කොදෙව් දේශයට යන එංගලන්ත සංචිතය නිකුත් වේ

289

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 23 වැනිදා සිට මාර්තු මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා තරග වදිනු ලබන එංගලන්ත ටෙස්ට් හා එක්දින සංචිතයන් අද (11) එරට ක්‍රිකට් පාලන අධිකාරිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ.

අකිල දනංජයට අපල කාලයක් එළඹෙමින් ICC තීන්දුව නිකුත් වේ!

ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හට වහාම ක්‍රියාත්මක වන පරිදි ….

එය කොදෙව් ක්‍රිකට් වාර්තා පොත් අතරට එකතු වන්නේ 2009 වසරට පසුව එංගලන්ත කණ්ඩායමක් දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් සඳහා කොදෙව් දේශයට පැමිණෙන පළමු වතාව ලෙසටයි. වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාවේ සෑම අංශයකම ක්‍රිකට් තරග ඇතුළත් කරමින් පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණු තරග දෙකක්, ටෙස්ට් තරග 3ක්, එක්දින ක්‍රිකට් තරග 5ක් හා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 3ක් ඇතුළත්ය.

පසුගිය දා ශ්‍රී ලංකාවේ දී 3-0ක් ලෙස නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ එංගලන්ත ටෙස්ට් සංචිතයම කිසිදු වෙනසක් සිදු නොකොට කොදෙව් තරග සංචාරය සඳහා  නම් කර ඇත. ඒ නිසාවෙන් එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෙවී ගිය වසර දෙකක කාලය පුරාවට (2016-2018) ඔවුන්ගේ රටින් එපිට දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලෙස ද මේ ටෙස්ට් සංචිතය හැඳින්වීමට හැකිය.

එසේම මේ පූර්ණ ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග 5 වෙනුවෙන් නම් කළ එංගලන්ත සංචිතයේ නම් ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත එක්දින සංචිතයට සාපේක්ෂව වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ. ඒ අනුව ටොම් කරන්, ඩේවිඩ් විලී නැවතත් එංගලන්ත එක්දින සංචිතයේ සිය ස්ථානයන් තහවුරු කරගෙන තිබෙන්නේ ටොම්ගේ සොහොයුරා වන සෑම් කරන්, ලියාම් ඩෝසන් හා ඔලී ස්ටෝන් යන ක්‍රීඩකයින් වෙනුවටයි.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි

ලබන දෙසැම්බර් 15 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට්…..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විට (2018.12.11) නිකුත් කර තිබෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානය දිනාගෙන සිටින එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය දා නිමාවුණු එක්දින ක්‍රිකට් තරගාවලිය ද තරග 3-1ක් ලෙස ජයගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග ආරම්භ වන්නේ පිළිවෙළින් ටෙස්ට් හා එක්දින තරග අවසන් වූවාට පසුවන නිසා එංගලන්ත විස්සයි විස්ස සංචිතය ඉදිරියේ දී නිකුත් කරනු ඇත.

එංගලන්ත ටෙස්ට් සංචිතය:

ජෝ රූට් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩර්සන්, ජොනී බෙයාස්ටෝව්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, බෙන් ෆෝකස්, කීටන් ජෙනින්ග්ස්, ජැක් ලීච්, ආදිල් රාශිඩ්, බෙන් ස්ටොක්ස්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්.

එංගලන්ත එක්දින සංචිතය:

ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, ජොනී බෙයාස්ටෝව්, ජෝස් බට්ලර්, ටොම් කරන්, ජෝ ඩෙන්ලි, ඇලෙක්ස් හෙල්ස්, ලියාම් ප්ලන්කට්, ආදිල් රාශිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි බෙන් ස්ටොක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්

එංගලන්ත කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය 2019 – තරග කාලසටහන

  • ජනවාරි 15 – ජනවාරි 18 පුහුණු තරගය – බාබඩෝස් හිදී
  • ජනවාරි 23 – ජනවාරි 27 – පළමු ටෙස්ට් තරගය – බාබඩෝස් හිදී
  • ජනවාරි 31 – පෙබරවාරි 4 – දෙවන ටෙස්ට් තරගය – ඇන්ටිගුවා හිදී
  • පෙබරවාරි 9 – පෙබරවාරි 13 – තෙවන ටෙස්ට් තරගය – සාන්ත ලුසියා හිදී
  • පෙබරවාරි 17 –  එක්දින පුහුණු ක්‍රිකට් තරගය – සාන්ත ලුසියා හිදී
  • පෙබරවාරි 20 –  පළමු එක්දින තරගය – බාබඩෝස් හිදී
  • පෙබරවාරි 22 –  දෙවන එක්දින තරගය – බාබඩෝස් හිදී
  • පෙබරවාරි 25 –  තෙවැනි එක්දින තරගය – ග්‍රේනාඩා හිදී
  • පෙබරවාරි 27 –  සිව්වැනි එක්දින තරගය – ග්‍රේනාඩා හිදී
  • මාර්තු 2 – පස්වන එක්දින තරගය – සාන්ත ලුසියා හිදී
  • මාර්තු 5 – පළමු විස්සයි – විස්ස තරගය – සාන්ත ලුසියා හිදී
  • මාර්තු 8 – දෙවන විස්සයි – විස්ස තරගය – සාන්ත කිටිස් හිදී
  • මාර්තු 10 – තෙවැනි විස්සයි – විස්ස තරගය – සාන්ත කිටිස් හිදී

මේ තරගාවලියේ සියලුම තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටි. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<