ශ්‍රී ලංකාවට එරෙහි ස්කොට්ලන්ත සංචිතය නිකුත් වේ

211

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ස්කොට්ලන්ත සංචිතය අද (14) නිකුත් කර තිබේ.

විරල දේ අතර පුදුම දේ කළ චමින්ද වාස්

පිට පිට පන්දු 3ක දී කඩුලු 3ක් දවා ගන්නවා ………

මේ තරගාවලියේ දීත් ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇත්තේ මුල්පෙළ පිතිකරුවෙක් වන කයිල් කෝට්සර් වෙතයි. එසේම පසුගිය දා නිමාව දුටු ඇෆ්ගනිස්තාන – ස්කොට්ලන්ත ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක්වූ රිචී බෙර්න්ගටන් වෙනුවට වයස අවුරුදු 23ක් වන තුන් ඉරියව් ක්‍රීඩක ඩිලන් බර්ජ් සංචිතයට කැඳවා ඇත.

එක්දින ක්‍රිකට් තරග දෙකකින් සමන්විත වූ ඇෆ්ගනිස්තාන – ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා නොපැවැත්වුණු අතර දෙවන තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 2කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

ස්කොට්ලන්ත සංචිතය – කයිල් කෝට්සර් (නායකයා), ඩිලන් බර්ජ්, ස්කොට් කැමරන්, මැතිව් ක්රොස් (කඩුලු රකින්නා), ඇලසාඩේර් එවන්ස්, මයිකල් ජෝන්ස්, මයිකල් ලීස්ක්, කාලම් මැක්ලියඩ්, ගවීන් මෙයින්, ජෝර්ජ් මන්සි, සෆියාන් ෂරීෆ්, ටොම් සෝල්, ක්රේග් වොලස්, මාර්ක් වොට්, බ්රේඩ් වීල්.

තරග කාලසටහන

  • පළමු එක්දින ජාත්යන්තර ක්‍රිකට් තරගය – මැයි 18  (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට)
  • දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය –  මැයි 21 (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට)

තරග දෙකම එඩින්බර්ග් හි ග්රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වේ.

තරගාවලියේ සජීවී ලකුණු සටහන්, එසැණ පුවත්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<