මහේල ප්‍රමුඛ ධම්මිස්සර ක්‍රීඩකයෝ නැවත වරක් පාසල් වොලිබෝල් පිටිය කලඹති

1861

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ බාලක වයස අවුරුදු 19න් පහළ අවසන් මහා තරගය අද (4) මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණු අතර රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් වට 3-0ක් ලෙස තරගාවලියේ වැදගත්ම වයස් කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය සමත් විය.  

දිවයිනේ වොලිබෝල් ක්‍රීඩාවට නම් දැරූ සුපිරි කණ්ඩායම් දෙකක් වන නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය තරගාවලියේ ශූරයින් ලෙස තමන්ගේ පාසලට ගෞරවය රැගෙන යන්නට තියුණු සටනක නිරත වූයේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින්.

පසුපසින් හඹා ආ ආනමඩුව ක්‍රීඩිකාවෝ 19න් පහළ ශූරතාවය දිනති

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වන අද (4) උදෑසන දෙවන තරගය ලෙස ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා මහ…

ඒ අනුව වයස අවුරුදු 19න් පහළ අනුශූරයින් ලෙස රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අභිෂේක ලැබූ අතර තෙවන ස්ථානය දිනා ගැනීමට මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය සමත් විය.

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබන්නට නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ දක්ෂ කෙටි පන්දු ප්‍රහාරකයෙකු වන මහේල ඉන්දීවර සමත්විය.

 (දක්ෂ කෙටි පන්දු ප්‍රහාරකයෙකු වන මහේල සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කැඳවා ගෙන ගියේ කණ්ඩායමේ නායකත්වය ද දරමිනි)

අවසන් මහා තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ මලීෂ රවිශාන් සම්මාන දිනාගත් අතර දක්ෂතම ප්‍රහාරකයා ලෙස එම විද්‍යාලයේම යොහාන් චානුක සමාන දිනා ගන්නා ලදි. වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුර ප්‍රභාත් සම්මාන දිනා ගන්නා ලදි.

කණ්ඩායම් දෙකේම ප්‍රේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් සැණකෙළියක ස්වරූපය ගත් මහරගම යොවුන් කැදැල්ලේ බාලක අවසන් මහා තරගයේ පළමු ලකුණ ලබා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වුනා.

කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් ඉතා උස වූ බැවින් පළමු මිනිත්තුවේ සිටම තරගය ඉතා උණුසුම් වූ අතර ශිල්පීය දක්ෂතා, පන්දු පිරිනැමීම් මෙන්ම පන්දු ගොඩ ගැනීම් ද ඉතා ඉහළ මට්ටමක පැවතියා.

නාත්තන්ඩිය ක්‍රීඩකයින් ලකුණු තුනක් පිට පිට රැස් කරමින් සුපිරි ආරම්භයක් ලබා ගත් අතර රාජසිංහ ක්‍රීඩකයෝ ද ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වුනත් මිනිත්තු කිහිපයක් ගත වනතුරු ධම්මිස්සර ක්‍රීඩකයින්ගේ වේගයට ඔවුන් සතුව පිළිතුරක් තිබුණේ නැත. (ධම්මිස්සර 07-04 රාජසිංහ)

විදුර ප්‍රභාත්ගේ සුපිරි ප්‍රහාරවලින් රාජසිංහ ක්‍රීඩකයින් ධම්මිස්සර ලකුණු සීමාව ආසන්නයටම පැමිණීමට සමත් වූ නමුත් ධම්මිස්සර ක්‍රීඩකයින්ගේ සුපිරි ස්ථානගත කිරීම්  ඔවුන්ට පෙරමුණ ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත.

