ඩිලක්ස් සමාගම ThePapare.com සමඟින් අත්වැල් බැඳ ගනියි

161
DSCvTP

ක්‍රිකට් උපකරණ ඇතුළුව තත්වයෙන් උසස් ක්‍රීඩා භාණ්ඩ අළෙවි කරන ප්‍රමුඛ පෙළේ විශ්වාසවන්ත ඉන්දියානු සමාගමක් වන ඩිලක්ස් ක්‍රීඩා ආයතනය (DSC) ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ නුදුරේ දී ම ආරම්භ වන්නට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආවරණ කටයුතු සඳහායි.

සියනෑ නිල් කොළ සටනේ ශූරතාවය හේනේගම විද්‍යාලයට

සියනෑ නිල් කොළ මහා ක්‍රිකට් සටන ලෙසින් හඳුන්වනු ලබන වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය හා හේනේගම මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගය

එම ආයතනයේ තේමා පාඨය වන “FEARLESS” (නිර්භය) යන වදනේ අරුතින්ම ක්‍රීඩාවේ දී හමුවන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට සූදානම් විශිෂ්ටයින් බිහි කිරීම ඔවුන්ගේ පරමාර්ථය වී තිබේ. වර්තමානයේ පවතින අතිශය තරගකාරී ක්‍රීඩා රටාවේ දී නොසැලී ඉදිරියට යාමට නම් ක්‍රීඩකයින් කායික හා මානසික අතින් මෙන්ම ක්‍රීඩා උපකරණ අතින් ද පරිපූර්ණ වීම අනිවාර්ය වී අංගයකි.

[rev_slider ct17-dsccricket]

එවන් උසස් තත්වයේ ක්‍රිකට් ආම්පන්න නිෂ්පාදනය කරන මුල්පෙළේ ඉන්දියානු සමාගමක් මෙන්ම දිවයින පුරා ව්‍යාප්ත දහසකට වැඩි ශාඛා ජාලයකට හිමිකම් කියන ඩිලක්ස් ක්‍රීඩා ආයතනය සමඟ එක්වී ශ්‍රී ලාංකික සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ වර්තමාන ශ්‍රී ලංකා පිළ නියෝජනය කරන ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න වෙළඳ නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරයි.

ක්‍රීඩාලෝලී ඔබටම වෙන්වූ ඔබේම වෙබ් අඩවිය වන ThePapare.com මගින් මෙවර ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සජීවී ලකුණු සටහන්, නවතම පුවත්, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළු සියලු දේ එළඹෙන ජූනි මස පළමු වැනිදා සිට 18 වැනිදා දක්වා ආවරණය කිරීමට සැදී පැහැදී සිටියි. ඒ ශූරයින්ගේ කුසලානයේ නිල ඩිජිටල් පට සැපයුම්කරුවා ලෙසයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට