19න් පහළ කිරුළ නාත්තන්ඩිය ධම්මිස්සරට හා ගලිගමුව මධ්‍ය විද්‍යාලයට

1097

17 වන වරටත් පැවැත්වූ DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ, වයස අවුරුදු 19 පහළ බාලක සහ බාලිකා අවසන් මහා තරග අද (24) මහරගම තරුණසේවා සභා ගෘහස්ථ පිටියේ දී පැවති අතර එහි දී පිළිවෙළින් ගලිගමුව මධ්‍ය විද්‍යාලය හා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල ශූරතාවයන් ජයග්‍රහණය කිරීමට සමත් විය.  

සාන්ත සේවියර් හා රාජසිංහ මධ්‍ය විද්‍යාල අවසන් මහා තරගයට

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 17 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ බාලක වයස් කාණ්ඩ 3ක

බාලිකා අවසන් මහා තරගය

මෙම තරගය සඳහා හුංගම විජයබා විද්‍යාලය හා ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලබාගෙන තිබුණි.

අවසන් පූර්ව තරගවල දී ඔවුන් හමුවේ පිළිවෙළින් ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය වට 2/1ක් ලෙස හා ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය වට 2/0ක් ලෙස පරාජය විය.

තරගයේ පළමු වටයේ ආරම්භයේ පටන් ගලිගමුව මධ්‍ය විද්‍යාලය විසින් විජයබා විද්‍යාලයට හොඳ තරගයක් දෙමින් ක්‍රීඩා කළ අතර, තරගයේ මුල සිටම පවත්වා ගෙන ආ ලකුණු ලබා ගැනීමේ රිද්මය දිගින් දිගටම පවත්වාගත් ගලිගමුව විද්‍යාලය 17-25ක් ලෙස පළමු වටය පහසුවෙන්ම ජයග්‍රහණය කළේය.

තරගයේ දෙවන වටය තුළ දී, අවසන් මහා තරගයක තිබිය යුතු උද්වේගකර බව විජයබා විද්‍යාලය අතින් යම් මට්ටමකට ගිලිහී යනු දැකගන්නට ලැබුණු අතර, එයින් උපරිම ඵල නෙලාගත් ගලිගමුව ක්‍රීඩිකාවන් එම තරග වටය 11-25ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

17න් පහළ බාලිකා ශූරතාවය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලිය යටතේ වයස අවුරුදු 17න් පහළ බාලිකා අංශයේ අවසන් මහා තරගය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය  …

තරගයේ තීරණාත්මක තෙවන වටය තුළ ගලිගමුව ක්‍රීඩිකාවන් පෙර තරග වට ද්විත්වයේ ක්‍රීඩා කළ ආකාරයෙන්ම ක්‍රීඩා කළ අතර පෙර තරග වටයට වඩා ලකුණු කිහිපයක් ඉදිරියට පැමිණීමට විජයබා විද්‍යාලයට හැකියාව ලැබුණත් එය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීමට සචිනි රුවන්තිකා ප්‍රමුඛ ගලිගමුව ක්‍රීඩිකාවන් අවස්ථාව ලබා දුන්නේ නැත. එම තරග වටය 15-25ක් ලෙස අවසන් වූයේ තරග වට 3/0ක් ලෙස ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය දිනා ගනිමිනි.

අවසන් මහා තරගය

  • හුංගම විජයබා විද්‍යාලය සහ ගලිගමුව මධ්‍ය  මහා විද්‍යාලය (17-25, 11-25, 15-25)

අර්ධ අවසන් වටය

  • හුංගම විජයබා ජාතික පාසල සහ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය (24-26, 25-23, 25-12)
  • ගලිගමුව මධ්‍ය මහා විදුහල සහ ඇහැලියගොඩ ධර්මපාල විදුහල (25-15, 25-17)

තෙවන ස්ථානය සඳහා වන තරගය

  • ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය සහ ඇහැලියගොඩ ධර්මපාල විදුහල (25-13, 25-17)

සම්මාන ප්‍රදානය

  • හොඳම පන්දු ඔසවන්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී විජේසිංහ (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම ප්‍රහාරිකාව – එච්. ජී. ශකීරා ලක්වානි (හුංගම විජයබා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – සචිනි රුවන්තිකා ප්‍රේමරත්න (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – එච්. පී. නිමේෂිකා සෙව්වන්දි (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)


බාලක අවසන් මහා තරගය

ගියවර තෙවන ස්ථානය දිනාගත් රාජසිංහ මධ්‍ය විද්‍යාලය හා ගියවර අනුශූරතාවය දිනාගත් නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය අවසන් මහා තරග සඳහා සුදුසුකම්  ලබා ගත්තේ, අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වට 2/1ක් ලෙස හා සීදුව දවිසමර මහා විද්‍යාලය වට 2/0ක් ලෙස පරාජය කරමිනි.

DSI වොලිබෝල් සටනේ දී උහන, ගලිගමුව සහ හුංගම බාලිකාවන්ගෙන් ඉහළ දස්කම්

අම්පාර – උහන තිස්සපුර විද්‍යාලය, ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල 17 වන DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලියේ…

අවසන් මහා තරගයේ පළමු වටයේ මුල් මිනිත්තු කිහිපය තුළ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය පෙරමුණේ පසුවූවත්, ඔවුන්ගේ දුර්වලතා මනාව හඳුනා ගෙන ක්‍රීඩා කළ රාජසිංහ ක්‍රීඩකයෝ පළමු වටය ඉතාමත් ජයග්‍රාහීව අවසන් කළේ 25-21ක් ලෙසයි.

දෙවන වටයේ මුල සිටම වැඩි වාසිය තමන් සන්තකයේ තබා ගැනීමට රාජසිංහ විද්‍යාලයට හැකි වූවත්, ලකුණු 18-25ක ජයක් ලබා ගැනීමට ධම්මිස්සර විද්‍යාලය සමත් විය.

ධම්මිස්සර ක්‍රීඩකයින් නිමා වූ දෙවන වටය තුළ එල්ල කළාසේම වේගවත් පහර එල්ල කළත්, තෙවැනි වටයේ මුල සිටම පෙරමුණ ගැනීමට රාජසිංහ විද්‍යාලය සමත් වූ අතර, එම වටය අවසන් වූයේ ලකුණු 25-19ක් ලෙස රාජසිංහ විද්‍යාලයට ජය හිමි කර දෙමිනි.

තරගයේ සිව්වන වටය ජවය හා තියුණුබව බව ඉතාමත් හොඳින් විහිදූ තරගය වටයක් වූ අතර, තරග වටයේ මුල් ලකුණු කිහිපය තුළ රාජසිංහ විද්‍යාලය පෙරමුණේ පසුවීම නිසා බොහෝමයක් දෙනා සිතුවේ මෙය තරගයේ අවසන් වටය වනු ඇති බවයි. නමුත් පීඩනය හමුවේ නොසැලුණු ධම්මිස්සර ක්‍රීඩකයින්ගේ පිරිනැමීම් හා එසවීම් මැද තරගය තවත් වටයකින් ඉදිරියට රැගෙන යාමට ධම්මිස්සර ක්‍රීඩකයින් සමත් වූයේ ලකුණු 26-28ක් ලෙස එම වටය අවසන් කරමිනි.

සාන්ත සේවියර් හා රාජසිංහ මධ්‍ය විද්‍යාල අවසන් මහා තරගයට

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 17 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ බාලක…

කෙසේ නමුත් ගියවර අනුශූරතාවය දිනාගත් ධම්මිස්සර ජාතික පාසල අවසන් හා පස්වන වටය ලකුණු 09-15ක් ලෙස අවසන් කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ගියවර තෙවන ස්ථානය දිනාගත් රාජසිංහ විද්‍යාලයට මෙවර අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය තෙවන ස්ථානය ජයග්‍රහණය කළේය.

අවසන් මහා තරගය

  • රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ ධම්මිස්සර ජාතික පාසල (25-21, 18-25, 25-19, 26-28, 09-15)

අර්ධ අවසන් පූර්ව තරග

  • රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (25-16, 17-25, 25-15)
  • ධම්මිස්සර ජාතික පාසල සහ දවිසමර විදුහල (25-18, 25-14)

තෙවන ස්ථානය සඳහා වන තරගය

  • සාන්ත ජෝසප් වාස් විදුහල සහ දවිසමර විදුහල (25-20, 25-20)

සම්මාන ප්‍රදානය

  • හොඳම පන්දු ඔසවන්නා – ඩී. එල් රිශාන් ශානුක (ධම්මිස්සර ජාතික පාසල)
  • හොඳම ප්‍රහාරකයා – නුවන්ද දිල්ශාන් (ධම්මිස්සර ජාතික පාසල)
  • දක්ෂතම ක්‍රීඩකයා – සංඛ ජයරත්න  (රාජසිංහ මධ්‍ය විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – මහේල ඉන්දීවර බණ්ඩාර  (ධම්මිස්සර ජාතික පාසල)

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට