එංගලන්තය පරදා සිංහ පැටව් තුන්කොන් ශූරතාවය දිනති!

98

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබ පෙරනිමිති පහළ කරමින් විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට අද (22) අළුයම භාගයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට හැකිවිය. ඒ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවති යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගනිමිනි. 

නවෝද් – කමිල් ශතක සබඳතාවය පරාජයකින් කෙලවර වෙයි!

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ…

සාමාන්‍යය තරග ජයකට වඩා මෙම ජයග්‍රහණය වැදගත් වන්නේ කාරණා තුනක් හේතුවෙනි. ඉන් පළමුවැන්න කාලයක් තිස්සේ යොවුන් කණ්ඩායම නියෝජනය කර අත්දැකීම් තිබූ ක්‍රීඩකයින් ගොන්නක් නොමැතිව නවක කණ්ඩායමක් ලෙස මෙවන් ජයක් ලැබීමයි. දෙවැන්න තමන්ට හුරු පුරුදු තණතිලි වලට වඩා සැබෑ වෙනසක් සහිත කොදෙව් දූපත් වලට ඉක්මනින් අනුගත වීමට ඔවුන් දැක්වූ හැකියාවයි. 

තෙවැන්න නම් වර්තමානයේ දක්ෂ තරුණ ක්‍රීඩකයින් ජාතික තලයට පොම්ප කිරීමේ කර්මාන්තශාලාවක් බවට පත්වී ඇති එංගලන්තයට එරෙහිව මෙවන් ජයක් වාර්තා කිරීමයි. එබැවිර එහිදී තම ප්‍රතිවාදී කණ්ඩායම් දෙකම පරාජය කිරීමට ඔවුන්ට හැකිවිය. නමුත් මූලික වටයේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කිරීමට එංගලන්තයට හැකි වූ නිසා ඔවුන් අවසන් තරගයට පිවිසෙන්නේ කුසලානය ජය ගැනීමට වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙසිනි. සත්කාරක කොදෙව්වන් මූලික වටයේ තරග දෙකක් පමණක් ජයගත් නිසා ඔවුන්ට සිදුවූයේ අවසන් තරගයේ නරඹන්නන් බවට පත් වීමටයි.

විකාශන ගැටලුවක් නිසා ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියට බාධා

2020 වසරේ ආරම්භයේ දී ටෙස්ට් තරග සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට…

පසුගිය තරග කිහිපයේ කුමක් සිදු වුවද රන් කුසලානය දෝත දැරීමට නම් අවශ්‍ය වන්නේ තවත් එක් තරග ජයක් පමණක් බව වටහාගත් ශ්‍රී ලංකා පිළ ඊයේ දිනයේ නව උද්‍යෝගයකින් ක්‍රීඩා කරන ආකාරය දැකිය හැකි විය. එය පළමු වරට තහවුරු වන්නේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය කිසිදු චකිතයකින් තොරව මුලින් පන්දුවට පහර දීමට එඩිතර තීරණයක් ගැනීමයි.

තම නායකයාගේ බලාපොරොත්තු බොඳ නොකළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගලය පළමු කඩුල්ල වෙනුවෙන්ම ශතක සබඳතාවයක් ගොඩ නගන්නේ එංගලන්ත යොවුන් ක්‍රීඩකයින්ගේ නළලත රැළි ගන්වමිනි. යොවුන් ඉනිම අරඹන නවෝද් පරණවිතාන සහ කමිල් මිශාර එම රාජකාරියට මනාව පෑහෙන සගයින් දෙදෙනෙකු බව මේ අයුරින් තහවුරු කරන්නේ පිට පිටම දෙවැනි වරටත් මුල් කඩුල්ලට ලකුණු 100කට වඩා එක් කරමිනි. 

තම කණ්ඩායමට හිස් අතින් මව්බිමට පියාසර කරන්නට ඉඩ නොතැබූ නවෝද් පරණවිතාන එහිදී විශිෂ්ට ශතකයක් ලබන්නේ ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 265ක් දක්වා ඉහළට ගෙන යන්නට උපකාරී වෙමිනි. පන්දු 119කට මුහුණ දෙමින් නවෝද් වාර්තා කළ ලකුණු 108ට දැකුම්කළු හතරේ පහර 16ක්ම ඇතුළත් විය. මේ වනවිට ඉතාමත් විශ්වාසනීය පිතිකරුවෙකුගේ ලක්ෂණ විදහා දක්වන කඩුලු රකින පිතිකරු කමිල් මිශාර ද ලකුණු 69ක් ලබා ගත්තේ පන්දු 84කට මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

නවක අබීද් අලි ශ්‍රී ලංකා කඳවුර හොල්ලයි!

