හඬා වැලපෙමි නෙලා ගනු හැකි World Cup සිහිනේ

651

අවුරුදු 44ක ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදු ශූරතාවයක් තමන් සතු කර ගැනීමට නොහැකි වූ නමුත් වැඩිම වාර ගණනක් අනුශූරයන් ‍ලෙස අභිෂේක ලැබූ ක්‍රිකට් ක්‍රීඩාවේ මාතෘ භූමිය වන එංගලන්තය, මෙවර 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරණු ලබන්නේ දහසකුත් එකක් අපේක්ෂා පෙරදැරිවයි.

ඉසුරු උදානට උසස් වීමක්

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් හා අන්දිලේ පෙහ්ලුක්වයෝ…

එංගලන්ත ලෝක කුසලානය ඉතිහාසය

“England are Favorites for the World Cup” නමුත් තවමත් එංගලන්ත කණ්ඩායම කිසිදු ලෝක කුසලානයක් තමන්ගේ නමට ලියා ගැනීමට අපොහොසත් වී ඇති එංගලන්තය සහභාගී ව 1975 වසරේ ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයෙන් ආරම්භ වූ අතර එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ එවකට ක්‍රිකට් පිටියේ පෙරළිකාරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ය. එංගලන්තයට අවසන් පූර්ව වටයේ දී ඕස්ට්‍රේලියාවෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

දෙවන ලෝක කුසලානය 1979 දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ආරම්භ වූ අතර පැවති අවසන් තරගයේ දී නැවතත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් හමුවේ තම මව් බිමේ දී ම අමිහිරි පරාජයකට උරුමකම් කියන්නට ඔවුන්ට සිදු විය.

1987 දී නැවතත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන එංගලන්ත කණ්ඩායම යළිත් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය. පරාජය අවස්ථාවක් කරගනිමින් නැවතත් 1992 ලෝක කුසලානයේ අවසන් තරගයට පැමිණෙන එංගලන්ත කණ්ඩායම නැවතත් පකිස්තානය හමුවේ පරාජය වන්නේ ලෝක කුසලාන සිහිනය නැවතත් දෑස් මානයේ දී ම බොඳවී යමිනි. ඉන්පසු කිසිදු අවස්ථාවක එංගලන්ත කණ්ඩායමට අවසන් තරගයට පැමිණීමට නොහැකි විය.

හොඳම බොක්සිං ක්‍රීඩකයා නාවික ගුණරත්න

2019 ජාතික ආධුනික බොක්සිං තරගාවලිය මාර්තු මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වූ අතර තරගාවලියේ වැඩි පදක්කම්….

අවසන් තරගය පරාජිත එංගලන්ත නායකයින්

  • ජේ. එම්. බ්‍රෙයර්ල්යි – 1979
  • ඩබ්. එම්. ගැටින් –  1987
  • ජී. ඒ. ගෝච් – 1992

මෝගන් වාසනාවන්තයෙක් ද?

ඔයන් ජෝසප් ගෙරාඩ් මෝගන් මෙවර එංගලන්ත එක්දින කණ්ඩායමේ හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ය. ඔහුගේ නායකත්වයෙන් එංගලන්ත කණ්ඩායම තරග 95ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් 57ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

ඔහු විසින් කාසියේ වාසිය 42 වතාවක් ජයගෙන ඇති අතර එය සාමාන්‍යයක් ලෙස ගත් කළ 44.21%කි. ඔහු එක්දින නායකයා ලෙස ලකුණු 3515ක් ලබා ගෙන ඇති අතර ඔහුගේ නායකත්ව සමයේ දී පන්දුවට පහර දීමේ සාමාන්‍ය 45.06කි.

2019 එංගලන්ත කණ්ඩායම

ලෝක කුසලානයට උරුමකම් නොකියන ලැයිස්තුවෙන් මිදීමට මෙවර ලෝක කුසලානයට සත්කාරකත්වයත් සමඟ පැමිණෙන එංගලන්ත කණ්ඩායමේ කාගේත් බලාපොරොත්තුව වන්නේ 2019 ලෝක කුසලානයේ හිමිකරුවන් එංගලන්ත කණ්ඩායම වනු දැකීමය. එයට සාධාරණ හේතූන් ඔවුන් මේ වන විටත් ඔවුන්ගේ නිමා වුන තරගාවලි තුලින් පෙන්වා දී ඇත.

ඔයන් මෝගන්ගේ නායකත්වයෙන් මෙවර තරග බිමට පිවිසෙන එංගලන්ත කණ්ඩායම ජෝ රූට්, බෙන්ස් ස්ටොක් වැනි අත්දැකීම්වලින් පරිපූර්ණ ක්‍රීඩකයන් රැසක් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන අතර එය එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය සැබෑ කරවීමට මංපෙත් විවර කරනු ඇත.

එංගලන්ත ක්‍රීඩිකාවෝ වේලාසනින්ම තරගාවලිය නිමා කරති

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නොනවතින පරාජයන් රැල්ලට හසු වූ තවත් එක් තරගයක් බවට පත්වෙමින් සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා…

එංගලන්ත කණ්ඩායම අවසන් වටවල දී ප්‍රතිවාදීන් වනවාට කිසිදු කණ්ඩායමක් බිය නොවන කාල වකවානුවක් තිබුණි. ඒ ඔවුන් අවසාන අවස්ථාවේ දී කොහේ හෝ තැනක වැරැද්දක් සිදු කරගන්නා නිසාය. එයට හොඳම නිදසුන ද පසුගිය දා නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් පෙනෙන්නට තිබුණි. ඒ එංගලන්ත ක්‍රීඩකයන්ගේ අතේ තිබූ තරගය තමන්ගේ නමින් ලියා ගැනීමට නොහැකි වීමයි. යමෙකුට එය අදක්ෂතාවයක් ලෙස පෙනුනත් එය නම් ඔවුන්ගේ අවාසනාව දෝ කියා සිතෙනු ඇත.

කෙසේ නමුත් තම මව්බිම තුල ක්‍රීඩා කිරීම මෙවර එංගලන්ත කණ්ඩායමට මහඟු අවස්ථාවක් වනු ඇත. මක්නිසා ද මෙවර තමන්ගේ නිවසට සෑම රටක්ම පැමිණෙනු ඇත. ඔවුන්ට ඇත්තේ තම නිවස තුල රිසි පරිදි තම අසල්වැසියන්ට සංග්‍රහ කිරීමටය. ඒ සඳහා මේ වන විටත් එංගලන්ත ක්‍රීඩකයන් සැලසුම් සකස් කරනු නොඅනුමානය.

කෙසේ නමුත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් වන බැවින් කිසිවෙකුටත් අනාවැකි කිවනොහැක. බලා සිටිමු. මෙවර ලෝක කුසලානයේ දීත් අනුශූරතාවය දෙස බලා සැනසෙන්නට ද, නොඑසේ නම් ශූරතාවය දිනාගෙන සිහින නෙලා ගන්නට එංගලන්ත සුදු මහත්වරුන්ට හැකි වෙයි ද?  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<