හැව්ලොක් තරුවට නව නවාතැනක්!

1332

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත ප්‍රියදර්ශන (බෝධි) එළඹෙන තරගවාරය වෙනුවෙන් CH&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

හැව්ලොක් පවුලට පෙම්බැඳි රණශූර ශක්තිවන්තයා – “බෝධි”

2009 වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ එක්වුණු “බෝධි” එවකට පටන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන චරිතයක් වූ අතර ජාතික සංචිතයට වුවද ඔහුගේ සේවය නැතිවම බැරි තත්වයක් උදා විය. Wing ක්‍රීඩකයෙකු ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ එක්වුණු “බෝධි” හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වන විට Prop ක්‍රීඩකයෙකු ලෙස තමන්ගේ ක්‍රීඩා විලාශය වෙනස් කරගත්තේය.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දිනවල ………

අන්තර් සමාජ ලීග් ශූරතාවලියේ සුපිරි වටයේ දී CH&FC කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙන් “බෝධි”ට ලීගයේ අවසන් සති කිහිපයෙන් හා ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන ශූරතාවලියෙන් ද ඉවත් වීමට සිදු විය. මෙම ආබාධය නිසා ඔහු ජාතික කණ්ඩායම් තේරීම් කටයුතු වැළකී සිටීමට සිදුවුවද, එළඹෙන තරගවාරයේ දී ඔහුගේ සේවය CH&FC කණ්ඩායමට තමන්ගේ සේවය ලබා දීමට “බෝධි” තීරණය කොට ඇත.

ලබන රග්බි තරගවාරය ආරම්භ කරමින් ඩයලොග් රග්බි ලීග් වාරය නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<