2019 ගැන බෙන් ස්ටෝක්ස් සතුටින් ද?

81

එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ගෙවී ගිය 2019 වසර පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තම පියා තවදුරටත් රෝහලේ නොසිටියේ නම් 2019 දී තමා ලැබූ සියලු ජයග්‍රහණයන් සමරන බවයි.

මේ මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ස්ටොක්ස් සහභාගී වූ අතර එම තරගාවලිය අතරතුර දී තම පුතා බැලීම සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ස්ටෝක්ස්ගේ පියා වන ජෙඩ් එහි දී ඇතිවූ රෝගාබාධයක් නිසාවෙන් ජොහැන්නස්බර්ග් රෝහලකට ඇතුළත් කර තිබුණි. 

සිඩ්නි දුමාරය මැද ගෞරවය සොයා යන්නට නවසීලන්තය සැරසෙයි

ලැව් ගිනි නිසා ඇතිවූ දුමාරයෙන් බාධා විය හැකි නමුත් ඕස්ට්‍රේලියානු සංචාරයේ දී නැති වුණු ගෞරවය…

64 හැවිරිදි ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය තරමක් සුව වූ නිසාවෙන් බෙන් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම සමඟ එක්විය. එම තරගය එංගලන්තය ලකුණු 107කින් පරාජයට පත්වූ අතර ටෙස්ට් තරග 4කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ජෙඩ් ස්ටොක්ස් තවමත් රෝහලේ රැඳී සිටින අතර බිරිඳ ඩෙබොරා සෙසු ස්ටොක්ස් පවුලේ අය කේප් ටවුන් වෙත පැමිණ ඇත. එංගලන්ත දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙඩින්ග්ලි හිදී පැවති තුන්වැනි අළුබඳුන ටෙස්ට් තරගයේ දී නොදැවී ශතකයක් ලබා ගැනීමට පෙර එංගලන්තය නවසීලන්තයට එරෙහිව ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට ස්ටොක්ස් සමත් විය. ඔහුට මේ වසර සාර්ථක එකක් විය. 

නමුත් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද බ්‍රිතාන්‍යයේ ඩේලි මිරර් පුවත්පත සඳහා ස්ටෝක්ස් ලිපියක් පලකර තිබුණි. එංගලන්තයේ උපනායකයා වන ස්ටෝක්ස් මෑතක දී BBC වසරේ ක්‍රීඩා පෞරුෂත්වයට සඳහා පැවති ප්‍රසිද්ධ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය; “වසර ගණනාවක අමතක නොවන කාලය අවසානයේ මම එය සොයා ගනිමි. මේ මොහොතේ 2019 සාරාංශ කිරීමට අපහසුය.”

“ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ටමක දක්ෂතා සහ සැබෑ අඩුපාඩු කිහිපයක් තියනවා. නමුත් මගේ තාත්තා රෝහලේ ගත කළ නිසා මේ වසර දෙස බැලීම කල් දමා තියෙන්නේ” 

“මේ ගිම්හානයේ දී සිදු වූ සෑම දෙයක්ම මම ඔබෙන් ඉවතට ගන්නම්. නමුත් ඔබේ තාත්තා සතුටින්, සෞඛ්‍ය සම්පන්නව හා ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය බලා සිටිනවා” යැයි යමෙකුට පැවසිය හැකි නම් මම කියනවා එසේ කරන්න කියලා. “

2019 ඇත්තටම නරක ද?

ගෙවී ගිය 2019 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායක අයුරින් ගත වූ එකක් නොවේ…

මේ 28 හැවිරිදි ඩර්හැම් තුන් ඉරියව් ක්‍රීඩකයා කියා සිටියේ තම පියා “ඇදහිය නොහැකි පෙරළියකට” ලක්ව ඇති නමුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපූරු සත්කාර නිසාවෙන් ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බවයි. 

මේ අතර, ආරම්භක පිතිකරු ඩොමිනික් සිබ්ලි එංගලන්ත කඳවුරේ රෝගයට ගොදුරු වූ නවතම පුද්ගලයා බවට පත්ව ඇත. කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ සඳුදා වන විට ක්‍රීඩා කරන සංචිතයේ සාමාජිකයින් 11 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු යම් අවස්ථාවක දී අසනීප වී ඇති බවයි. 

“අපි මේ දක්වා එයට ‘ශාප ලත් සංචාරය’ යන අන්වර්ථ නාමය ලබා දී තිබෙනවා. මන්දයත් කණ්ඩායම වැදගත් ටෙස්ට් තරගමාලාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන කාලයක අපට මෙය හොඳ කාලයක් නොවූ නිසා” ස්ටොක්ස් පැවසීය.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට කිසිම සැකයක් නැත. 1996 මාර්තුවේ යම්…

“එය කිසි විටෙකත් නිදහසට කරුණක් නොවේ. නමුත් ශාරීරිකව හා මානසිකව එය විශාල අභියෝගයක් බව මිනිසුන්ට තේරුම් ගත හැකි යැයි මම විශ්වාස කරමි, රාත්‍රියේ නැගිටීම, නිදා නොගැනීම, ආහාර ගැනීම නොවේ. මේ සියල්ල බලපෑමක් ඇති කර ඇති බව ක්‍රීඩාලෝලීන් දැනගත යුතුයි.”

කෙසේ වෙතත්, ස්ටොක්ස් දැන් නැවත වරක් මනරම් නිව්ලන්ඩ්ස් හි නැවත ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටී, බෙන් ස්ටෝක්ස්ගේ ප්‍රියතම ක්‍රීඩාංගණය මෙයයි.

AFP ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<