වාර්තා රැසක් බිහි වූ තරගයේ ජය එංගලන්තයට

83

ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ “ලෝක ටෙස්ට් ශූරතාවය” වෙනුවෙන් සටන් වැදි එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (20) දින පෝට් එලිසබෙත් හි සාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 53 කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 

“ද ප්‍රොෆෙසර්” ක්‍රිකට් අනාගතය පිළිබඳව තීන්දුවක් ගනියි

පාකිස්තානය වෙනුවෙන් වසර 17 ක් වැනි දීර්ඝ කාලයක් තරග දිනවන්නෙකු ලෙස පිත්තෙන් සහ පන්දුවෙන් එක හා…

එම ප්‍රතිඵලයත් සමඟ තරග 4 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවන් සතු වූ අතර අනෙක් තරග දෙකේ ජයග්‍රහණය එංගලන්ත ක්‍රීඩකයන් සතුවිය. 

තරගයේ කාසියේ වාසිය එංගලන්තය දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9 ක් දැවී ලකුණු 499 ක් රැස්කර ගනිමින් සෑහීමකට පත්ව ඉනිම අත්හිටු වීමට තීරණය කළේය. එම ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වීම කැපී පෙනුනි. ඔලී පෝප් සහ බෙන් ස්ටෝක්ස් එසේ එංගලන්තය වෙනුවෙන් ශතක වාර්තා කළ ක්‍රීඩකයින් විය. 

තම 6 වන ටෙස්ට් තරගයට සහභාගී වූ 22 හැවිරිදි දකුණත් පිතිකරු ඔලී පෝප් තම ටෙස්ට් තරග දිවියේ මංගල ශතකය, තමන් මුහුණ දුන් 190 වැනි පන්දුවේ දී වාර්තා කළේය. ඔහුගේ තරග ලැයිස්තුවේ මීට පෙර රැස්කර ගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ නවසීලන්තයට එරෙහිව පසුගිය වසරේ දී රැස්කර ගත් ලකුණු 75 යි. ඔහු එංගලන්ත ඉනිම නිමා වන විට පන්දු 226 කට මුහුණ දෙමින් හතරේ පහර 18 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 135 ක් ලබා සිටියේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුනි. 

ඔලී පෝප් මෙම තරගයේ දී උඩ පන්දු 6 ක් රැකගත් අතර එය එංගලන්ත ක්‍රීඩකයෙකු විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයක දී කඩුලු රකින්නෙකු නොවන ක්‍රීඩකයෙකු විසින් රැක ගන්නා ලද වැඩිම උඩ පන්දු ප්‍රමාණය සම කිරීමක් විය. ඔහුට පෙර කේප්ටවුන් හි පැවති තරගයේ දී බෙන් ස්ටෝක්ස් ද උඩ පන්දු 6 ක් රැක ගත්තේය. 

එමෙන්ම එංගලන්ත ක්‍රීඩකයෙකු විසින් ටෙස්ට් තරගයක දී ශතකයක් සහ උඩ පන්දු 6 ක් රැකගත් ක්‍රීඩකයන් අතර 6 වැනියා වීමට ද ඔහු සමත් විය. 

එමෙන්ම 28 හැවිරිදි වමත් පිතිකරු බෙන් ස්ටෝක්ස් මෙම තරගයේ දී රැස්කළේ තම 9 වැනි ටෙස්ට් ශතකය යි. ඔහු එම ඉනිමත් සමඟින් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසු කිරීමට ද සමත් වූයේය. 

එංගලන්ත ඉනිම අත්හිටු වන විට වමතින් දඟපන්දු යැවූ කේශව් මහරාජ් ලකුණු 180 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. එය ඔහුගේ හොඳම පන්දු යැවීම් ඉනිම් අතර 6 වැනි ස්ථානය ගත්තේය. 

