නීති කැඩූ UAE ක්‍රීඩකයින් තිදෙනෙකුට වැඩ වරදී

168
එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායක රොහාන් මුස්තාෆා

පසුගිය සති අන්තයේ දී නිමාව දුටු නැඟී එන ආසියානු ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ක්‍රීඩක විනය නීති මාලාව උල්ලංඝනය වන පරිදි සමාජ මාධ්‍යය භාවිතා කිරීමේ වරදට එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායක රොහාන් මුස්තාෆා ඇතුළුව තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සති අටක කාලයක තරග තහනමක් පැනවීමට එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. තහනමට ලක් වූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ අහමඩ් රේසා සහ රමීස් ෂෙසාඩ්‍ ය.

නිපුන් ධනංජය හා දිනුක් ඩිල්ශාන් ශතක අතරට

අනාගතයේ ලොව දිනන පාසැල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව …

ඔවුන් සිය පෞද්ගලික ට්විටර් ගිණුම් යොදාගනිමින් කරච්චි නුවර ක්‍රීඩාංගණයේ පැවති පහසුකම් පිළිබඳ දැඩිව විවේචනය කර ඇති අතර එම තත්ත්වය උද්ගත වීමට හේතු පාදක වී ඇත්තේ හොංකොං කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක  තරගය අතරතුර දී කෙටි වේලාවක් ඇඳ හැළුණු වර්ෂාපතනයකින් අනතුරුව තරගය නැවතත් නියමිත වේලාවට ආරම්භ කිරීම සඳහා පිටිය සකස් කිරීමට ක්‍රීඩාංගණ කාර්‍ය මණ්ඩලය අපොහොසත් වීමයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන් එම තරගය ජය ගත යුතුව තිබූ අතර වර්ෂාව තරගයට හරස් වීමට පෙර පන්දුවාර 31ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 81ක් ලබා ගනිමින් ඉතා අසීරු අඩියක සිටි හොංකොං කණ්ඩායමෙන් තරගය උදුරා ගනිමින් සිටි මොහොතක දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර නැවතත් තරගය ආරම්භ කිරීමට පිටියේ ස්වභාවය යෝග්‍යය නොවූ හෙයින් තරගය අත්හැර දැමීමට විනිසුරුවන් දෙදෙනා තීරණය කර ඇත.

සුමතිපාල සභාපති සටනෙන් ඉවතට; සභාපති පුටුවට සිව් දෙනෙක් සටනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා …

තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට තිබූ ඉතා හොඳ  අවස්ථාවක් එසේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතින් ගිලිහී ගියේය.

චෝදනා ලැබ සිටින ක්‍රීඩකයින් තිදෙනා පසුව ඔවුන් පළ කල ට්විටර් පණිවිඩ සමාජ මාධ්‍ය තුලින් ඉවත් කරගෙන ඇති අතර මාධ්‍යය ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මඩුල්ල දන්වා සිටියේ පුළුල්ව පැවති  විනය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව මෙම චෝදනා ලද ක්‍රීඩකයින් තිදෙනා ක්‍රීඩක විනය නීති මාලාවට පටහැනිව සමාජ මාධ්‍යය භාවිත කර ඇති බවට ඔප්පු වී ඇති නිසාවෙන් සති 8ක කාල සීමාවක් දක්වා තරග තහනමක් පැනවීමට ඔවුන් තීන්දු කර ඇති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<