ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

282

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 211ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.  

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 447ක් අවශ්‍ය වූ අතර ඔවුන් අද (09) පස්වරුවේ දිනය අවසන් වීමට තවත් පන්දුවාර 11ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 250ක් පමණි.

හේරත්ගේ සාර්ථක නික්ම යෑමකට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසාන වූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 462ක ජයග්‍රාහී ඉලක්කයක් පසු පස…

තරගයේ තෙවැනි දිනය අවසාන වූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 462ක ජයග්‍රාහී ඉලක්කයක් පසු පස යන ගමනේ දී දිමුත් කරුණාරත්න (07) සහ කෞෂාල් සිල්වා (08) නොදැවී පිටියේ රැඳී සිටිමිනි. ඒ වෙද්දී  ශ්‍රී ලංකා කඩුලු නිරුපද්‍රිතව තිබුණි. නමුත් දිවා විවේකය වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් බිඳ වැටුණි. ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ ලකුණු 98ක් පමණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ. ඔවුන් අතරින් පළමුවෙන් කඩුල්ල අහිමි කර ගත්තේ කෞෂාල් සිල්වා ය. ඔහු පන්දු 59කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී ජැකි ලීච්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ය.

දිමුත් කරුණාරත්න ද ඊට ලකුණු 8කට පසුව මොයින් අලිගේ පන්දුවකට ඔහුගේම අතට උඩ පන්දුවක් දී ලකුණු 26කට දැවී ගියේ ය. ඔහු පන්දු 86කට මුහුණ දී හතරේ පහරක් තම ඉනිමට එක්කර ගෙන සිටියේ ය.

දිවා විවේකයට ප්‍රථම බෙන් ස්ටොක්ස් යැවුණ අවසන් පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී ධනංජය ද සිල්වා ද තමන්ගේ කඩුල්ල අහිමි කර ගත්තේ ය. ජෝ රූට් ලබා ගත් උඩ පන්දුව හේතුවෙන් ධනංජය දැවී යන විට පන්දු 44කට මුහුණ දී හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩ බලන්න කමිටු තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා එය ස්ථාවර වන තෙක් එහි පරිපාලන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම්වල එක් නියෝජිතයෙකුගෙන්…

දිවා විවේකයෙන් පසුව ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියට එක් වූ අතර ඔහු හා කුසල් මෙන්ඩිස් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් එක් කළහ. එම කඩුල්ලේ සබඳතාව කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟ අවසන් විය. මෙන්ඩිස් අද ලකුණු 45ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් පන්දු 77ක් ඔහු වැය කළ අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

නායක දිනේෂ් චන්දිමාල්ට ද අද දිනයේ දී තම කණ්ඩායම වෙනුවෙන් වැදගත් යමක් කිරීමේ හැකියාවක් නොලැබුණි. මෙන්ඩිස් දැවී ගොස් ලකුණු 10ක් පමණක් ඉනිමට එක් වෙද්දී චන්දිමාල් ජැක් ලීච්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී ගියේ ය. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි.

මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වෙමින් සිටිය දී මැතිව්ස් තම අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය. තමන් මුහුණ දුන් 85 වැනි පන්දුවේ දී මැතිව්ස් මේ දක්ෂතාව කළේය. තරගය තේ විවේකය සඳහා නතර කරද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 190 රැඳී තිබුණ අතර මැතිව්ස් නොදැවී ලකුණු 50ක් ද, දික්වැල්ල නොදැවී ලකුණු 16ක් ද ලබා සිටිය හ.

>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

මැතිව්ස් සහ දික්වැල්ල අතර ලකුණු සබඳතාව 36ක් වෙද්දී දික්වැල්ල තම කඩුල්ල හැර ගියේ ය. ඒ වෙද්දී ඔහු ලකුණු 16ක් ලබා සිටියේ ය. කඩුල්ලේ හිමිකාරිත්වය මොයින් අලි සතු විය. අනතුරුව අලි විසින් යැවුණ අනෙක් පන්දුවාරයේ දී එතෙක් පිටියේ සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි මැතිව්ස් ද දවා ගැනීමට සමත් විය. මැතිව්ස් ඒ වෙද්දී පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියේ ය. ඒ අනුව පළමු ඉනිමේ දී සේ ම දෙවැනි ඉනිමේ දී ද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට මැතිව්ස් සමත් විය.

පසුපෙළ පිතිකරුවන් අතරින් ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ඉනිමේ අවසානය පමා කළේ ලකුණු 30ක් ලබා ගනිමිනි. ඔහු පන්දු 49කට මුහුණ දුන් අතර තම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත් කළේය.

හේරත්ට ජයග්‍රාහී නික්ම යෑමක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ක්‍රිකට් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (06) ගාල්ල…

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට සුරංග ලක්මාල් නොදැවී ලකුණු 14ක් ලබා සිටි අතර අකිල දනංජය ලකුණු 08ක් ලබා ගත්තේ ය. රංගන හේරත් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පිතිකරු භූමිකාව නිමා කළේ දුවද්දී දැවී යෑමට හසුවෙමිනි. ඒ වෙද්දී ඔහු ලකුණු 5ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී මොයින් අලි කඩුලු 4ක් ද, ජැක් ලීච් 3ක් ලබා ගනිමින් ද දක්ෂතා දැක්වූහ.

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (97): කීට්න් ජෙනින්ස් 46, ජෝ රූට් 35, ජොස් බට්ලර් 38, බෙන් ෆෝකස් 107, සෑම් කරන් 48, සුරංග ලක්මාල් 3/73, ඩිල්රුවන් පෙරේරා 5/75

ශ්‍රී ලංකාව; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 203 (68): කුසල් මෙන්ඩිස් 19, ඇන්ජලෝ මැතිව්ස් 52, දිනේෂ් චන්දිමාල් 33, නිරෝෂණ දික්වැල්ල 28, ඩිල්රුවන් පෙරේරා 21, ජැක් ලීච් 2/41, මොයින් අලි 4/66, ආදිල් රෂීඩ් 2/30

එංගලන්තය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 322 (93): රොරි බර්න්ස් 23, කීට්න් ජෙනින්ස් නොදැවී 146, බෙන් ස්ටොක්ස් 62, ජොස් බට්ලර් 35, බෙන් ෆෝකස් 37, ඩිල්රුවන් පෙරේරා 2/94, රංගන හේරත් 2/59

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 250 (85.1):  දිමුත් කරුණාරත්න 20, කෞෂාල් සිල්වා 30, ධනංජය ද සිල්වා 21, කුසල් මෙන්ඩිස් 45, ඇන්ජලෝ මැතිව්ස් 53, ඩිල්රුවන් පෙරේරා 30, මොයින් අලි 4/71, ජැක් ලීච් 3/60

තරගයේ වීරයා: බෙන් ෆෝකස් (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

England

342/10 & 322/6

(93 overs)

Result

Sri Lanka

203/10 & 250/10

(85.1 overs)

England ‘s 1st Innings

Batting R B
Rory Burns c N Dickwella b S Lakmal 9 12
Keaton Jennings b D Perera 46 53
Moeen Ali b S Lakmal 0 1
Joe Root b R Herath 35 46
Ben Stokes b D Perera 7 19
Jos Butler c N Dickwella b D Perera 38 72
Ben Foakes c D De Silva b S Lakmal 107 202
Sam Curran c D Chandimal b A Dananjaya 48 104
Adil Rashid c D De Silva b D Perera 35 38
Jack Leach c D De Silva b D Perera 15 31
James Anderson not out 0 4
Extras
2 (b 1, lb 1)
Total
342/10 (97 overs)
Fall of Wickets:
1-10 (R Burns, 2.3 ov), 2-10 (M Ali, 2.4 ov), 3-72 (J Root, 16.1 ov), 4-98 (K Jennings, 21.1 ov), 5-103 (B Stokes, 23.3 ov), 6-164 (J Butler, 43.6 ov), 7-252 (S Curran, 77.2 ov), 8-306 (A Rashid, 87.4 ov), 9-330 (J Leach, 95.2 ov), 10-342 (B Foakes, 96.6 ov)
Bowling O M R W E
Suranga Lakmal 18 5 73 3 4.06
Dilruwan Perera 31 6 75 5 2.42
Akila Dananjaya 20 2 96 1 4.80
Rangana Herath 25 4 78 1 3.12
Dhananjaya de Silva 3 0 18 0 6.00

Sri Lanka’s 1st Innings

Batting R B
Dimuth Karunarathne c B Foakes b J Anderson 4 2
Kaushal Silva lbw by S Curran 1 6
Dhananjaya de Silva b M Ali 14 47
Kusal Mendis c B Stokes b J Leach 19 32
Angelo Mathews c K Jennings b M Ali 52 122
Dinesh Chandimal st B Foakes b A Rashid 33 72
Niroshan Dickwella c J Butler b M Ali 28 39
Dilruwan Perera c J Butler b J Leach 21 49
Akila Dananjaya c B Foakes b M Ali 0 3
Suranga Lakmal c J Anderson b A Rashid 15 20
Rangana Herath not out 14 16
Extras
2 (lb 2)
Total
203/10 (68 overs)
Fall of Wickets:
1-4 (D Karunarathne, 0.2 ov), 2-10 (K Silva, 3.3 ov), 3-34 (K Mendis, 13.2 ov), 4-40 (De Silva, 16.3 ov), 5-115 (D Chandimal, 43.2 ov), 6-136 (A Mathews, 49.3 ov), 7-171 (N Dickwella, 59.6 ov), 8-173 (A Dananjaya, 61.3 ov), 9-175 (D Perera, 62.6 ov), 10-203 (S Lakmal, 67.6 ov)
Bowling O M R W E
James Anderson 10 0 26 1 2.60
Sam Curran 6 1 16 1 2.67
Jack Leach 18 2 41 2 2.28
Moeen Ali 21 4 66 4 3.14
Adil Rashid 9 1 30 2 3.33
Ben Stokes 4 0 22 0 5.50

England ‘s 2nd Innings

Batting R B
Rory Burns (runout) D Karunarathne 23 65
Keaton Jennings not out 146 280
Moeen Ali c R Herath b D Perera 3 11
Joe Root c N Dickwella b R Herath 3 19
Ben Stokes b D Perera 62 93
Jos Butler c K Silva b R Herath 35 58
Ben Foakes c K Mendis b A Dananjaya 37 34
Sam Curran not out 0 0
Extras
13 (b 4, lb 7, nb 2)
Total
322/6 (93 overs)
Fall of Wickets:
1-60 (R Burns, 22.6 ov), 2-67 (M Ali, 26.3 ov), 3-74 (J Root, 31.3 ov), 4-181 (B Stokes, 60.5 ov), 5-258 (J Butler, 83.1 ov), 6-319 (B Foakes, 92.5 ov)
Bowling O M R W E
Dilruwan Perera 30 3 94 2 3.13
Suranga Lakmal 9 2 30 0 3.33
Rangana Herath 23 1 59 2 2.57
Akila Dananjaya 18.5 2 87 1 4.70
Dhananjaya de Silva 12.1 2 41 0 3.39

Sri Lanka’s 2nd Innings

Batting R B
Dimuth Karunarathne c & b M Ali 26 86
Kaushal Silva lbw by J Leach 30 59
Dhananjaya de Silva c J Root b B Stokes 21 44
Kusal Mendis c M Ali b J Leach 45 77
Angelo Mathews c J Butler b M Ali 53 92
Dinesh Chandimal b J Leach 1 11
Niroshan Dickwella c B Stokes b M Ali 16 32
Dilruwan Perera c B Stokes b A Rashid 30 49
Akila Dananjaya c B Stokes b M Ali 8 18
Suranga Lakmal not out 14 25
Rangana Herath (runout) B Stokes 5 18
Extras
1 (b 1)
Total
250/10 (85.1 overs)
Fall of Wickets:
1-51 (K Silva, 22.3 ov), 2-59 (D Karunarathne, 25.2 ov), 3-98 (De Silva, 37.2 ov), 4-144 (K Mendis, 50.5 ov), 5-154 (D Chandimal, 54.4 ov), 6-190 (N Dickwella, 66.1 ov), 7-197 (A Mathews, 68.4 ov), 8-229 (A Dananjaya, 76.6 ov), 9-239 (D Perera, 79.3 ov), 10-250 (R Herath, 85.1 ov)
Bowling O M R W E
Sam Curran 5 1 15 0 3.00
James Anderson 12 2 27 0 2.25
Moeen Ali 20 2 71 4 3.55
Adil Rashid 18.1 0 59 1 3.26
Jack Leach 21 1 60 3 2.86
Ben Stokes 8 2 16 1 2.00
Joe Root 1 0 1 0 1.00