වේගවත් සිංහයෝ මාරවිල ආක්‍රමණය කරති; විජයබා ක්‍රීඩිකාවන්ට ආනමඩුව හමුවේ පහසු ජයක්

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වන අද (4) උදෑසන පළමු තරගයට එක්වුණේ වයස අවුරුදු 17න් පහළ බාලක අවසන්…

පළමු තාක්ෂණික කෙටි විවේකය ලබා ගන්නා විට ධම්මිස්සර කණ්ඩායම ලකුණු 12-08ක් ලෙස පෙරමුණේ පසුවිය .දිගින් දිගටම ක්‍රියාත්මක වූ ධම්මිස්සර ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ගේ ප්‍රහාර දක්ෂ ලෙස ආවරණය කරමින් ලකුණු රැස් කළ අතර රාජසිංහ ක්‍රීඩකයින්ට ධම්මිස්සර ක්‍රීඩකයින් ඉපිලී කරන ප්‍රහාරවල දිශාව පිළිබඳ කිසිදු අවබෝධයක් තිබුණේ නැත. (ධම්මිස්සර 20-15 රාජසිංහ)

ධම්මිස්සර ආවරණයේ වැදී යන සේ ප්‍රහාර එල්ල කිරීමෙන් රාජසිංහ ක්‍රීඩකයින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් අතර දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විටත් පෙරමුණේ සිටියේ ධම්මිස්සර කණ්ඩායමයි. (ධම්මිස්සර 21-18 රාජසිංහ)

රාජසිංහ ක්‍රීඩකයින් ද ලකුණු පරතරය එතරම් ඉහළ යන්නට ඉඩ ලබා නොදුන් අතර තෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට සිය උපක්‍රම සියල්ල භාවිතා කළ රාජසිංහ විද්‍යාලයත්, වේගවත් ධම්මිස්සර ක්‍රීඩකයනුත් අතර තිබුණේ එක ලකුණක පරතරයක් පමණි. (ධම්මිස්සර 22-21 රාජසිංහ)

ධම්මිස්සර ක්‍රීඩක මහේල ඉපිලී කරන වේගවත් පන්දු ප්‍රහාරවලින් ලකුණු රැස් කරද්දී, රාජසිංහ ක්‍රීඩකයෙකු සීමාව ඉක්මවා යෑම නිසා ධම්මිස්සර කණ්ඩායමට 25වන ලකුණ හිමි වූයේ තියුණු වටයක ජය ධම්මිස්සර කණ්ඩායමට හිමි කර දෙමින්.

පළමු වටය: නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය 25-22 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය  

පළමු වටයේ ලද විශ්වාසයෙන් ධම්මිස්සර ක්‍රීඩකයින් දෙවන වටය ආරම්භ කළ නමුත් මෙවර පළමු ලකුණ රැස් කරගත්තේ රුවන්වැල්ල ක්‍රීඩකයින් විසින්. රාජසිංහ ප්‍රහාරයට ඒ මොහොතේම පිළිතුරු දුන් ධම්මිස්සර ක්‍රීඩකයින් ද ලකුණක් රැස් කළේ තියුණු වටයක් ආරම්භ කරමින්.

හසිත ධනංජය විශිෂ්ට පිරිනැමීම් මගින් ධම්මිස්සර ක්‍රීඩකයින්ට ලකුණු රැස්කර දුන් අතර ගුවනේ මුසු වී කරන ඔහුගේ පිරිනැමීම් ඉතා දැකුම්කළු විය.

පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ධම්මිස්සර කණ්ඩායම් ලකුණු 08-05ක් ලෙස ඉදිරියෙන්.

වේගවත් සිංහයෝ මාරවිල ආක්‍රමණය කරති; විජයබා ක්‍රීඩිකාවන්ට ආනමඩුව හමුවේ පහසු ජයක්

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වන අද (4) උදෑසන පළමු තරගයට එක්වුණේ වයස අවුරුදු 17න් පහළ බාලක අවසන්…

තරගය තමන්ගේ අතින් ගිලිහෙන්නට නොදුන් රාජසිංහ ක්‍රීඩකයෝ ධම්මිස්සර ක්‍රීඩකයින්ගේ පසු පසේම රැඳී සිටියේ කිහිප වරක්ම ලකුණු සමකර ගනිමින්.

ධම්මිස්සර ක්‍රීඩකයින් වේගවත් පන්දු ප්‍රහාරවලින් ලකුණු රැස් කරද්දී ධම්මිස්සර ආවරණයේ අඩුපාඩු මනා ලෙස යොදා ගනිමින් රාජසිංහ ක්‍රීඩකයින් ලකුණු රැස් කළේය. (ධම්මිස්සර 13-12 රාජසිංහ)

කණ්ඩායම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වූ අතර දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විටත් ධම්මිස්සර ක්‍රීඩකයින් ලකුණු 20-17ක් ලෙස ඉදිරියෙන් පසුවිය.

