Home Sinhala අටවැනි වරටත් රන් සටනේ ජය මහානාමයට

අටවැනි වරටත් රන් සටනේ ජය මහානාමයට

938

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 13 වැනි වරට පැවති “රන් සටන” සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (06) ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වූ අතර එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් විය.

“ලෝක කුසලානයට මම සූදානම්” – කුසල් පෙරේරා

දකුණු අප්‍රිකාවේ දී සුපිරි දස්කම් දැක්වූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමන් ලෝක කුසලානයට සූදානම් බව BBC සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින්…

තරඟයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පන්දුවාර 49.1ක දී සිය දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 215ක් පමණක් වන අතර එහි දී හුදකලා ඉනිමක නිරත වූ නො.05 පිතිකරු මුදිත ලක්ෂාන් පන්දු 81ක දී ලකුණු 81ක් ලබා තම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නට සමත් විය. ඩී. එස් සේනානායක විද්‍යාලයේ ඉනිම ගොඩනැගීම සඳහා මුල් පෙළ පිතිකරුවන්ගෙන් නිසි පරිදි දායකත්වයක් නොලැබුණ ද නො.7 පිතිකරුවා ලෙස පිටියට පිවිසි චමත් යටවර පන්දු 49ක් කඩුල්ලේ රැඳී සිටිමින් ලබාගත් ලකුණු 29 අනෙක් අන්තයෙන් කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ මුදිතගේ ඉනිමට මහත් අස්වැසිල්ලක් ලබා දීමට සමත් විය. පන්දු යැවීමේ දී මහානාම විද්‍යාලයේ පවන් ෂෙනාල් සහ පවන්ත මධුරංග අතරේ කඩුලු 2 බැගින් ද, පැතුම් සසන්ත, ලහිරු කවින්ද, අවිශ්ක පෙරේරා, සොනාල් දිනූෂ සහ අචින්ත සුපුන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොළඹ මහානාම විද්‍යාලයට ලකුණු 215 ඉතා පහසු ඉලක්කයක් බවට බැලූ බැල්මට පෙනී ගිය ද ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි බිෂාන් මෙන්ඩිස් 1(6) සහ විනුක රූබසිංහ 13(30) ලෙසින් ආ විගසින් ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට අමිත් දාබරේ සහ මෙතුෂාන් කුමාර සමත් වූයේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ද නැවතත් තරගය විවෘත කර දෙමිනි.

Photos: D.S. Senanayake College vs Mahanama College – 13th One Day Encounter

එහෙත් ඉන් පසුව පිටියට පිවිසි මහානාම විද්‍යාලය පිතිකරුවෝ කෙමෙන් කෙමෙන් සබඳතාවයන් ගොඩනගමින් මහානාම විද්‍යාලය තරඟයේ පෙරමුණ ලබා දෙමින් ඉදිරියට රැගෙන ගියහ. මෙහි දී ඉනිමේ නැංගුරම බවට පත් වූ පවන් රත්නායක නොදැවී ලකුණු 80*(113)ක් ලබා ගනිමින් මහානාම විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමේ නියමුවා බවට පත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දෙමින් ඒ වටා එක් වූ පවන්ත වීරසිංහ ලකුණු 59 (62) සහ සොනාල් දිනූෂ ලකුණු 51 (67) නොදැවී ලබාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට විය. මහානාමවරුන් එම ඉලක්කය පන්දු වාර 46.1ක දී කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගන්නට සමත් වූයේ 13 වන වරට පැවති “රන් සටන” සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට උරුම කර දෙමිනි.

මේ දක්වා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පවත්වා ඇති සීමිත පන්දුවාර ක්‍රිකට් තරග 13න් මහානාම විද්‍යාලය ලබා ගත් 8 වැනි ජයග්‍රහණය මෙය වන අතර එය පිට පිටම ලබා ගත් 4 වන ජයග්‍රහණය ද වේ. ඉතිරි තරග 5න් 4ක් ඩී. එස්. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


D.S. Senanayake College
215/10 (49.1)

Mahanama College
216/3 (46.1)

Batsmen R B 4s 6s SR
Amitha Dabare c Lahiru Kavinda Vithana b Pathum Sasantha Boteju 17 30 1 1 56.67
Abishek LIYANARACHCHI c Pavan Shenal Rathnayake b Lahiru Kavinda Vithana 0 4 0 0 0.00
ZENOL JAYASENA st Vinuka Ranjuna Rubasinghe b Avishka Perera 9 33 0 0 27.27
Teron Shanel Baskaran c Pawantha Maduranga Weerasinghe b Sonal Dinusha Gamage 18 53 1 0 33.96
Muditha Lakshan c Pathum Sasantha Boteju b Pavan Shenal Rathnayake 81 81 10 2 100.00
Pasindu Adithya lbw b ACHINTHA SUPUN 0 2 0 0 0.00
Chamath Yatawara run out (Sonal Dinusha Gamage) 29 49 1 0 59.18
S A De Silva c Avishka Perera b Pawantha Maduranga Weerasinghe 9 12 0 0 75.00
C S Wickramaratne lbw b Pawantha Maduranga Weerasinghe 18 11 1 1 163.64
MANEENDRA JAYATHILAKE not out 17 17 1 0 100.00
Methushan Thilina Kumara c & b Pavan Shenal Rathnayake 8 7 1 0 114.29


Extras 9 (b 0 , lb 1 , nb 3, w 5, pen 0)
Total 215/10 (49.1 Overs, RR: 4.37)
Bowling O M R W Econ
Pathum Sasantha Boteju 10 1 30 1 3.00
Lahiru Kavinda Vithana 4 0 30 1 7.50
Pavan Shenal Rathnayake 8.1 0 33 2 4.07
Avishka Perera 6 1 31 1 5.17
Sonal Dinusha Gamage 10 1 43 1 4.30
ACHINTHA SUPUN 5 1 18 1 3.60
Pawantha Maduranga Weerasinghe 6 0 30 2 5.00


Batsmen R B 4s 6s SR
Vinuka Ranjuna Rubasinghe lbw b Methushan Thilina Kumara 13 30 1 0 43.33
Bishan Prabashwara Mendis b Amitha Dabare 1 6 0 0 16.67
Pawantha Maduranga Weerasinghe c Methushan Thilina Kumara b Zenol Jayasena 59 62 7 1 95.16
Pavan Shenal Rathnayake not out 80 113 6 0 70.80
Sonal Dinusha Gamage not out 51 67 3 0 76.12


Extras 12 (b 0 , lb 0 , nb 2, w 10, pen 0)
Total 216/3 (46.1 Overs, RR: 4.68)
Bowling O M R W Econ
Pasindu Adithya 10 1 27 0 2.70
Amitha Dabare 3 0 14 0 4.67
Chamath Yatawara 5 0 39 0 7.80
C S Wickramaratne 6 0 32 0 5.33
Methushan Thilina Kumara 7.1 0 41 1 5.77
Maneendra Jayathilake 4 0 18 0 4.50
Muditha Lakshan 9 1 38 0 4.22
Zenol Jayasena 2 0 7 0 3.50