එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන නිකුත් වේ

1307
courtsey - Sky Sports

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරග 5කින්, ටෙස්ට් තරග 3කින් සහ එක් පන්දුවාර 20 තරගයකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

[rev_slider LOLC]

ශකීබ්ට හා නරුල්ට එරෙහිව තරග තීරකවරයා ක්‍රියාත්මක වේ

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට්…

එහි එක්දින තරගාවලියේ පළමු තරග දෙක දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව පැවැත්වෙන අනෙක් තරග දෙක මහනුවර දී පැවැත්වෙනු ඇත. පසුව පැවැත්වෙන අවසන් එක්දින තරගය සහ පන්දුවාර 20 තරගය කොළඹ දී පැවැත්වීමට නියමිත අතර ටෙස්ට් තරගාවලියේ තරග තුන පිළිවෙළින් ගාල්ල, මහනුවර සහ කොළඹ දී පැවැත්වෙනු ඇත.

ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 06 වන දිනත්, දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් මස 14 වන දිනත් ආරම්භ වීමට නියමිත අතර තෙවන හා අවසන් ටෙස්ට් තරගය ආරම්භ වන්නේ නොවැම්බර් මස 23 වන දින වේ.

මේ දක්වා ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව තුළ එතරම් දස්කම් දක්වන්නට එංගලන්තය අසමත් වී ඇති අතර ඒ අනුව මෙම තරගාවලියේ දී ඔවුන් ඉහළ දස්කම් දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව නොඅනුමානය. ශ්‍රී ලංකාවේ දී ඔවුන් ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක් ඔවුන් පරාජයට පත්වෙද්දී ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරග 4ක් පමණි. ඉතිරි තරග 4 ජය-පරාජයෙන් තොරව අවසන් වී ඇත. කෙසේ නමුත් 2012 වසරේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දී ඔවුන් ඉහළ දස්කම් දක්වමින් තරගාවලිය ජය-පරාජයෙන් තොරව අවසන් කරගන්නට සමත් විය.

ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට

තරගයේ තිබූ තියුණු මුහුණුවර දෙපිළේ ක්‍රීඩකයන් අතර වූ උණුසුම්කාරී තත්ත්වයක් දක්වා…

තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ එක්දින තරග ඉතිහාසය ද එතරම් සාධනීය එකක් නොවන අතර ශ්‍රී ලංකාව තුළ ඔවුන් ක්‍රීඩා කර ඇති එක්දින තරග 21න් තරග 15ක්ම පරාජයට පත්වෙද්දී ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරග 6ක් පමණි. අවසන් වරට 2014 වසරේ දී පැවති තරග 7කින් සමන්විත වූ තරගාවලියේ දී ඔවුන් තරග 5ක්ම පරාජයට පත්විය.

තරග කාලසටහන

දිනය තරගය ස්ථානය
2018 ඔක්තෝබර් 10 01st ODI – (D/N) රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 ඔක්තෝබර් 13 02nd ODI – (DAY) රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 ඔක්තෝබර් 17 03rd ODI – (D/N) පල්ලෙකැලේ  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 ඔක්තෝබර් 20 04th ODI – (DAY) පල්ලෙකැලේ  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 ඔක්තෝබර් 23 05th ODI – (D/N) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 ඔක්තෝබර් 10 01st ODI – (D/N) රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 ඔක්තෝබර් 27 T20 (D/N) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 නොවැම්බර් 6-10 01st Test Match ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 නොවැම්බර් 14-18 02nd Test Match පල්ලෙකැලේ  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
2018 නොවැම්බර් 23-27 03rd Test Match එස්. එස්. සී. ක්‍රීඩාංගණය

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<