ප්‍රේක්ෂකයින්ට හැසිරෙන හැටි කියන එක මගේ වැඩක් නෙමෙයි – මෝගන්

2098

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට ඉතිරිව ඇත්තේ හොඳම තරග බව අවිවාදයෙන් පිළිගත හැක. ඒ අතරින් ලෝකයට ක්‍රිකට් හඳුන්වා දුන් ප්‍රබලයන් අතර ගැටුම එළඹෙන අඟහරුවාදා (25) පැවැත්වීමට නියමිතයි. එම තරගය ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක්වනු ඇත. 

කෙසේ වෙතත් පසුගිය ඕස්ට්‍රේලියා තරගවල දී ඩේවිඩ් වෝනර් හා ස්‍ටීව් ස්මිත්ට එල්ල වූ ප්‍රේක්ෂක විරෝධය වෙත වඩාත් අවධානය යොමු විය. එංගලන්ත ඕස්ට්‍රේලියා තරගය පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක ඔයින් මෝගන් පවසා සිටියේ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දීම තම රාජකාරිය නොවන බවයි. 

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ ………

පසුගිය වසරේ පන්දුව පළුදු කිරීමේ චෝදනා මත වසරක කාලයක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ඩේවිඩ් වෝනර් හා ස්ටීව් ස්මිත් ප්‍රථම වරට ඕස්ට්‍රේලියා කණ්ඩායමට ඇතුළත් වූයේ මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ය. පුහුණු තරගවල දී පවා ඔවුන් දෙදෙනාට ප්‍රේක්ෂක අප්‍රසාදය හිමි විය. 

එම සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැංගර් එලෙස නොකරන ලෙස ඉල්ලා ‍සිටි අතර ඉන්දීය නායක විරාත් කෝලි හා පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් ද තම තරගවල දී ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ ස්මිත් හා වෝනර් අපහසුතාවට පත් නොකරන ලෙසයි. ඕස්ට්‍රේලියා එංගලන්ත තරගය පැවැත්වීමට නියමිත වන්නේ ක්‍රිකට් නිවහන වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි. ලෝඩ්ස් ප්‍රේක්ෂකයන් සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයන් ලෙස සලකන අතර ඔවුන්ගෙන් එවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැක. නමුත් එවැනි ඉල්ලීමක් කිරීම මෝගන් ප්‍රතික්ෂේප කළේය. 

“මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මම හිතන්නේ ක්‍රීඩාලෝලීන්ට වෙනස් ප්‍රතිචාර තියෙන්න පුළුවන්. මුළු ලෝකයේම ප්‍රේක්ෂකයන් ඉන්න නිසා. ප්‍රේක්ෂකයන් ලොකු මුදලක් ගෙවලා එන්නේ. ක්‍රීඩාව සෑම අතින්ම ලස්සන දෙයක්. ක්‍රීඩාව මුළු ලෝකයම ප්‍රේක්ෂකයන් කරගන්නවා. කණ්ඩායම් දෙකටම සහය දක්වන ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා.” 

“අපි දන්නේ නෑ ප්‍රේක්ෂකයන් කොහොම හැසිරේවි ද කියලා. ඔවුන්ට දඩුවම් ලැබුණ පමණින්, ඔවුන් නැවත ක්‍රීඩාවට ආව සැණින් ප්‍රේක්ෂකයන් ඔවුන්ව පිළිගන්නේ නෑ. ඒකට කල් ගත වේවි. ” 

එංගලන්ත පිතිකරුවෙකු වන ජොනී බෙයාස්ටෝව්, ඕස්ට්‍රේලියානු හිටපු පුහුණුකරුවෙක් වන ඩැරන් ලෙහ්මාන් අළුබඳුන තරගාවලියක දී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් හට අප්‍රසාදය පලකරන ලෙස තම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි බවත් මෙම ස්මිත් හා වෝනර්හේ සිදුවීම් පිළිබඳව ප්‍රේක්ෂකයන්ගෙන් නිශ්ශබ්දතාවය ඉල්ලා සිටින බවත්ය.

බෙයාස්ටෝව් මෙම මතය පිළිබඳව මාධ්‍යවේදීන් මෝගන්ගේ අදහස විමසා සිටියා. 

“මට ඒ පිළිබඳව හැඟීමක් නෑ. මම හිතන්නේ හැම අවස්ථාවක්ම වෙනස්. හැම කණ්ඩායමක්ම වෙනස්. මම හිතන්නේ ඒක පරණ සිදුවීමක්.” 

එංගලන්තය මෙවර ලෝක කුසලානයේ ප්‍රබල කණ්ඩායමක් බව පෙර සිටම සාක්ෂි සැපයූ නමුත් ඔවුන් පාකිස්තානය හා ශ්‍රීී ලංකාව හමුවේ නොසිතූ පරාජයට මුහුණ දුන්නේය. එංගලන්තයට තවත් තරග තුනක් ඉතිරිව ඇති අතර ඔවුන් අවසන් පූර්ව වටයට යාමට නම් අවම වශයෙන් ඉන් තරග දෙකක් ජයග්‍රහණය කළ යුතුය. ඒ අනුව ඔවුන්ට ඉදිරි තරග සඳහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා නවසීලන්තය හමුවීමට නියමිතය. 

අතීතයේ පටන් තම ප්‍රතිවාදියා වූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පිළිබඳව ද මෝගන් අදහස් දක්වා සිටියා. 

“මේක ජයග්‍රහණය කරන එක අනිවාර්යය නෑ. අපිට අවසන් පූර්ව වටයට යන්න හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න අවශ්‍ය නෑ.” 

ශකීබ්ගේ තුන් ඉරියව් දස්කම් බංගලියන්ට ජය ගෙනෙයි!

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් …………

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ ආබාධය ඔහුට තරග දෙකක් අහිමි කළ අතර ඔහුගේ තත්වය පිළිබඳව අදහස් දැක්වූ මෝගන් පවසා සිටියේ ජේසන් රෝයි ඕස්ට්‍රේලියා තරගයට ද ක්‍රීඩා නොකරන බවයි. 

“අද උදෑසන ජේසන්ගේ පරීක්ෂණයක් කළා. ඒක සුබ ආරංචියක්. ඒත් ඔහු හෙට තරගය ක්‍රීඩා කරන්න තරම් යෝග්‍ය තත්වයක නෑ. අපි ඔහුගේ තත්වය සතියක් බලනවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා.” 

ජේසන් රෝයිගෙන් හිස්වූ එංගලන්ත ආරම්භක පිතිකරු වගකීම පැවරුණේ ජේම්ස් වින්ස්ටය. නමුත් මේ දක්වා ඔහු රෝයිගේ අඩුපාඩුව මකා දැමීමට සමත් වූයේ නැත.

“ජේසන් රෝයි නැති එක ලොකු අඩුපාඩුවක්. ඔහු අපි වෙනුවෙන් ලොකු දෙයක් කරලා තියනවා. මම හිතනවා අපේ පිතිකරණය සම්පූර්ණයි කියලා. ජේම්ස් වින්ස් දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු දිහා බැලුවම ඒක පේනවා.”

“අපි ඔහු ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඔහු අපි වෙනුවෙන් උපරිමය කරයි කියලා.”

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<