කණ්ඩායම් දෙකේම කෙටි පන්දු ප්‍රහාරකයින්ගේ දක්ෂතා නිසා ලකුණු පුවරුව 22-22ක් බවට පත්වූයේ තරගය තවත් තියුණු කරමිනි. රුවන්වැල්ල කණ්ඩායමේ ලහිරු හිරන්තගේ කෙටි පන්දු ප්‍රහාර ඉතා ආකර්ෂණීය වූ නමුත් තරගයේ වේගය පාලනය කළ ධම්මිස්සර ක්‍රීඩකයෝ දෙවන වටය ද ජය ගත්තේ ලකුණු 22-25ක් ලෙසයි.

දෙවන වටය: නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය 25-22 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය  

තරගයේ තවදුරටත් රැඳී සිටීමට නම් රාජසිංහ ක්‍රීඩකයින්ට මේ වටයේ ජය අනිවාර්ය විය. පළමු ලකුණ වාර්තා කිරීමට ඉන්දීවර ප්‍රමුඛ ධම්මිස්සර ක්‍රීඩකයින් සමත් වූයේ නැවතත් තරගයේ පෙරමුණ ගනිමින්.

නැවත වතාවක් කණ්ඩායම් දෙකම සුපුරුදු රිද්මයට පිවිසුණු අතර ධම්මිස්සර ආවරණයේ දුර්වල තැන සොයා රුවන්වැල්ලත්, රුවන්වැල්ලේ ක්‍රීඩකයින් නොමැති ස්ථාන සොයා ධම්මිස්සර ක්‍රීඩකයිනුත් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණි.

නිර්මාණශීලී අවස්ථා රැසක් නිර්මාණය කර ගත් වේගවත් ධම්මිස්සර කෙටි පන්දු ප්‍රහාරකයින් පළමු තාක්ෂණික කෙටි විවේකය ලබා ගන්නා විට ඉදිරියෙන් සිටියේ ලකුණු 08-11ක් ලෙසයි.

තරගයේ වේගවත් බව නිසාම විනිශ්චයන් ලබා දීමේ දී විනිසුරුවරුනුත් දැඩි අපහසුතාවයට පත්විය.

ලකුණු ගලා යාම නැවැත්වීමට රුවන්වැල්ල රාජසිංහ පුහුණුකරු පළමු තාක්ෂණික කෙටි විවේකය ලබා ගන්නා විට ලකුණු 15-11ක් ලෙස ධම්මිස්සර ඉදිරියෙන් පසුවිය.

කෙටි ඔසවාදීම් වලින් ක්ෂණයෙන් ක්‍රියාත්මක වන ධම්මිස්සර ක්‍රීඩකයින් දක්ෂ ලෙස කිහිපවරක්ම රුවන්වැල්ල ක්‍රීඩකයින් තුලින් පන්දුව ස්ථානගත කළේ ජය පෙනෙන විසිවන ලකුණ දක්වා පැමිණෙමින්. (ධම්මිස්සර 20-17 රාජසිංහ)

>> තරගාවලියේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

මහේල ඉන්දීවර ජය පෙනෙන මානයට ධම්මිස්සර ක්‍රීඩකයින් ගෙන එන්නට සමත් වූ අතර තරගය අත් නොහල රාජසිංහයන් ලකුණු තත්වය 22-24ක් බවට පත් කළත් අවසාන ධම්මිස්සර වේගවත් කෙටි පන්දු ප්‍රහාරය රාජසිංහ බලාපොරොත්තු සුනුවිසුනු කර දැමීමට සමත් විය.

තෙවන වටය: නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය 25-22 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය  

තරගාවලිය අවසානයේ 2018 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ දිනූෂා දිල්රුක්ෂි සම්මාන දිනා ගත් අතර 2018 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ මහේල ඉන්දීවර සම්මාන දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 19න් පහළ අවසන් මහා තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය මලීෂ රවිශාන් ද, දක්ෂතම ප්‍රහාරකයා ලෙස යොහාන් චානුක ද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුර ප්‍රභාත් ද සම්මානයට පාත්‍ර විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න වොලිබෝල් පිටුවට <<