DSI වොලිබෝල් නැගෙනහිර පළාත් තේරීම් තරග අවසන්

180

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා අවසන් විය.

DSI වොලිබෝල් උතුරු මැද පළාත් තේරීම් තරග අවසන්

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ උතුරු මැද පළාතේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල තේරීම් තරග…

අම්පාර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා මැදගම විද්‍යාලයීය කණ්ඩායම සහ ඩී. එස්. සේනානායක ජාතික පාසල සුදුසුකම් ලැබූ අතර එහි දී තරගය ජය ගත් ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ක්‍රීඩකයින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා සල්පිටිගම විද්‍යාලයීය කණ්ඩායම සහ ඩී. එස්. සේනානායක ජාතික පාසල් කණ්ඩායම සුදුසුකම් ලැබීය.  එහි දී අවසන් මහා තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ සල්පිටිගම විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගය පැවතියේ උහන තිස්සපුර විද්‍යාලය සහ උදයගිරි විද්‍යාලය අතරයි. එම තරගය ජය ගත් උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩකයින් එම වයස් කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ බාලිකා අවසන් මහා තරගයේ දී ඩී. එස්. සේනානායක ජාතික පාසල් කණ්ඩායම පරාජයට පත්කළ උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන් එම වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගැනීමට උහන තිස්සපුර විද්‍යාලයීය කණ්ඩායමත්, බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට සල්පිටිගම විද්‍යාලයීය කණ්ඩායමත් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලක අංශයේ ශූරතාවය විජයපුර විද්‍යාලයීය  කණ්ඩායම දිනා ගනිද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ උහන තිස්සපුර විද්‍යාලයීය  කණ්ඩායම විසිනි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී වැනෙලා මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමයි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සහ වූයේ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගයේ දී ජයන්තිපුර විදුහල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ මුල්ලිපොතාන මධ්‍ය මහා විදුහල් කණ්ඩායමයි.

එහි බාලිකා අංශයේ අවසන් මහා තරගයේ දී අක්‍රබෝධි ජාතික පාසල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට මිහිඳුපුර විදුහල් කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය පදවි යාය 78 විද්‍යාලයත් සහ බාලිකා අංශයේ ශූරතාවය මිහිඳුපුර විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය පදවි යාය 78 විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලයීය කණ්ඩායමයි.  

මඩකළපුව දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී පදිරුප්පු මාතිය මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලයීය කණ්ඩායමයි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය අම්පලාතුරෙයි කලෙයි මගල් විද්‍යාලයීය කණ්ඩායම සහ කඩුකාමුනෙයි වනෙයි විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ අම්පලාතුරෙයි කලෙයි මගල් විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගයේ දී කිරන් මධ්‍ය මහා විදුහල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලයීය කණ්ඩායමයි.

එහි බාලිකා අංශයේ අවසන් මහා තරගයේ දී කඩුකාමුනෙයි වනෙයි විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට අම්පලාතුරෙයි කලෙයි මගල් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය කිරන් මධ්‍ය මහා විදුහලත්, බාලිකා අංශයේ ශූරතාවය සාන්තිවිලෙයි සිති විනයාගර් විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය අරසාදිතිවු විග්නේස්වර විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනාගනු ලැබුවේ පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලයීය කණ්ඩායමයි.  

අම්පාර දිස්ත්‍රික් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – ඩී. එස්. සේනානායක ජාතික පාසල
  • අනුශූරතාවය – මැදගම විද්‍යාලය
  • 3 වන ස්ථානය – උහන මහා විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – සල්පිටගම විද්‍යාලය
  • අනුශූරතාවය – ඩී. එස්. සේනානායක ජාතික පාසැල
  • 3 වන ස්ථානය – පැරැන්කැටගොඩ මහා විද්‍යාලය  

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – උහන තිස්සපුර විද්‍යාලය
  • අනුශූරතාවය – උදයගිරි විද්‍යාලය
  • 3 වන ස්ථානය – රජගලතැන්න මහා විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – උහන තිස්සපුර විද්‍යාලය
  • අනුශූරතාවය – ඩී. එස්. සේනානායක ජාතික පාසල
  • 3 වන ස්ථානය – ගලහිටියාගොඩ මහා විද්‍යාලය  

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – උහන තිස්සපුර විද්‍යාලය
  • අනුශූරතාවය – සල්පිටිගම විද්‍යාලය
  • 3 වන ස්ථානය – රජගලතැන්න මහා විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – උහන තිස්සපුර විද්‍යාලය
  • අනුශූරතාවය – සල්පිටිගම විද්‍යාලය
  • 3 වන ස්ථානය – ගලහිටියාගොඩ මහා විද්‍යාලය  

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – විජයපුර විද්‍යාලය
  • අනුශූරතාවය – උහන තිස්සපුර විද්‍යාලය
  • 3 වන ස්ථානය – රජගලතැන්න මහා විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – උහන තිස්සපුර විද්‍යාලය
  • අනුශූරතාවය – සල්පිටගම විද්‍යාලය  
  • 3 වන ස්ථානය – පරගනකැලේ මහා විද්‍යාලය  

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – වැනෙලා මහා විද්‍යාලයීය

බාලිකා:

  • ශූරතාවය – ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලය
  • අනුශූරතාවය – කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – මුල්ලිපොතාන මධ්‍ය මහා විදුහල
  • අනුශූරතාවය – ජයන්තිපුර විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – මිහිඳුපුර විද්‍යාලය
  • අනුශූරතාවය – අක්‍රබෝධි ජාතික පාසල

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – පදවි යාය 78 විද්‍යාලය
  • අනුශූරතාවය – කලෙයිමහල් හින්දු විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – මිහිඳුපුර විද්‍යාලය
  • අනුශූරතාවය – ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලය

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – පදවි යාය 78 විද්‍යාලය
  • අනුශූරතාවය – මුල්ලිපොතාන මධ්‍ය මහා විදුහල

බාලිකා:

  • ශූරතාවය – ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලය
  • අනුශූරතාවය – පදවි යාය 78 විද්‍යාලය

මඩකලපුව දිස්ත්‍රික් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලය
  • අනුශූරතාවය – පදිරුප්පු මාතිය මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – සාන්ත මයිකල් විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – අම්පලාතුරෙයි කලෙයි මගල් විද්‍යාලය
  • අනුශූරතාවය – කඩුකාමුනෙයි වනෙයි විද්‍යාලය
  • 3 වන ස්ථානය – වාලච්චේනෙයි හින්දු විද්‍යාලය  

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලය
  • අනුශූරතාවය – කිරන් මධ්‍ය මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – සාන්තිවෙලෙයි සිති විනයාගර් විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – අම්පලාතුරෙයි කලෙයි මගල් විද්‍යාලය
  • අනුශූරතාවය – කඩුකාමුනෙයි වනෙයි විද්‍යාලය
  • 3 වන ස්ථානය – සාන්ත සිසිලියාස් බාලිකා විද්‍යාලය  

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – කිරන් මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලය
  • 3 වන ස්ථානය – සාන්ත මයිකල් විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – සාන්තිවෙලෙයි සිති විනයාගර් විද්‍යාලය  
  • අනුශූරතාවය – පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලය
  • 3 වන ස්ථානය – මූරකොඩ්ඩන්චේනෙයි ආර්. කේ. එම්. විද්‍යාලය  

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – පෙතාලෙයි විපුලානන්ද විද්‍යාලය
  • අනුශූරතාවය – කලඩිමුගතුවරම් විද්‍යාලය

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට