ජැක් හේන්ස්ගේ ඉනිම එංගලන්තයේ ගෞරවය රැකදෙයි

276
England Bunbury U16
Photo Credit: http://wccc.co.uk

එංගලන්ත වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම වෙනුවෙන් ජැක් හේන්ස් පෙන්නුම් කල දක්ෂ පිතිකරණ රටාව නිසා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට අද (30) ලකුණු 99ක අවාසනාවන්ත පරාජයක් උරුම විය. ඒ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුනු තෙවැනි එක්දින තරගයේ අවසන් ප්‍රතිඵලය ලෙසයි.

සදීරගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ආසියානු මහාද්වීපයේ නැගී එන කණ්ඩායම් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වදින උණුසුම් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවැත්වුනු අවසන් දිනය අදයි.

අද උදෑසන කාසියේ වාසිය තම කණ්ඩායම සතු කරගත් එංගලන්ත යොවුන් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන එහි පීඩනය යටතේ ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමේ අපේක්ෂාවෙනි. කණ්ඩායම් නායකයාගේ තීරණයට මනා දායකත්වයක් ලබා දුන් එංගලන්ත පිතිපෙළ තමන්ට හිමි පන්දුවාර 50 අවසානයේදී ලකුණු 245ක් වාර්තා කිරීමට සමත් වූහ.

එංගලන්ත කණ්ඩායමේ නැංගුරම බවට පත්වුණු යොවුන් ක්‍රීඩක ජැක් හේන්ස් සමස්ත පිතිපෙළම එකට එක්කාසු කොට තබා ගනිමින් ලකුණු 93ක් රැස් කළේය. ඔහුගේ මෙම අනභිභවනීය ක්‍රීඩා විලාශය හේතුවෙන් අනෙක් පිතිකරුවන්ට ඔහු වටා තම ඉනිම් ගොඩ නංවන්නට අවස්ථාව උදාවිය. සෑම් ඩෝර්සේ අද ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් වූ අතර අහමදුල්ලා කාඩ්‍රි ලකුණු 25කින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක යසිරු කතෘආරච්චි අද ලකුණු 31කට කඩුලු 4ක් දවාලීය. මීට අමතරව සඳුන් මෙන්ඩිස් ලකුණු 16කට කඩුලු 3ක් ද, ලහිරු මධුසංක ලකුණු 63කට කඩුලු 2ක් ද බිඳ හෙලමින් තම යොවුන් ජවය විදහාලූහ.

එංගලන්තයෙන් අත්වූ ලකුණු 246ක ඉලක්කය හඹා යන්නට උත්සාහ දැරූ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් අද පන්දුවාර 37යි පන්දු 2ක් තුලදී කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 146කදී දැවී ගියහ. එංගලන්ත යොවුන් පන්දු යැවීමේ බල ඇණිය මුලසිටම තරඟයේ පාලනය තමන් වෙත නතු කරගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැවත හිස එසවීමට අවස්ථාවක් උදා නොවීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පවන් රත්නායක වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 38ක් රැස් කළ අතර නවෝද් පරණවිතානගේ පිතිහරඹය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 36කින් ඉහළ දැමීමට උපකාරී විය. කෙසේවෙතත් මෙම කිසිදු පිතිකරුවෙකු සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අපොහොසත් වීම හේතුවෙන් එංගලන්ත 16න් පහළ කණ්ඩායමට ලකුණු 99ක පහසු ජයක් හිමිවිය.

කෙසේවෙතත් මෙම තරඟාවලියේ මුල් තරඟ දෙකම ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම ජයගත් අතර මෙය එංගලන්තයට තරඟාවලියේ ජය හිමිවූ ප්‍රථම අවස්ථාව බවට පත්විය. එබැවින් තවමත් තරග 2-1ක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් පසු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරඟාවලියේ සිව්වැනි සහ අවසන් එක්දින තරගය අප්‍රේල් මස පළමුවැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී හොඳින් දක්ෂතා දැක්වුවහොත් ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායමට තරඟාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

එංගලන්ත 16න් පහළ කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 245 (පන්දුවාර 50) ජැක් හේන්ස් 93, සෑම් ඩෝර්සේ 36, අහමදුල්ලා කාඩ්‍රි 25, යසිරු කතෘආරච්චි 4/31, සඳුන් මෙන්ඩිස් 3/16, ලහිරු මධුසංක 2/63.

ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 37.2) පවන් රත්නායක 38, නවෝද් පරණවිතාන 30, ලෙවින් ගොන්ඩ්ස්වර්ත් 3/17.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට