DSI වොලිබෝල් ජාතික මට්ටමේ මූලික තරග ආරම්භ වේ

373
DSI Super Sports National level

DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග මෙම මස 11 වන දින සිට 15 වන දින දක්වා රුවන්වැල්ල රාජසිංහ මහා විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සමඟින් DSI පාවහන් නිෂ්පාදන ආයතනය එක්ව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙම වසරේ දී පැවැත්වෙන්නේ අඛණ්ඩව 17 වන වසරටයි.

වසරේ දැවැන්ත වොලිබෝල් තරගාවලියට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාව තුළ සංවිධානය වන විශාලතම ක්‍රීඩා උත්සවය හා මෙරට ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම අවධානය…

මෙම තරගාවලිය මඟින් ග්‍රාමීය සහ නාගරික යන භේදය නොතකා සියලු ක්‍රීඩකයින්ට එකම වේදිකාවක දී තම වොලිබෝල් කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසෙන අතර ඒ හරහා ජාතික තලය මෙන්ම ජාත්‍යන්තර තලය ද ජය ගැනීමට අවශ්‍ය අඩිතාලම සකස් කෙරේ. ඒ අනුව ආරම්භයේ සිට අද දක්වා මෙම තරගාවලිය හරහා බිහිවී ඇති ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 40 කට අධික ය.

තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග පසුගිය දා අවසන් වූ අතර ඒ අනුව තරගාවලිය මේ වන විට ජාතික මට්ටමේ තරග වටය කරා ළඟාවී ඇත. දිස්ත්‍රික් මට්ටමේ තරගවල දී අදාළ සෑම වයස් කාණ්ඩයක්ම යටතේ සෑම දිස්ත්‍රික්කයකින්ම ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් 2 තරගාවලියේ ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ අනුව ජාතික මට්ටමේ තරග වටය සඳහා කණ්ඩායම් 400ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4800ක් සහභාගී වීමට නියමිත ය.

බස්නාහිරට සහ වයඹට වෙරළ වොලිබෝල් ශූරතා

43 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් පිරිමි ශූරතාවය දිනා ගැනීමට..

තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ගරු අමාත්‍ය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ කර්නල් මංජුල කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් මෙම මස 11 වන දින රුවන්වැල්ල රාජසිංහ මහා විදුහල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. මූලික තරග මෙම මස 15 වන දින දක්වා පැවැත්වෙනු ඇත.  

ජාතික මට්ටමේ මූලික තරග වල කාලසටහන පහත පරිදි ය.

තරග පැවැත්වෙන දින වයස් සීමාව සහ බාලක/බාලිකා පිටියට වාර්තා කළ යුතු වේලාව
2017.09.11 13න් පහළ බාලක

13න් පහළ බාලිකා

15න් පහළ බාලිකා

පෙ.ව. 8.00
2017.09.12 15න් පහළ බාලක පෙ.ව. 8.00
2017.09.13 17න් පහළ බාලක

17න් පහළ බාලිකා

පෙ.ව. 8.00
2017.09.14 19න් පහළ බාලක

19න් පහළ බාලිකා

පෙ.ව. 8.00
2017.09.15 අමතර දිනය

වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට