එංගලන්තය හතරවැනි දවසින් තරගය අවසන් කරයි

83

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දිනයක් ඉතිරිව තිබිය දී ලකුණු 191කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ අද (27) සමත් වූහ. 

ඉන්දියාව හමුවේ කිවියන්ට උපන් බිමේදීම තවත් T20 පරාජයක්!

ජගත් ක්‍රිකට් කරලියේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි ඉන්දීය………….

මෙම තරගය ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ලෝක ටෙස්ට් තරගාවලියේ තරගයක් ලෙසින් ජොහැන්නස්බර්ග්හිදී නිමා විය. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 4ක් පැවති අතර ඉන් තරග 3ක ජයග්‍රහණ ලබා ගැනීමට එංගලන්තය සමත් විය. දකුණු අප්‍රිකාවට හිමි වූයේ පළමු තරගයේ ජයග්‍රහණය පමණි. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය එංගලන්තය සතු විය. ඒ තරග 3-1ක ජයග්‍රහණයක් ලෙසිනි.  

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 400ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකාව ලබා ගත්තේ ලකුණු 183ක් පමණි. ලකුණු 217ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 248කි. 

තරගයේ සිව්වැනි දිනය වූ අද එළඹියේ දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 466ක ඉලක්කයක් ලබා දෙමිනි. එම ගමන යෑමේ දී දහවල් විවේකය වෙද්දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබා ගනිමින් ද හවස තේ පානය වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 188ක් ද ලබා ගනිමින් තරමක් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කරමින් සිටියහ. 

නමුත් තේ පානයෙන් පසුව දකුණු අප්‍රිකානු පිතිකරුවන් පාලනය කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එතැන් සිට ඔවුන් ලකුණු 86ක් තුළ කඩුලු 6ක් බිඳ දමමින් තරගයේ ජයග්‍රහණය තමන් සන්තක කර ගත්හ. 

2020 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 7 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු……………

එහි දී වඩා වැදගත් කාර්ය භාරයක් කළේ මාක් වුඩ් ය. ඔහු ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තේය. පළමු ඉනිමේ දී ද ලකුණු 46කට කඩුලු 5ක් දවා ගත් මාක් වුඩ් තරගයේ වීරයා ලෙසින් ඇගයිමට ද ලක් විය. 

ඔහු තරගයේ දී ලකුණු 100කට කඩුලු 9ක් දවා ගනිමින් තම වසර 5ක් වන ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම  වාර්තා කිරීමට ද සමත් විය. ඊට පෙර ඔහුගේ එම දක්ෂතාව ලෙසින් සටහන්ව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2019 දී ලබා ගත් කඩුලු 6යි. ප්‍රතිවාදී පළමු ඉනිමේ දී මාක් වුඩ් පෑ දක්ෂතාව ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි තැන ගත්තේය. 

තරගාවලියේ වීරයා ලෙසින් එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා දැක්වූ බෙන් ස්ටොක්ස් සම්මාන ලැබුවේය. ඔහු මෙම තරගාවලියේ දී තරග 4ක ඉනිම් 7ක දී ලකුණු 318ක් ද පන්දු යවමින් කඩුලු 10ක් ද දවා ගැනීමට සමත් විය. 

නිමා වූ මෙම තරගයේ දී එංගලන්ත පළමු ඉනිමේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක ඇන්රිච් නෝට්ජේ ලකුණු 110කට කඩුලු 5ක් දවා ගනිමින් ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

එමෙන්ම තම මංගල ටෙස්ට් තරගයට සහභාගී දකුණු අප්‍රිකාවේ 29 හැවිරිදි වමතින් වේගපන්දු යැවු බියුරන් හෙන්ඩ්‍රික්ස් එංගලන්ත දෙවැනි ඉනිමේ දී ලකුණු 64කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීම ද කැපී පෙණුනි. 

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගයට පෙර සංචිතය වෙනස් කරයි

සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාර්වීස්ගේ කොඳු නාරටිය ආශ්‍රිතව යම් ආබාධයක් ඇතිව තිබෙන නිසාවෙන්……………

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දී රසී වැන්ඩර් ඩුසේන් තම මංගල ශතකය අහිමිකර ගත් අවාසනාවන්තයා වූව ද ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් විය. ඒ පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් රැස් කළ ලකුණු 98යි. 

පිතිකරුවන් අතරින් එංගලන්තය වෙනුවෙන් කැපී පෙනුණ පිතිකරු වූයේ නායක ජෝ රූට් ය. ඔහු ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කළේය. 

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 400 (98.2) සැක් ක්‍රව්ලි 66, ඩොමිනික් සිබ්ලි 44, ජෝ ඩෙන්ලි 27, ජෝ රූට් 59, ඔලී පොප් 56, ජොස් බට්ලර් 20, ක්‍රීස් වෝක්ස් 32, මාක් වුඩ් නොදැවී 35, ස්ටුවර්ට් බෝර්ඩ් 43, වර්නන් පිලැන්ඩර් 2/50, ඇන්රිච් නෝට්ජේ 5/110, ඩේන් පීටර්සන් 2/86

දකුණු අප්‍රිකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (68.3) ඩීන් එල්ගර් 26, ක්යින්ටන් ඩි කොක් 76, ඩිවයින් ප්‍රිටෝරියස් 37, ක්‍රිස් වෝක්ස් 2/38, මාක් වුඩ් 5/46, බෙන් ස්ටොක්ස් 2/47

එංගලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 248 (61.3) සැක් ක්‍රව්ලි 24, ඩොමිනික් සිබ්ලි 44, ජෝ රූට් 58, බෙන් ස්ටොක්ස් 28, සැම් කරන් 35, අන්රිච් නෝට්ජේ 2/61, බියුරන් හෙන්ඩ්‍රික්ස් 5/64, ඩිවයින් ප්‍රිටෝරියස් 2/87

දකුණු අප්‍රිකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 274 (77.1) පීටර් මාලන් 22, ඩීන් එල්ගර් 24, රසී වැන් ඩර් ඩුසේන් 98, ෆෆ් ඩු ප්ලෙසිස් 35, ක්යින්ටන් ඩි කොක් 39, ටිම්බා බවුමා 27, ස්ටුවර්ට් බෝඩ් 2/26, මාක් වුඩ් 4/54, බෙන් ස්ටොක්ස් 2/47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<