මොහොමඩ් ශේශාඩ්ගෙන් බරපතළ චෝදනාවක්

47371

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින, ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මොහොමඩ් ශේශාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය 7 වැනිදා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදි. ශේශාඩ්ව මෙලෙස තරගාවලියෙන් ඉවත් කළේ ඔහුගේ දණ හිස ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසාවෙනි.

ඇෆ්ගනිස්තානයට විශාල පාඩුවක්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින .

කෙසේ නමුත් තමන් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන ඉතාමත් සුවෙන් සිටින බවත්, තමන් හට කිසිදු ආබාධයක් නොමැති බවත්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුව කිසිදු පරීක්ෂණයක් සඳහා යොමු නොකළ බවත් මොහොමඩ් ශේශාඩ් පවසා තිබෙන බව ඇෆ්ගනිස්ථානයේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් වන මොහොමඩ් ඊබ්‍රහයිම් මොමන්ඩ් සිය නිල Twitter ගිණුමේ පළ කොට තිබේ.

 

 

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති අතර එම තරගයේ දී ලකුණු නොලබාම දැවී  යාමට ශේෂාඩ්ට සිදු විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී ඔහු ලකුණු 7ක් ලබාගෙන සිටිය දී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මොහොමඩ් ශේශාඩ්ව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර නිසා ඉක්‍රම් අලි ඛිල්ව ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි විය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<