උහන තිස්සපුර, හලාවත රදගුරු 11න් පහළ ශූරතා දිනති

372

2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 11න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත් වූ අතර තියුණු තරගයකින් පසු බාලක ශූරතාවය දිනා ගැනීමට හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් විද්‍යාලය සමත් විය. තරගාවලිය අද (3) මහරගම තරුණසේවා සභා වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18 වන වරට වන අතර කණ්ඩායම් 4000ක් සහභාගී වූ මෙම තරගාවලිය 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩවල බාලක සහ බාලිකා අංශ ද්විත්වයෙන්ම තරග ක්‍රියාත්මක විය.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

ඩයලොග් ආසිආටා පී. එල්. සී. අනුග්‍රහයෙන් 13 වන වරටත් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ…

වයස අවුරුදු 11න් පහළ බාලිකා අංශයේ සුලක්ෂනා පසිදුනි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, හර්ෂනී නිසංසලා දක්ෂතම ප්‍රහාරිකාව ලෙසත්, දිනේෂි මදුශානි දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසත් සම්මාන දිනා ගන්නා ලදි. මෙම ක්‍රීඩිකාවන් තිදෙනාම අම්පාර උහන තිස්සපුර ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්.

වයස අවුරුදු 11න් පහළ පිරිමි අවසන් මහා තරගය

වයස අවුරුදු 11න් පහළ පිරිමි අවසන් මහා තරගයට ප්‍රබල කණ්ඩායම් දෙකක් වන නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය හා හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් විද්‍යාලය තරග වැදුණු අතර වට 2-0ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට හලාවත ක්‍රීඩකයෝ සමත් වූහ.

බාලක අංශයේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් විද්‍යාලයේ නිරෝෂ සංකල්පත්, දක්ෂතම ප්‍රහාරකයා ලෙස නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයේ පසිඳු ලක්ෂානුත්, දක්ෂතම ක්‍රීඩකයා ලෙස හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් විද්‍යාලයේ නිරෝෂ් රුක්මාල් ද සම්මාන දිනා ගන්නා ලදි.

ඒ අනුව එම වයස් කාණ්ඩයේ දෙවන ස්ථානය නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය හිමිකරගත් අතර තෙවැනි ස්ථානය දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

මේ තරගය ද වට තුනකින් සමන්විත වූ අතර වටයක ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සීමාව ලකුණු 15ක් විය. කණ්ඩායම් දෙකටම ඉතා ඉහල ප්‍රේක්ෂක සහයෝගයක් තිබුණු අතර පළමු වටයේ සිටම තරගය ඉතා උණුසුම් විය.

නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සටනක

19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහල වොලිබෝල් ශූරතාවලියේ නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බහරේනය සමඟ තරග කිරීමට නියමිතය…

හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් විද්‍යාලය තරගයේ පළමු ලකුණ රැස් කළ අතර ඒ සමගම නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය ද ලකුණක් රැස් කළේ අපූරු තරගයක ආරම්භය සනිටුහන් කරමිනි.

කණ්ඩායම් දෙකම කරට කර ලකුණු රැස් කළ අතර හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් විද්‍යාලය ලකුණු 14 සීමාවේ සෑහෙන වෙලාවක් සිරකර තබමින් ලකුණු 9යේ සිට හඹා ආ නාත්තන්ඩිය ජනාධිපති ක්‍රීඩකයෝ ලකුණු 14ක් දක්වා පැමිණීමට සමත්වුනත් අවසාන ලකුණ හිමිකර ගනිමින් හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් විද්‍යාලය ඉතා තියුණු පළමු වටයේ ජය හිමිකර ගන්නා ලදි.

නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය 14-15 හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් විද්‍යාලය

දෙවන වටය ද කරට කර ඉතා තියුණු වටයක් වූ අතර මෙවරත් කෙමෙන් කෙමෙන් රදගුරු ක්‍රීඩකයෝ තරගයේ පෙරමුණ ගන්නා ලදි. කෙසේ වෙතත් මෙවර සිය ග්‍රහණය අත් නොහල හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් ක්‍රීඩකයෝ ලකුණු 15-08ක් ලෙස දෙවන වටය ද ජය ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය 08-15 හලාවත රදගුරු එඩ්මන්ඩ් පිරිස් විද්‍යාලය

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<


වයස අවුරුදු 11න් පහළ බාලිකා අවසන් මහා තරගය

වයස අවුරුදු 11න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා අම්පාර උහන තිස්සපුර විද්‍යාලය හා අනුරාධපුර සියඹලාගස්වැව මැදගම විද්‍යාලය තරග වැදුණු අතර වට 2-0 ලෙස වයස අවුරුදු 11න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

උදෑසන 9.30ට පමණ තරගය ආරම්භ වූ අතර ළාබාල ක්‍රීඩිකාවන් වුවත් තරගය පුරා ඉතා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කරන්නට කණ්ඩායම් දෙකම සමත් විය. වයස අවුරුදු 11න් පහළ බාලිකා තරග වට තුනක් ක්‍රියාත්මක වන අතර ලකුණු 15 සීමාවෙන් වටයේ ජයග්‍රහණය තීරණය වේ.

ජාතික ක්‍රීඩාවෙන් ආසියාව ජය ගැනීමට බහරේන් යන ශ්‍රී ලංකා යෞවනයන්

ආසියානු කනිෂ්ඨ (පිරිමි) වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් ..

අම්පාර උහන ක්‍රීඩිකාවන් තරගය ආරම්භ කළ අතර තරගයේ පළමු ලකුණ රැස්කර ගැනීමට ද ඔවුන් සමත් විය. පළමු වටය ආරම්භයේ දී අම්පාර ක්‍රීඩිකාවන් ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්වමින් තරගයේ පෙරමුණ ගත්ත ද පසුපසින් හඹා ආ අනුරාධපුර ක්‍රීඩිකාවෝ කෙමෙන් කෙමෙන් ලකුණු පරතරය අඩු කර ගැනීමට සමත්වුවත් ලකුණු 15-08ක් ලෙස පළමු වටය ජය ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු වටය: අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 15 08 අනුරාධපුර සියඹලාගස්වැව මැදගම විද්‍යාලය

දෙවන වටය අරම්භයේ ද පළමු වටයේ මෙන් අම්පාර උහන ක්‍රීඩිකාවන් තරගයේ පෙරමුණ ගත් අතර අනුරාධපුර ක්‍රීඩිකාවන් පන්දුව නිසි ලෙස ඔසවා දීමේ දී කළ දෝෂ නිසා දෙවන වටයේ ජය ද ලකුණු 15-07ක් ලෙස පහසුවෙන් දිනා ගනිමින් වයස අවුරුදු 11න් පහළ ශූරියන් වන්නට අම්පාර උහන තිස්සපුර ක්‍රීඩිකාවන් සමත් විය.

දෙවන වටය: අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 15-07 අනුරාධපුර සියඹලාගස්වැව මැදගම විද්‍යාලය

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න වොලිබෝල් පිටුවට <<