15න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිකුත් වේ

2769

මැලේසියාවේ පැවැත්වෙන “ටුයන්කු ජිෆාර්” වයස අවුරුදු 15න් පහළ ජාත්‍යන්තර අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය සාන්ත ජෝසප් විද්‍යාලයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දුනිත් වෙල්ලාලගේ හට ලබා දී ඇත.

ගාලු පුරවරයේ ආදරවන්තයෝ අවසන් හතරට

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2017/18 පළමු පෙළ අවසන් …

1991 වර්ෂයේ දී පළමු වරට පැවැත්වූ මෙම තරගාවලිය 2018 වර්ෂයේ දී පැවැත්වෙන්නේ 15 වන වරටයි. මෙම තරගාවලිය අප්‍රේල් මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා මැලේසියාවේ පිහිටි ක්‍රීඩාංගණ දෙකක දී පැවැත්වෙනු ඇත. වත්මන් ශූරයින් ලෙස තරගාවලියට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්ඩායම 11 වතාවක් මෙහි ශූරතාවය ජයග්‍රහණය කර ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, ලහිරු තිරිමාන්න, ලහිරු උදාන, ලහිරු ගමගේ, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ලහිරු කුමාර හා සඳුන් වීරක්කොඩි යන දක්ෂ ක්‍රීඩකයින් ද පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන කාල සමය තුළ මෙම තරගාවලිවල දී ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ  ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත.

“දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ තරුණ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් වයස අවුරුදු 15න් පහළ මට්ටමේ පැවති වටිනා අන්තර්ජාතික මට්ටමේ තරග ජයග්‍රහණය කර තිබෙනවා. මෙම තරගාවලිය හරහා අත්දැකීම් රාශියක් ලැබෙන අතර අපි සෑමවිටම මැලේසියාවේ දී ඉතාමත් හොඳ දස්කම් දක්වා තියෙනවා. මෙවරත් අපේ කණ්ඩායම ඉතාමත් හොඳින් තරගාවලිය අවසන් කරාවි.” යැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් වන ඩිල්ශාන් ද සිල්වා මහතා ThePapare.com වෙත පැවසීය.

වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා සංචිතය: දුනිත් වෙල්ලාලගේ (නායක – සාන්ත ජෝසප් විද්‍යාලය), අභිෂේක් ලියනාරච්චි (ඩී. එස්. සේනානායක විද්‍යාලය), ලහිරු චේතන (සාන්ත පීතර විද්‍යාලය), අසිත වන්නිනායක (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), කණික දයාරත්න (රාජකීය විද්‍යාලය), ශක්ති උදාර (හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය), ටෙහාන් පෙරේරා (ආනන්ද විද්‍යාලය), මිතිර තේනුර (කළුතර තිස්ස විද්‍යාලය), තරිඳු ගිමන්ත (වේල්ස් කුමර විද්‍යාලය), මිනෙත් ප්‍රේමරත්න (ආනන්ද විද්‍යාලය), රන්දුල දසුන් දුලක්ෂිත (පානදුර මහානාම විද්‍යාලය), රනුද මෙත්සන් සෝමරත්න (ත්‍රිත්ව විද්‍යාලය), රන්දුනු එදිරිසිංහ (රත්නපුර කුමර විද්‍යාලය), නිමාන් උමේෂ් (කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය)

නිලධාරීන්:

  • ප්‍රධාන මෙහෙයුම් නිලධාරි – සුසන්ත මෙන්ඩිස්
  • කළමනාකරු – පූජිත තිවිතොට
  • පුහුණුකරු – නාලක රත්නවීර
  • සංචාරයේ කණ්ඩායම් සහයක – වසන්ත කාරියවසම්

තරග කාලසටහන

අප්‍රේල් 23 (සඳුදා):

මැලේසියාව හා බංගලාදේශය – බයුමස් ඕවල්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව  – කෙලාබ් අමාන්

අප්‍රේල් 24 (අඟහරුවාදා):

මැලේසියාව හා දකුණු අප්‍රිකාව  – බයුමස් ඕවල්

ශ්‍රී ලංකාව හා බංගලාදේශය  – කෙලාබ් අමාන්

අප්‍රේල් 25 (බදාදා):  

මැලේසියාව හා ශ්‍රී ලංකාව – බයුමස් ඕවල්

දකුණු අප්‍රිකාව හා බංගලාදේශය  – කෙලාබ් අමාන්

අප්‍රේල් 27 (සිකුරාදා):

පළමු අර්ධ අවසන් පූර්ව තරගය – බයුමස් ඕවල්

දෙවන අර්ධ අවසන් පූර්ව තරගය  – කෙලාබ් අමාන්

අප්‍රේල් 28 (සෙනසුරාදා):

අවසන් මහා තරගය – බයුමස් ඕවල්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<