පුරා වසර 15කට පසුව පාකිස්තානයේ දී ලබන ටෙස්ට් ජයක් පිලිබඳව සිහින මවමින් සිටි ශ්‍රී ලංකාවට…

මීට අමතරව රවිඳු රසන්ත ලකුණු 20ක් ද, අහන් වික්‍රමසිංහ ලකුණු 25ක් ද ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ඊයේ දිනයේ එතරම් සාර්ථක වීමට හැකි නොවීය. නමුත් ශ්‍රී ලංකාවට තරගයක් දිය හැකි ලකුණකට යන්නට මෙම මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාගේ දස්කම් ප්‍රමාණවත් විය. පන්දු යැවීමේ දී දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජෝජ් බැල්ඩර්සන් කඩුලු 4ක් ද, බ්ලේක් කූලෙන් කඩුලු 3ක් ද දවා ගත්හ.

ශ්‍රී ලංකාවට මෙම ලකුණු ප්‍රමාණය ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් ද යන්නට තිබූ සැක සංකා සියල්ල දුරු වන්නේ ප්‍රතිවාදීන්ගේ මුල් කඩුලු දෙකම ලකුණු 10ක් තුලදී දවා ගැනීමට අම්ශි ද සිල්වා සහ ඇශියන් ඩැනියෙල් සමත් වීමත් සමඟයි. නොසිතූ විරූ ලෙස එල්ල වූ මෙම ප්‍රහාරය හමුවේ එංගලන්තයේ පන්දුවාර පහර දීමේ වේගය සෑහෙන දුරකට අඩාල වූ බව දකින්නට ලැබුණු අතර බොහෝමයක් පිතිකරුවන් ලකුණු රැස් කිරීමට වැඩි පන්දු සංඛ්‍යාවක් වැය කරමින් කාලය කා දමනු දැක ගන්නට ලැබුණි.

එහිදී කණ්ඩායම වෙනුවෙන් එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ ජෝර්ඩන් කොක්ස් ලකුණු 72ක් ලබා ගත්තේ පන්දු 102කට මුහුණ දෙමිනි. ඔහු පසුගිය තරගයේ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට මූලිකත්වය ගත් ක්‍රීඩකයායි. කොක්ස්ගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මීට අමතරව ජැක් හේන්ස් ලකුණු 32ක් ද, ලෙවිස් ගොල්ඩ්ස්වර්ති ලකුණු 31ක් ද ලබාගත් නමුත් ශ්‍රී ලංකා අභියෝගය ජය ගැනීමට මෙම සුළු ලකුණු සංඛ්‍යා ප්‍රමාණවත් වූයේ නැත.

ටෙස්ට් වංශ කතාව අලුත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව කරච්චි පිටියට

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී …

එබැවින් ප්‍රබල එංගලන්ත යොවුන් පිළ ලකුණු 188කට සීමා කරමින් සිංහ කොල්ලන් තුන්කොන් රන් කුසලානය දෝත දරන්නේ ලකුණු 77ක පැහැදිලි සහ විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. ඒ සඳහා මූලිකත්වය ගත් පා දඟ පන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් කඩුලු 3ක් දවා ගනිද්දී ඇශියන් ඩැනියල්, සුදීර තිලකරත්න සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් දවා ගත්හ. 

මෙම කලාතුරකින් දකින්නට ලැබෙන තුන් ඉරියව් දස්කම් නිසාම අවසන් තරගයේ ජයග්‍රාහකයා ලෙස අවිවාදයෙන්ම සම්මාන දිනා ගැනීමට වමත් පිතිකරු නවෝද් පරණවිතානට හැකිවිය. ඒ සමස්ථ ක්‍රිකට් ලෝකයේම ඇස් යන්තම් 17 වැනි විය සපුරාලන විටදීම තමා දෙසට හරවා ගනිමිනි.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 265 (පන්දුවාර 50)

නවෝද් පරණවිතාන 108, කමිල් මිශාර 69, අහන් වික්‍රමසිංහ 25, රවිඳු රසන්ත 20, ජෝජ් බැල්ඩර්සන් 4/55, බ්ලේක් කූලෙන් 3/43.

එංගලන්ත යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 188 (පන්දුවාර 43.1)

ජෝර්ඩන් කොක්ස් 77, ජැක් හේන්ස් 32, ලෙවිස් ගොල්ඩ්ස්වර්ති 31, ජොයේ එවිසන් 25, කවිඳු නදීශාන් 3/43, ඇශියන් ඩැනියෙල් 2/25, සුදීර තිලකරත්න 2/31.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<