පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට!

67
Quinton-de-Kock

දකුණු අප්‍රිකානු දේශයේ ගෙවෙන දීර්ඝ තරග සංචාරයේ තවත් එක් නව පරිච්ඡේදයක් අරඹමින් එංගලන්ත පිළ අද (04) කේප්ටවුන් පිටියට පිවිසියේ පළමු එක්දින තරගයට සහභාගි වීම සඳහායි. කෙසේ නමුත් ඉතාමත් සුළුවෙන් වැරදි කළ සත්කාරක දකුණු අප්‍රිකානුවන් හමුවේ ඔවුන්ට අත්වූයේ කඩුලු 7ක පරාජයකි. ඒ නිසාම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

සංගාගේ වාර්තාව කැඩෙයි ද?

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමෙන් කෙටි විවේකයක් ලබා සිටින ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් පසුගිය ඉරිදා බංගලාදේශයේ

අද දිනයේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ දකුණු අප්‍රිකානු නව නායක ක්වින්ටන් ඩි කොක් විසිනුයි. ඒ අද එංගලන්තය ලබාදුන් ලකුණු 259ක ඉලක්කයක් හඹා යමින් නිව්ලන්ඩ්ස් පිටියේ සාර්ථකම හඹායාමේ වාර්තාව ද අලුත් කිරීමට ඔහුගේ මෙම විශිෂ්ට ශතකය හේතු වූ බැවිනි. නායකයෙකු, කඩුලු රකින්නෙකු සහ ආරම්භක පිතිකරුවෙකු ලෙස කොක් අද ලබාගත් ලකුණු 107ට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

අද දිනයේ දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ගේ කණස්සල්ලට හේතුවූ එකම සිදුවීම ලෙස ටෙම්බා බවුමාට ශතකය අහිමි වීම හැඳින්විය හැකි අතර ක්‍රිස් ජෝර්ඩන්ගේ වේග පන්දුවක් ඊට හරස් කැපීය. ඒ වනවිට පන්දු 103කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කර සිටි බවුමාට ශතකය කරා යාමට අවශ්‍ය වූයේ තවත් ලකුණු 2ක් පමණි. මොවුන් දෙදෙනා අතරේ දෙවැනි කඩුල්ලට ලකුණු 173ක දැවැන්ත සබඳතාවයක් ද වර්ධනය විය. ඔවුන්ගේ දැවී යාම් වලින් පසු තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ වගකීම භාරගත් වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 38ක් රැස් කළේය.

නිහඬ බව බිඳි මැක්සි නැවතත් සටන් පෙරමුණට

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු පිළේ ආරාධනයට අනුව මුලින් පිතිකරණයේ යෙදුනු එංගලන්ත පිළට අද වෙනදා මෙන් අත දිගහැර පහර දීමට හැකි නොවූ අතර පන්දුවාර 50 අවසානයේ ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 258ක් පමණි. ඒ අතරතුර ඔවුන්ගේ කඩුලු 8ක් දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිළ සමත් වූහ. ඉතිහාසයේ සිටම වේග පන්දු යවන්නන්ගේ රජ දහනක් ලෙස සැලකෙන කේප්ටවුන් තණතිල්ල මත අද දඟ පන්දු යවන්නෙකු ලෙස සුවිශේෂී දස්කම් දැක්වූ තබ්‍රයිස් ශම්සි කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 38ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

මීට අමතරව ලුතෝ සිපම්ලා, ජේ.ජේ. ස්මට්ස්, අන්දිල් පෙලුක්වායෝ සහ බියුරන් හෙන්ඩ්‍රික්ස් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. එංගලන්තය වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුනද ඉන් පසු ඉක්මන් කඩුලු 2ක් බිඳ වැටුනු නිසා දකුණු අප්‍රිකාව නැවතත් තරගයට අවතීර්ණ වූ අතර එතැන් පටන් කඩින් කඩ කඩුලු දවා ගනිමින් ප්‍රතිවාදීන්ගේ ලකුණු වේගය අඩාල කරන්නට ඔවුන්ට හැකිවිය. එසේම එංගලන්ත පිළේ ප්‍රධානම තුරුම්පු දෙක වන ජෝ රූට් සහ ඔයින් මෝගන් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වීම ඔවුන්ට දරාගත නොහැකි පාඩුවක් විය.

කණ්ඩායම වෙනුවෙන් එකම අර්ධ ශතකය (87) දකුණත් පිතිකරු ජෝ ඩෙන්ලි ලබා ගත්තේ පන්දු 103කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. මීට අමතරව පසුපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රිස් වෝක්ස් ලකුණු 40ක් රැස් කරගත් අතර පන්දු 42කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් එල්ල කළේය. කෙසේවෙතත් එංගලන්ත පිළ පසුගිය කාලය පුරාවට බොහෝ තරග ගණනකදී පෙන්වූ දස්කම් මෙම එක් පරාජයක් නිසා අක්‍රිය වී ඇතැයි අනුමාන කිරීමට නොහැකිය.

බංග්ලාදේශ – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අර්බුදයක

බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා පසුගිය දා එක්වූ අතර එම තරගාවලිය විස්සයි විස්ස

එබැවින් ලබන 7 වැනිදා ඩර්බන් හිදී ඇරඹෙන දෙවැනි එක්දින තරගය මීටත් වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය.

එංගලන්තය – කඩුලු 8ක් දැවී ලකුණු 258 (පන්දුවාර 50)

ජෝ ඩෙන්ලි 87, ක්‍රිස් වෝක්ස් 40, ජේසන් රෝයි 32, ජොනී බෙයාස්ටෝ 19, ටොම් බැන්ටන් 18, ජෝ රූට් 17, තබ්‍රයිස් ශම්සි 3/38, ලුතෝ සිපම්ලා 1/40, ජේ.ජේ. ස්මට්ස් 1/43.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 259 (පන්දුවාර 47.4)

ක්වින්ටන් ඩි කොක් 107, ටෙම්බා බවුමා 98, වැන් ඩර් ඩුසේන් 38, ජේ.ජේ. ස්මට්ස් 7, රීසා හෙන්රික්ස් 6, ක්‍රිස් ජෝර්ඩන් 1/31, ජෝ රූට් 1/35, ක්‍රිස් වෝක්ස් 1/36.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<