0 24 1 12.00
Moeen Ali 2 0 24 0 12.00