Rashford හා Martial Chelsea බලාපොරොත්තුවලට හරස් වෙයි

191
england-premier-league-2019

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු සති අන්තය නිමා කරමින් අද (11) Manchester United කණ්ඩායම ප්‍රබල Chelsea කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දීමට සමත් වුණා. ඒ අතරම Aubameyangගේ හුදකලා ගෝලයෙන් Arsenal කණ්ඩායම ද සිය පළමු ජයග්‍රහණය ලබා ගැනීමත් විශේෂත්වයක්.

හැරී කේන් ජාමේ බේරා ගද්දී ස්ටර්ලින්ග්ගෙන් ගෝල ත්‍රිත්වයක්

හැරී කේන් ජාමේ බේරා ගද්දී ස්ටර්ලින්ග්ගෙන් ගෝල ත්‍රිත්වයක්……..

Manchester United Chelsea හදවත් බිඳියි

Marcus Rashfordගේ සුපිරි ගෝල ද්විත්වයෙන් හා Anthony Martialගේ සුපිරි දස්කම්වලින් බල ගැන්වුණු යොවුන් Manchester United කණ්ඩායම ප්‍රබල Chelsea කණ්ඩායම ගෝල 4–0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. 2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු සති අන්තයේ අවසන් තරගය වූ මේ තරගය පැවැත්වුණේ ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් ක්‍රීඩාංගණයේ දීයි.

හිටපු Chelsea තරුවක් වන Frank Lampard, Chelsea කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගය මෙම තරගය වූ අතර මෙම තරගය ක්‍රීඩා කළ Manchester United කණ්ඩායම, United ඉතිහාසයේ ළාබාලතම කණ්ඩායම ලෙස ද ඉතිහාසයට එක් වුනා.  

Manchester United පුහුණුකරු Ole Gunnar Solskjaer විසින් තරගාවලිය ආරම්භයට පෙර Rashford හා Martial ප්‍රහාරක ක්‍රීඩකයින් ලෙස යොදා ගෙන යම් යම් උපක්‍රම අත්හදා බලා තිබුණු අතර අද තරගයේ දී ඔවුන් දෙදෙනාගේ සංකලනය තරගය වෙනස් වූ ස්ථානය ලෙස හැඳින්විය හැකියි. 

පළමු අර්ධයේ දී Chelsea, United ට වඩා මදක් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ නමුත් පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ Rashford වාර්තා කළ දඬුවම් පහරක් නිසයි. ඉන් පසුව Chelsea වෙනුවෙන් Tammy Abraham හා Emerson Palmieri ගෝල ලබා ගැනීම ප්‍රබල උත්සාහයන් ගත්තත්, ඔවුන් දෙදෙනාගේම උත්සාහයන් ගෝල රාමුවේ වැදී අවාසනාවන්ත ලෙස ඉවත ගියා. 

මිනිත්තු 14කට පමණ පසුව United හා එක්වුණු නවක ක්‍රීඩකයින් වන Harry Maguire හා Aaron Wan-Bissaka පිටියේ පාලනය සිය කණ්ඩායමට ලබා දීමට සමත් වුනේ දක්ෂ ලෙස පන්දුව පාලනය කරමින්. Kurt Zoumaගේ අනවශ්‍ය බාධා කිරීමක් නිසා විනිසුරු Manchester United වෙත දඬුවම් පහරක් ලබා දුන් අතර Rashford ගෝල රාමුවේ ඉහළ කෙළවරින් දක්ෂ ලෙස පන්දුව දැල් ගත කළේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

Ross Barkleyගේ සුපිරි උත්සහයක් United ගෝල රකින ක්‍රීඩක David de Gea දක්ෂ ලෙස රැක ගත් අතර Emersonගේ කෙටි දුර ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේය. 

දෙවන අර්ධයේ දී Manchester United සුපුරුදු රිද්මයට පිවිසුණු අතර Rashford හා Martial තත්පර 95ක් තුළ ගෝල ද්විත්වයක් වාර්තා කළේ Chelsea පසුපසට ඇද දමමින්. එතැන් සිට United ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් තරගය පාලනය කළ අතර සිය පළමු තරගය ක්‍රීඩා කළ Daniel James කලාතුරකින් පාපන්දු ක්‍රීඩකයෙකුට ලැබෙන වාසනාවකට හිමිකම් කියමින් තමන්ගේ නමට ගෝලයක් ලියා ගන්නට සමත් වුනා.    

පැයේ සිමාව පසුවන විට Manchester කණ්ඩායම සම්පූර්ණයෙන්ම තරගයේ පාලනය සියතට ගත් අතර Andreas Pereiraගේ හරස් පන්දු යොමු කිරීමක් Martial තියුණු ලෙස ගෝලය තුළට යොමු කළේ දෙවන United ගෝලය ලෙසයි.    

තත්පර කිහිපයකට පසුව Paul Pogba විශිෂ්ට ධාවනයකින් පන්දුවත් සමඟ ඉදිරියට ඇදුණු අතර Cesar Azpilicuetaගේ හිසට ඉහළින් ඔහු යොමු කළ පන්දුව Rashford, ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalaga පසු කර දැල් ගත කරන්නට සමත් විය.    

Pereira වෙනුවට පිටියට පිවිසුණු James තරගය අවසන් වීමට මිනිත්තු නවයක් තිබිය දී ක්‍රියාත්මක වෙමින් සිව්වැනි Manchester ගෝලය වාර්තා කළේ Kepa මඟ හරිමින් ගෝල රාමුවේ කෙළවරකට පන්දුව යොමු කරමින්.  

අවසන් ලකුණු තත්වය: Manchester United 04 – 00 Chelsea 

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ 

තරගවාරයේ ආරම්භයට පෙරම ප්‍රිමියර් ලීග් ශූරයින්ට අසුබ ආරංචියක්

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරමින් ගෙවුණු වර්ෂ කිහිපය පුරාවටම කණ්ඩායමේ…

Aubameyangගේ ගෝලයෙන් Arsenal වැඩ අල්ලයි!

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු සති අන්තයේ තරගයකින් Newcastle United පාපන්දු කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට Arsenal පාපන්දු කණ්ඩායම සමත් වුනා. ඒ ගෝල 1–0ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමින්.

Pierre-Emerick Aubameyangගේ හුදකලා ගෝලය තරගය වෙනස් කළ ගෝලය බවට පත් වූ අතර තරගය පැවැත්වුණේ ශාන්ත ජේම්ස් පාක් උද්‍යානයේ දී.

සත්කාරක Newcastle United කණ්ඩායම තරගයට හොඳ ආරම්භයක් ලබා ගත් අතර සිය පළමු තරගය ක්‍රීඩා කළ Joelinton headingගේ ප්‍රහාරයක් ගෝල රාමුවෙන් ඉවතට යද්දී Jonjo Shelveyගේ තියුණු උත්සහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ සත්කාරකයින්ගේ සිත් බිඳිමින්.  

පළමු අර්ධයේ Arsenal කණ්ඩායමට ලැබුණු හොඳම අවස්ථාව හිමි වුනේ Henrikh Mkhitaryan හටයි. ඔහුගේ පාද අසලටම පන්දුව ලැබුනත් ඔහුගේ ප්‍රහාරය ගෝලයෙන් ඉවත ගියේ දඬුවම් පහර චතුරශ්‍රය තුළ දී සිදු කළ උත්සහයක් ව්‍යර්ථ වීමෙන්. 

58 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා වූ Arsenal ක්‍රීඩක Pierre-Emerick Aubameyangගේ උත්සහයකින්. Ainsley Maitland-Niles’ගේ අලංකාර පන්දු යොමු කිරීමක් Martin Dubravkaගේ හිසට ඉහළින් පා කර යවමින් Aubameyang මෙම ගෝලය වාර්තා කළා. 

Arsenal පුහුණුකරු Unai Emery, Dani Ceballos, Nicolas Pepe හා Gabriel Martinelli යන ක්‍රීඩකයින් තිදෙනාටම සිය ප්‍රිමියර් ලීග් මංගල තරගය සඳහා ඉඩ සලසා දීම විශේෂත්වයක්. ඔවුන් තිදෙනාම දෙවන අර්ධයේ කණ්ඩායමට පිවිසුණු අතර මේ තරග ජයත් සමඟ Arsenal කණ්ඩායම Newcastle Unitedට එරෙහිව තරග 14කින් තරග 13ක්ම ජය ගෙන තිබීම විශේෂත්වයක් වුනා.  

