පාසල් අටක් මයිලෝ ජනාධිපති කුසලාන සටන් බිමේ

1375

රාජකීය විද්‍යාලයට ජය හිමි කර දෙමින් පසුගිය සති අන්තයේ දී සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලිය අවසාන වූ අතර මේ සති අන්තයේ දී පාසල් අටක් සමඟින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ වනු ඇත.

ජුනි 16 වැනිදා ආරම්භ වන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට, මයිලෝ  ජනාධිපති කුසලාන තරගාවලි සැලැස්මට අනුව කුසලාන ශූරතාවලියේ පළමු කණ්ඩායම් හය හා පළඟ ශූරතාවලියේ පළමු කණ්ඩායම් දෙක පිළිමළුන් පිටුදැකීමේ අකාරයෙන් තරගාවලියේ දී ක්‍රීඩා කරනු ඇත. කෙසේ වෙතත් ලීග් ශූරතාවය දිනූ රාජකීය විද්‍යාලය හා පළඟ ශූරතාවය දිනූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තරගාවලියට ක්‍රීඩා නොකරන බව ප්‍රකාශ කර තිබේ.

රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලානයෙන් ඉවත් වේ

පසුගිය 9 වැනිදා නිමාවට පත්වූ සිංගර් කුසලාන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව පැමිණ සමස්ත…

සභාපති කුසලාන, ජනාධිපති කුසලාන හා අගමැති කුසලාන ශුරයින්

සාන්ත තෝමස් හා රාජකීය විද්‍යාලය තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ කොළඹ වෙස්ලි විද්‍යාලයට හා අභිනවයෙන් A කාණ්ඩයට උසස් වූ කුරුණෑගල මලියදේව විද්‍යාලයත් මයිලෝ ජනාධිපති කුසලානයට ඇතුලත් වනු ඇත.

ඒ අනුව කුසලාන ශූරතාවයෙන් සාන්ත ජෝසප්, සාන්ත පීතර, ඉසිපතන, වෙස්ලි, කිංග්ස්වුඩ් හා ත්‍රිත්ව විදුහල් තරගාවලියට එක්වන අතර පලඟ ශූරතාවයෙන් සාන්ත අන්තෝනි හා මලියදේව තරගාවලියට එක්වනු ඇත.

පසුගිය වසරේ අගමැති කුසලානය දිනූ මලියදේව විද්‍යාලය මෙවර පළමු වතාවට ජනාධිපති කුසලානයට ක්‍රීඩා කරන අතර පසුගිය සතියේ දී පෙරළිකාර ජයක් වාර්තා කරමින් ඔවුන් A කාණ්ඩයට පිවිසීමට සමත් විය.

තරගාවලිය ජුනි 16 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර ජුනි 30 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගයෙන් තරගාවලිය අවසන් වනු ඇත.

ජනාධිපති කුසලානය සමගම අගමැති කුසලානය හා සභාපති කුසලානය ද C කාණ්ඩයේ හා දෙවන පෙළ කාණ්ඩයේ පාසල් (Division II) සඳහා පැවත්වෙනු ඇත.

තරගාවලියේ තරග සැලැස්ම මෙසේය.

මයිලෝ ජනාධිපති කුසලාන තරග සැලැස්ම (ThePapare Stats Centre 2018)

තරග කාල සටහන


>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<
ThePapare.com ඔබ වෙත මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ඩයලොග් TV නාලිකා අංක 1, MyTV හා ThePapare.com වෙතින් සජීවීව ගෙන ඒමට සූදානම්.