“ද ප්‍රොෆෙසර්” ක්‍රිකට් අනාගතය පිළිබඳව තීන්දුවක් ගනියි

පාකිස්තානය වෙනුවෙන් වසර 17 ක් වැනි දීර්ඝ කාලයක් තරග දිනවන්නෙකු ලෙස පිත්තෙන් සහ පන්දුවෙන් එක හා…

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට තම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 209 ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ක්වින්ටන් ඩි කොක් ය. ඔහු පන්දු 139 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සමඟ ලකුණු 63 ක් රැස්කර ගත්තේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 20 වැනි අර්ධ ශතකය යි. 

දකුණු අප්‍රිකා පළමු ඉනිම පාලනය කිරීමේ දී 22 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යැවූ ඩොමිනික් බෙස් ලකුණු 51 කට කඩුලු 5 ක් දවා ගත්තේය. තම ටෙස්ට් තරග දිවියේ සිව්වන තරගයට සහභාගී වූ ඩොමිනික් බෙස් හොඳම පන්දු යැවීම එම ඉනිමේ දී වාර්තා කිරීම කැපී පෙනුනි. ඊට පෙර ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වී තිබුනේ 2018 වසරේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 33 කට දවා ගත් කඩුලු 3 යි. ඔහු මෙම තරග සංචාරය සඳහා කැඳවන්නේ 2018 මැයි – ජුනි මාස වල පැවති පාකිස්තාන තරග සංචාරයට පසුවය. 

ඔහුට අමතරව ස්ටුවර්ට් බ්‍රෝඩ් ද කඩුලු 3 ක් දවා ගත්තේය. 

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 290 ක් පිටුපස සිටිමින් අඛණ්ඩව දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවිය. එවර ද ඔවුන් අසාර්ථක වූහ. ඔවුන්ට දෙවැනි ඉනිමට රැස්කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 237 ක් පමණි. 

එම ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ කේශව් මහරාජ් ය. ඔහු පන්දු 106 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 71 ක් රැස්කර ගත්තේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දෙවන අර්ධ ශතකය වන අතර දෙවන හොඳම පෞද්ගලික ඉනිම ද වූයේය. 

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම පාලනය කිරීමේ දී එංගලන්ත නායක ජෝ රූට් ලකුණු 87 කට කඩුලු 4 ක් දවා ගත්තේය. එය ඔහුගේ ටෙස්ට් තරග 91 ක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වූයේය. මීට පෙර ඔහුගේ හොඳම දක්ෂතාව වී තිබුනේ 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 9 කට දවා ගත් කඩුලු 2 යි. 

මෙම ටෙස්ට් තරගයේ දී 30 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ඩෑන් පීටර්සන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ ස්ථානයක් වෙනස් වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට්…

එංගලන්තය : පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 499 (152) සැක් ක්‍රෝව්ලි 44, ඩොමිනික් සිබ්ලි 36, ජෝ ඩෙන්ලි 25, ජෝ රූට් 27, බෙන් ස්ටෝක්ස් 120, ඔලී පෝප් නොදැවී 135, සැම් කරන් 44, මාර්ක් වුඩ් 42, කගීසෝ රබාඩා 2/97, කේශව් මහරාජ් 5/180. 

දකුණු අප්‍රිකාව : පළමු ඉනිම සියලු දෙනා දැවී 209 (86.4) ඩීන් එල්ගාර් 35, රසි වැන්ඩර් ඩුසේන් 24, ක්වින්ටන් ඩි කොක් 63, වර්නන් ෆිලැන්ඩර් 27, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/30, ඩොමිනික් බෙස් 5/51. 

දකුණු අප්‍රිකාව : දෙවන ඉනිම සියලු දෙනා දැවී 237 (88.5) ෆෆ් ඩු ප්ලෙසිස් 36, කේශව් මහරාජ් 71, ඩෙන් පීටර්සන් නොදැවී 39, මාර්ක් වුඩ් 3/32, ජෝ රූට් 4/87. 

දෙරට අතර පැවැත්වෙන සිව්වන සහ අවසාන ටෙස්ට් තරගය මෙම මස (ජනවාරි) 24 වනදා ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<