අවසන් ලකුණු තත්වය: Arsenal 01 – 00 Newcastle United

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ 

  • Arsenal – Pierre-Emerick Aubameyang (58’) 

Neymar නැති වුනත් Mbappé වැඩ පෙන්වයි  

Edinson Cavani, Kylian Mbappé හා Ángel Di Maríaගේ සුපිරි ගෝල ත්‍රිත්වයකින් බල ගැන්වුණු Paris Saint-Germain කණ්ඩායම Nîmes Olympique කණ්ඩායම ගෝල 3–0 ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. ඒ ප්‍රංශ Ligue 1 Conforama පාපන්දු තරගාවලිය ආරම්භ කරමින්. 

සුපිරි බ්‍රසීල ක්‍රීඩක Neymarගේ පැරිස් කණ්ඩායමේ අනාගතය ගැටලුවක්ව පවතින මොහොතක Thomas Tuchelගේ පුහුණුකාරීත්වයෙන් සවි ගැන්වෙන පැරිස් කණ්ඩායම පසුගිය සතියේ දී Trophée des Champions තරගාවලියේ අවසන් තරගය ජය ගත්තේ Stade Rennais FC කණ්ඩායම පරාජය කරමින්. එමෙන්ම Parc des Princes හිදී පැවතුණු මෙම තරගයත් ඔවුන්ට ජය ගැනීමට එතරම් අපහසු වුනේ නැහැ.   

දඬුවම් පහර මැන්චෙස්ටර් සිටි පිළට ජය ගෙනෙයි

ඊයේ (05) පැවති Community Shield තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා…

කෙසේ වෙතත් Nîmes Olympique කණ්ඩායම පළමු අර්ධයේ දී Paris Saint-Germain කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් වුනා. ඔවුන් ඉතා හොඳින් පැරිස් කණ්ඩායමට පීඩනය එල්ල කළ කාලසීමාව නිමා කරමින් Pablo Martinez පන්දුව අතින් ස්පර්ශ කිරීම නිසා පැරිස් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර Cavani 24 වැනි මිනිත්තුවේදී  පන්දුව පහසුවෙන් දැල් ගත කළේ තරගයේ පළමු ගෝලය ලෙසයි.   

Paris Saint-Germainට පළමු අර්ධයේ දී ඉතා හොඳ අවස්ථා රැසක් හිමි වුනත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැහැ. Mbappé පන්දු යොමු කිරීමක් Pablo Sarabia සාර්ථකව ගෝල රාමුව වෙත යොමු කරන්නට සමත් වුනත් ගෝල රකින ක්‍රීඩක Paul Bernardoni පහසුවෙන් එම අවස්ථාව ව්‍යර්ථ කළා. 

පළමු අර්ධය අවසන් වීමට පෙර Mbappé ගෝල රාමුවට යාර 6ක පමණ දුරක් තබා Cavani වෙත පන්දුව භාර දුන් නමුත් Cavaniගේ ප්‍රහාරය නොසිතූ ගෝල රාමුවෙන් ලෙස ඉවත ගියේය.

Renaud Ripart, Nîmes කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ එකම අවස්ථාව ලබා ගැනීමට සමත් වූ නමුත් ඔහු එම අවස්ථාව ගෝලයක් බවට පරිවර්තනය කරන්නට සමත් වූයේ නැහැ. 

56 වැනි මිනිත්තුවේ දී Juan Bernatගේ ඉහළින් පැමිණි පන්දුවක් සාර්ථකව ලබාගෙන පන්දුව Mbappé වෙත යොමු කළ අතර ඔහු තරගාවලියේ සිය පළමු ගෝලය පහසුවෙන් ලබා ගන්නට සමත් වුනා. පසුව ඔහු විසින් Di Mariá වෙත කළ අලංකාර පන්දු යොමු කිරීමක් Di Mariá සාර්ථක ලෙස අවසන් කළ පන්දුව දැල තුළ රඳවමින්.    

අවසන් ලකුණු තත්වය: Paris Saint-Germain 03 – 00 Nîmes Olympique 

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Paris Saint-Germain – Edinson Cavani (24’ PEN), Kylian Mbappé (56‘), Ángel Di María (69’)

>> පාපන්දු පුවත් සඳහාක පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<