සේනානායකයින්ට විශිෂ්ට ජයක්

1197

12 වැනි වරට පවත්වනු ලැබූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර “රන් මහා රග්බි සංග්‍රාමය” ඊයේ (14) කොළඹ හැව්ලොක් පිටියේ දී නිමාව දුටුවේ 69-12ක් ලෙස ඩී. එස්. ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමිනි.

අඛණ්ඩව දෙවැනි වරටත් ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 25 වැනි වරටත් පැවති ටී. වී. සුමනසේකර අනුස්මරණ වාර්ෂික මහා රග්බි තරගය ලකුණු 20-00ක් ලෙස ජය ගැනීමට ගාල්ල…

පසුගිය වසරේ ලකුණු 46-09ක් ලෙස හිමි වූ දැවැන්ත ජයත් සමඟ පිටියට පිවිසි සේනානායකයන් මේ වන විට පවත්වා ඇති තරග 11න් 8ක් ජය ගනිමින් ඉදිරියෙන් සිටියි. මහානාම විද්‍යාලයට ජය ගත හැකි වී ඇත්තේ තරග 3ක් පමණි.

ඊයේ පැවැත්වූ තරගයේ දී චමුක ෂෙශාන් විසින් සේනානායක කණ්ඩායම මෙහෙය වූ අතර උවින්ද දසනායක විසින් මහානාම කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

මහානාම විද්‍යාලයේ දර්ශන දාබරේගේ පා පහරින් ආරම්භ වූ තරගයේ 3 වැනි මිනිත්තුවේ දී යෙහෙල කුෂාන් විසින් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන ලදී. එහි ප්‍රවර්තනය මෆාස් බ්‍රන්තා විසින් සාර්ථක කර ගත්තේය. (සේනානායක 07-00 මහානාම)

මහානාම ක්‍රීඩකයන් දැවැන්ත උත්සාහයක් දරා සේනානායකයින්ව අඩපණ කිරීමට කටයුතු කළ ද, නැවත ක්‍රියාත්මක වූ යෙහෙල කුෂාන් තරගයේ 11 වැනි මිනිත්තුවේ දී තම කණ්ඩායමට ලකුණු එක්කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට මෆාස් බ්‍රන්තා සමත් විය. (සේනානායක 14-00 මහානාම)

මේ වන විට දැඩි පීඩන තත්ත්වයක් මහානාම ක්‍රීඩකයන් කර පිට පැටවී තිබුණේ ඔවුන් තවමත් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙනි. මහානාම විද්‍යාල ක්‍රීඩක දර්ශන දාබරේ අවස්ථා කිහිපයක දී ම උත්සාහයක් දැරුව ද එය සාර්ථක කරගැනීමට සේනානායක ක්‍රීඩකයින් ඉඩකඩ ලබා දුන්නේ නැත. තරගයේ 15 වැනි මිනිත්තුවේ දී කාවින්ද පතිරණ සේනානායකයින් වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට මෆාස් බ්‍රන්තා සමත් විය. (සේනානායක 21-00 මහානාම)

පාසල් අටක් මයිලෝ ජනාධිපති කුසලාන සටන් බිමේ

රාජකීය විද්‍යාලයට ජය හිමි කර දෙමින් පසුගිය සති අන්තයේ දී සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලිය අවසාන වූ අතර මේ සති අන්තයේ දී පාසල් අටක් සමඟින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ වනු ඇත.

වාර්තා කළ එම උත්සාහක දිනුමේ උණුසුම මැකී යාමට ප්‍රථමයෙන් සාරංග උඩවත්ත සේනානායකයින්ගේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නැවත මෆාස් බ්‍රන්තා සමත් විය. (සේනානායක 28-00 මහානාම)

තරගයේ ප්‍රථම මිනිත්තු 20 අවසන් වන විටත් මහානාම ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සේනානායකයින් ලකුණු 28-00 ලෙස ඉදිරියෙන් සිටියහ.

මනුල ආරියරත්න සේනානායකයින් වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තරගයේ 25 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මෆාස් බ්‍රන්තාට නොහැකි වුවද ඒ වන විට සේනානායකයින් ලකුණු 33-00ක් ලෙස ඉදිරියෙන් පසුවිය. (සේනානායක 33-00 මහානාම)

මහානාම විද්‍යාලය වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා වූයේ 31 වැනි මිනිත්තුවේ දී ය. චානුක හේශාන් විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගංගනාත් කල්ජිත්ට නොහැකි විය. (සේනානායක 33-05 මහානාම)

යෙහෙල කුෂාන් තම 3 වැනි උත්සාහක දිනුම සේනානායක විද්‍යාලය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වූයේ 34 වන මිනිත්තුවේ දී ය. පෙර තමන්ට ලද ප්‍රවර්තනය අසාර්ථක වුවත් මෙවර ලැබූ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මෆාස් බ්‍රන්තා සමත් විය. (සේනානායක 40-05 මහානාම)

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 40 (6T, 5C) – 05 (1T) මහානාම විද්‍යාලය

සේනානායක විද්‍යාලයේ ඉසුරු ප්‍රනාන්දුගේ පා පහරින් තරගයේ දෙවන අර්ධය ආරම්භ විය. එසැණින් ක්‍රියාත්මක වූ මහානාම විද්‍යාලයේ නායක උවින්ද දසනායක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට 37 වැනි මිනිත්තුවේ දී සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගංගනාත් කල්ජිත්ට හැකි විය. (සේනානායක 40-12 මහානාම)

සේනානායකයින්ගේ 7 වැනි උත්සාහක දිනුම වාර්තා කළේ සාරංග උඩවත්ත විසිනි. එය තරගයේ 41 වන මිනිත්තුවේ වාර්තා වූ අතර මෙවර ප්‍රවර්තනය සඳහා හසිඳු හේමසිරි කැඳවනු ලැබූ අතර ඔහුගේ උත්සාහය සාර්ථක විය. (සේනානායක 47-12 මහානාම)

එයින් මිනිත්තු 5ක් ගත වීමටත් ප්‍රථම 45 වැනි මිනිත්තුවේ දී ලලංක විජේසුන්දර සේනානායකයින් වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනයත් හසිඳු හේමසිරි සාර්ථක කර ගත්තේය. (සේනානායක 54-12 මහානාම)

මහානාම විද්‍යාල කණ්ඩායම කිහිප වරක් ලකුණු රැස් කිරීමට උත්සාහ කළ ද, සේනානායක පසුපෙළ ක්‍රීඩකයින් ඊට ඉඩහසර ලබා දුන්නේ නැත. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් සේනානායක ක්‍රීඩක විශාල් අකලංක 55 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළේය. එයත් සමඟ සේනානායකයින්ගේ ලකුණු පුවරුව 59ක් දක්වා ඉහළ ගිය අතර එහි ප්‍රවර්තනය හසිඳු හේමසිරි විසින් අසාර්ථක කරගන්නා ලදි. (සේනානායක 59-12 මහානාම)

ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් 10 වැනි උත්සාහක දිනුම වාර්තා වූයේ 61 වැනි මිනිත්තුවේ දී ය. කාවින්ද පතිරණ වාර්තා කළ එම උත්සාහක දිනුම මෙම තරගයේ ