ස්ටොක්ස්ගේ මැජික් දස්කම් සමඟ එංගලන්තය එකට එක කරයි

79

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 189ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (7) සමත් විය. 

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් ලෙස පැවැත්වෙන තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට එංගලන්තයට හැකි විය.

එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව වැඩ අල්ලයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ……..

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ආරම්භක සබඳතාවය 8ක් වන විට ආරම්භක පිතිකරු සැක් ක්‍රෝව්ලි (4) පිටියෙන් ඉවත් කිරීමට වර්නැන් පිලැන්ඩර් සමත් වූ අතර එතැන් පටන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩොමිනික් සිබ්ලි (34) සහ ජෝ ඩෙන්ලි (38) සමත් විය. 

සිබ්ලි හතරේ පහර 7ක් සමඟ එම ලකුණු වාර්තා කරගන්නා විට, ඩෙන්ලි හතරේ පහර 5ක් සමඟ ද ලකුණු රැස් කළහ.

කගිසේ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් සිබ්ලි දැවී යෑමත් සමඟ එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට් වේගවත්ව පිතිකරණයේ නිරත වෙමින් ලකුණු 35ක් රැස්කළ අතර එම ඉනිම සඳහා හතරේ පහර 5ක් අන්තර්ගත විය.

රූට්ගේ ඉනිම නිමා කළ ඇන්රිච් නොට්ජේ ඉන් නොනැවතී බෙන් ස්ටෝක්ස්ව ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ අතර ස්ටෝක්ස් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමඟ ලකුණු 47ක් වාර්තා කළේය. අවසානයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 269කට සීමා වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් රබාඩා කඩුලු 3ක් දවා ගන්නා ලදි.

Video – හලාවත මේරියන්ස් ඉනිමේ මැදපෙළ සවිමත් කළ රුමේෂ් බුද්ධික

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ 2019/20 ආරාධිත පළමු පෙළ ….

එම ඉනිමට පිළිතුරු දුන් දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 223කට සීමා වූ අතර ඩීන් එල්ගාර් සහ ඔවුන්ගේ ආරම්භය සවිමත් කරමින් ලකුණු 88ක් වාර්තා කර ගත් නමුත් ඔහු සමඟින් එක්ව ඉනිම ගොඩනැංවීම සඳහා පිතිකරුවෙක් නොමැති වීම නිසා ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 40ක් තුල බිඳ වැටී ගියේය. 

රාසි වැන්ඩර් ඩුසෙන් ඔවුන්ගේ පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් 4 පහර 7ක් සමඟ ලකුණු 68ක් ලබා ගත් නිසාවෙන් ලකුණු 150ක් වැනි මට්ටමකට සීමා වීමට ගිය දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 223ක් දක්වා රැගෙන යාමට හැකි විය. එහි දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 28 වැනි කඩුලු 5 අවස්ථාව දවා ගත් දකුණතින් වේගපන්දු යවන ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පළමු ඉනිමේ ලකුණු 46ක වාසියක් සමඟින් පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් හොඳ පිතිකරණයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කඩුලු 8ක් දැවී ලකුණු 391ක් ලබා ගනිමින් සිය ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කරන ලදි. 

එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 34ක් ලබා ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන ඩොමිනික් සිබ්ලි මේ ඉනිමේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගත්තේය. ඊට අමතරව නායක රූට් සහ ස්ටොක්ස් පළමු ඉනිම තුල දී ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වූ අර්ධ ශතක මේ ඉනිම තුල සපුරා ගෙන දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් පහර දෙන ලදි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 438ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 248ක් පමණි.

එහි දී ආරම්භක පිතිකරු පීටර් මැලන් හතරේ පහර 3ක් සමඟ ලකුණු 85ක් ද, ක්වින්ටින් ඩි කොක් හතරේ පහර 7ක් සමඟ ලකුණු 50ක් ද රැස් කරන ලදි.

තරගයේ අවසන් දිනයේ පළමු කඩුල්ල ලෙස කේෂව් මහරාජ් ලකුණු 2කට දවා ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය. ඉන් අනතුරුව නායක ෆෆ් ඩුප්ලෙසි (19) සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවයක් ගොඩනැගීමට පීටර් මැලන් සමත් විය. සිබ්ලගේ පන්දුවක් හමුවේ ඩෙන්ලි අතට උඩ පන්දුවක් දෙමින් ප්ලේසී දැවී යාමත් සමඟ එම සබඳතාවය නිමාවට පත් විය.

Video – NCC ඉනිමේ ආරම්භය සවිමත් කළ ලහිරු උදාරගේ වේගවත් අර්ධ ශතකය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය ………

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට තවත් ලකුණු 7ක් එක්වන විට පීටර් මැලන් දැවී ගියේ සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව පිටියේ එක්වූ ඩි’කොක් (50) සහ වැන්ඩර් ඩුසෙන් (17) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවයක් ගොඩනැගූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇන්ඩර්සන් ලකුණු 23කට කඩුලු 2ක් ද, ඩෙන්ලි ලකුණු 42කට කඩුලු 2ක් ද බිඳ හෙලීය.

එංගලන්ත පළමු ඉනිම – 269 (91.5) ඔලී පෝප් 61*, බෙන් ස්ටෝක්ස් 47, ජෝ ඩෙන්ලි 38, ජෝ රූට් 35, කගීසෝ රබාඩා 3/68, ඩ්වේන් ප්‍රිටෝරියස් 2/26, වර්නන් පිලැන්ඩර් 2/46, ඇන්රිච් නොට්ජේ 2/56.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 223 (89) ඩීන් එල්ගාර් 88, රාසි වැන්ඩර් ඩුසෙන් 68, ක්වින්ටන් ඩි’කොක් 20, ජේම්ස් ඇන්ඩසන් 5/40, ස්ටුවට් බ්‍රෝඩ් 2/38, සෑම් කරන් 2/39.

එංගලන්ත දෙවැනි ඉනිම – 391/8d (111) ඩොමිනික් සිබ්ලි 133*, බෙන් ස්ටොක්ස් 72, ජෝ රූට් 61, ජෝ ඩෙන්ලි 31, ඇන්රිච් නොට්ජේ 3/61, කගිසෝ රබාඩා 2/69, කේෂව් මහරාජ් 2/160.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම – 248 (137.4) පීටර් මැලන් 84, ක්වින්ටින් ඩි’කොක් 50, ඩීන් එල්ගාර් 34, බෙන් ස්ටෝක්ස් 3/35, ජෙම්ස් ඇන්ඩසන් 2/23, ජෝ ඩෙන්ලි 2/42.

එංගලන්තය ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟම ප්‍රසාද ලකුණු 86ක් දිනා ගනිමින් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පැමිණීමට ඔවුන්ට හැකි විය. 

සත්කාරක දකුණු අප්‍රිකාව මේ වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 80ක් දිනා ගනිමින් එහි පස්වැනි තැන රැඳී සිටියි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි මස 16 වැනිදා පෝර්ට් එලිසබත් හිදි ආරම්භ වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<