ජෝසප් වාස් ක්‍රීඩකයින් සහ උහන ක්‍රීඩිකාවන් 15න් පහළ ශූරතා ඩැහැගනී

500

2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් විය. වට පහක් පුරා දිගහැරුණු තියුණු සටනකින් පසු බාලක ශූරතාවය දිනා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් විය. වට පහක් පුරා දිගහැරුණු තියුණු සටනකින් පසු බාලක ශූරතාවය දිනා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

උහන තිස්සපුර, හලාවත රදගුරු 11න් පහළ ශූරතා දිනති

ගමේ ක්‍රීඩා තරු ජාතික තලයට ගෙන එන්නට ඉමහත් සේවයක් ඉටු කරන DSI සුපර් ස්පෝර්ට්ස්…

2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (3) මහරගම තරුණසේවා සභා වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18 වන වරට වන අතර කණ්ඩායම් 4000ක් පමණ සහභාගී වූ මෙම තරගාවලිය 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩවල තරග ක්‍රියාත්මක විය.

අද දිනයේ උදෑසන වයස අවුරුදු 11න් පහළ බාලක, බාලිකා අවසන් මහා තරග සහ වයස අවුරුදු 13න් පහළ බාලිකා අවසන් මහා තරගය පැවැත්විය.

වයස අවුරුදු 15න් පහල බාලක අවසන් මහා තරගය

වයස අවුරුදු 15න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා තරගාවලියේ සුපිරි කණ්ඩායම් දෙකක් වූ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය තරගය කළ අතර පස්වැනි වටය දක්වාම ක්‍රියාත්මක වූ සුපිරි තරගයකට පසු වට 3-2ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් විය. තරගයේ පළමු වටය පරාජය වුවද තරගය අත්නොහළ ජෝසප් වාස් ක්‍රීඩකයෝ පස්වැනි වටය දක්වා තරගය රැගෙන ගියේ තරගයේ ජය තමන් සතුකර ගනිමිනි.

මෙම වයස් කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

අවසන් මහා තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස ජෝසප් වාස් විද්‍යාලයේ රිශාන් සෙනුර සම්මාන දිනාගත් අතර දක්ෂතම ප්‍රහාරකයා ලෙස සාන්ත සේවියර් විද්‍යාලයේ සමිත් මධුශාන් සම්මාන දිනා ගන්නා ලදි. අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජෝසප් වාස් විද්‍යාලයේ නදුන් ඉඳුසර සම්මාන දිනා ගත්තේය.

වොලිබෝල් ක්‍රීඩාවේ නම් දැරූ කණ්ඩායම් දෙකක් සටන් වැදුණු මේ තරගය ඉතා උණුසුම් වූ අතර පළමු වටයේ මංගල පන්දු පිරිනැමීමෙන්ම ලකුණු ලබා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ආරම්භයේ දී මාරවිල ක්‍රීඩකයින් පසුපසින් සිටිය ද ක්‍රමයෙන් ඔවුන් ජෝසප් වාස් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කිරීමට සමත් විය. ක්‍රමක්‍රමයෙන් කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වූ අතර බොහෝ විට ලකුණු සටහනේ ලකුණු පරතරය එක් ලකුණකට සීමා විය.

සේවියර් කණ්ඩායමේ මදුශාන් ප්‍රනාන්දු දක්ෂ ලෙස ජෝසප් වාස් ආවරණ මග හරිමින් පන්දුව ස්ථානගත කළේ වරින්වර ලකුණු කිහිපයක්ම ජෝසප් වාස් ක්‍රීඩකයින්ගෙන් උදුරා ගනිමිනි.

පිටියේ ස්ථාවරම කණ්ඩායම බවට පත්වූ පසුගිය වසරේ ද මේ වයස් කාණ්ඩය ජය ගත් සාන්ත සේවියර් ක්‍රීඩකයෝ ලකුණු 17-25ක් ලෙස පළමු වටය ජය ගැනීමට සමත් වූහ.

පළමු වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 25-17 වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

පෙරළිකාර ස්වභාවයක් ඉසිලූ දෙවන වටය ඉතා උණුසුම් වූ අතර පළමු වටයේ මෙන්ම කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත විය. කණ්ඩායම් දෙකම සුපුරුදු රිද්මයන්ට පිවිස සිටි අතර සාන්ත සේවියර් විද්‍යාලයේ ප්‍රහාරකයින් ඉපිලී කරන ප්‍රහාරයන් ජෝසප් වාස් ක්‍රීඩකයින්ගේ ප්‍රධානතම ගැටලුව විය.

කෙසේ වුවත් දෙවන වටයේ වැඩි කාලයක් පෙරමුණේ සිටීමට ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වූ අතර සේවියර් ක්‍රීඩකයින්ගේ පාලනයෙන් ගිලිහි ගිය දෙවන වටය ලකුණු 25-18ක් ලෙස ජය ගැනීමට ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් විය.

දෙවන වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 18-25 වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

කණ්ඩායම් දෙකම එක් වටය බැගින් ජයගෙන තිබූ නිසා තෙවන වටය ඉතා උණුසුම් විය.

පළමු ලකුණේ සිටම කරට කර ක්‍රියාත්මක වුන තෙවන වටය ඉදිරියට ඇදුණේ කණ්ඩායම් දෙකම මාරුවෙන් මාරුවට ලකුණු රැස් කරමින්ය. ඉබි ගමනින් නමුත් අලංකාර ද්වන්ද ප්‍රහාරයන්ගෙන් ඉදිරියට ඇදුණු ලකුණු 57ක තුන්වැනි තරග වටය ලකුණු 29-27ක් ලෙස ජයගන්නට සමත් වූයේ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයයි.

නියමිත ලකුණු පරතරය නොතිබූ නිසා තරගය ලකුණු 25 සීමාවෙනුත් එපිටට යෑම මේ වටයේ විශේෂම සිදුවීම විය.

උහන තිස්සපුර බාලිකාවෝ දෙවන ශූරතාවයත් දිනයි

ගමේ ක්‍රීඩා තරු ජාතික තලයට ගෙන එන්නට ඉමහත් සේවයක් ඉටු කරන DSI සුපර් ස්පෝර්ට්ස් …

තෙවන වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 29-27 වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

තරගයේ තීරණාත්මකම තරග වටය වුන තෙවන තරග වටයේ ආරම්භයේ දී පෙරමුණ ගැනීමට ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ. පන්දුව ලබා ගැනීමේ දී සේවියර් ක්‍රීඩකයින් දිගින් දිගටම එකම දුර්වලතාවය පෙන්වූ අතර එයින් මනාව වාසි ලබා ගන්නට ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සිව්වැනි වටයේ දී ලකුණු දහයකට වැඩි ලකුණු පරතරයක් ලබා ගැනීමට ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වූ අතර සේවියර් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ලකුණු පරතරය ද රැකගෙන ලකුණු 25-16ක් ලෙස තෙවන වටය ජයගෙන තරගය පස්වැනි වටය දක්වාම රැගෙන යන්නට ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සිව්වැනි වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 25-16 වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

සිව්වැනි වටයේ දී වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින්ගෙන් පහර පිට පහර ලැබූ සේවියර් ක්‍රීඩකයින්ට පස්වැනි වටයේ ද ආරම්භයේම ජෝසප් වාස් ක්‍රීඩකයින්ගෙන් තියුණු ප්‍රහාරයක් එල්ල විය.

පෙර වටයේ රිද්මයෙන්ම ලකුණු රැස් කළ ජෝසප් වාස් ක්‍රීඩකයන් ජය පෙනෙන මානයට පැමිණි පසු ද තරගය අත් නොහල සේවියර් ක්‍රීඩකයින් ඔවුන් හඹා ආවේ ජෝසප් වාස් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

එක් විටක ලකුණු 10-05ක් ලෙස දිස් වූ ලකුණු පුවරුව මිනිත්තු කිහිපයක අවෑමෙන් ලකුණු 14-14ක් බවට පත්වූයේ සේවියර් ක්‍රීඩකයින්ගේ මහන්සිය නිසාමය.

කෙසේ නමුත් අවසන් ලකුණ ලබා ගත් ජෝසප් වාස් විද්‍යාලය තරගයේ ජය හිමිකර ගත්තේ වට පහක තියුණු තරගයකින් පසු වයස අවුරුදු 15න් පහළ බාලක ශූරයින් ලෙස අභිෂේක ලබමින්ය.

පස්වැනි වටය:  මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 16-17 වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

ලයන්ස් ඉදිරියේ රැචසිමා දණ නමයි

මියන්මාරයේ Nay Pyi Taw හිදී මේ දිනවල පැවැත්වෙන ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ ….


වයස අවුරුදු 15න් පහළ බාලිකා අවසන් මහා තරගය

දිනයේ සිය තුන්වන අවසන් මහා තරගයට සහභාගී වුන අම්පාර උහන තිස්සපුර විද්‍යාලය හා කිරිඳිවැල සංඝමිත්තා විද්‍යාලය වයස අවුරුදු 15න් පහළ බාලිකා අවසන් මහා තරගයට තරග වැදුණි. ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වය මධ්‍යයේ ඉතාම උණුසුම් තරගයක් වූ මේ තරගයේ ජය වට 3-0ක් ලෙස හිමිකර ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් විය.

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්පාර උහන තිස්සපුර විද්‍යාලයේ චතුරි ශිවන්තිකා සම්මාන දිනාගද්දී, එම විද්‍යාලයේම කාවින්ද්‍යා මධුශානි දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසත්, සත්‍යා සෙව්වන්දි දක්ෂතම ප්‍රහාරිකාව ලෙසත් සම්මාන දිනා ගන්නා ලදි.

මේ දක්වා පැවති තරගවලින් ඉතාම තියුණු මුහුණුවරක් ගත් පළමු තරගය මේ තරගය වූ අතර කණ්ඩායම් දෙකම ඉතා උණුසුම් කරට කර සටනක නිරත විය.

කණ්ඩායම් දෙකේම පන්දු ගොඩ ගැනීම්, පන්දු සකස් කිරීම් හා ඉපිලී පහර එල්ල කිරීම් ඉතාම අලංකාර තත්වයක තිබූ අතර අම්පාර උහන ක්‍රීඩිකාවන් පෙරමුණ ගැනීමට සමත්වුවද වටය අවසාන වන තෙක්ම සංඝමිත්තා ක්‍රීඩිකාවෝ හඹා ඒමේ සිය උත්සාහය අතහැරියේ නැත.

පළමු වටය අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 25-16 කිරිඳිවැල සංඝමිත්තා විද්‍යාලය

උහන කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරක ක්‍රීඩිකාව වූ චතුරිකා ඉතා හොඳ ඉපිලීමක් ලබා ගනිමින් දෙවන වටය ද ලකුණු සමඟින් ආරම්භ කළ අතර ක්‍රමක්‍රමයෙන් උහන ක්‍රීඩිකාවන්  ජය සොයා ඉදිරියට ඇදුණේ ලකුණු පරතරය වැඩි කරගනිමිනි.

උහන තිස්සපුර කණ්ඩායමේ සප්නා සෙව්වන්දි ගුවනට මුසුවී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් නොමැති ස්ථාන සොයා කිහිපවරක්ම අලංකාරව පන්දුව යොමුකරමින් ලකුණු රැස් කළ අතර උහන ක්‍රීඩිකාවන්ගේ වේගය හා පන්දු ස්ථානගත කිරීම් හමුවේ සංඝමිත්තා බාලිකා ක්‍රීඩිකාවන් දිගින් දිගටම අසරණ විය.

සංඝමිත්තා ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් දෙවන වටයේ සුපිරි දස්කම් පෙන්වූ අම්පාර උහන ක්‍රීඩිකාවන් ලකුණු 09-25ක් ලෙස දෙවන වටය ජය ගත්තේ ජයග්‍රහණයට තවත් පියවරක් ආසන්න වෙමිනි.

දෙවන වටය අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 25-09 කිරිඳිවැල සංඝමිත්තා විද්‍යාලය

උහන කණ්ඩායමේ සෙව්වන්දි දෙවන වටය ද දක්ෂ ප්‍රහාරයක් සමඟින් ආරම්භ කළ අතර සංඝමිත්තා කණ්ඩායමේ නායිකාව නවෝද්‍යා දක්ෂ ලෙස ප්‍රහාරයක් ආවරණය  කරමින් සංඝමිත්තා පළමු ලකුණ රැස් කළේ කරට කර වටයක පෙරනිමිති පෙන්වමිනි.

මේ වටයේ දී පළමු වරට සංඝමිත්තා ක්‍රීඩිකාවෝ තරගයේ පෙරමුණ ලබාගැනීමට සමත් වූයේ තරගය ඉතාම උණුසුම් කරමිනි.

කෙසේ වෙතත් ඉතා ඉක්මනින් නැවත පෙරමුණ ලබා ගනිමිනි සත්‍යා සෙව්වන්දි තිස්සපුර කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කළේය.

>> තරගයේ ඡායාරූප සඳහා පිවිසෙන්න <<

කෙසේ වෙතත් අංජලිකා දුෂ්‍යන්ති ප්‍රමුඛ සංඝමිත්තා ක්‍රීඩිකාවෝ මේ වටයේ දී නම් ලකුණු පරතරය එක ලකුණකට හෝ ලකුණු දෙකකට හෝ සීමා කරමින් උහන කණ්ඩායම පසුපසින්ම රැඳී සිටි අතර නැවත වරක් සංඝමිත්තා කණ්ඩායමේ පෙරමුණ ගත්තේ පළමු වටවලට වඩා වෙනස් වූ දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමිනි.

කෙසේ වෙතත් අවසන් ලකුණු කිහිපය ඉතා තරණය කළ අම්පාර උහන තිස්සපුර විද්‍යාලයේ ක්‍රීඩිකාවන් ලකුණු 25-19ක් ලෙස 15න් පහළ අවසන් මහා තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.

තෙවන වටය අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 25-19 කිරිඳිවැල සංඝමිත්තා විද්‍යාලය

මේ තරගාවලියේ අම්පාර උහන තිස්සපුර කණ්ඩායම දිනාගත් තෙවන ශූරතාවය මෙය වන අතර අද උදෑසන වයස අවුරුදු 11න් පහළ, වයස අවුරුදු 13න් පහළ යන බාලිකා ශූරතා ද්විත්වයන්ද ඔවුන් දිනා ගත්තා.

තරගාවලියේ තවත් අවසන් මහා තරග දෙකක් අද පැවැත්වෙන අතර ඒ තරග නිමා වූ වහාම ඔබ වෙත තොරතුරු ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න වොලිබෝල් පිටුවට <<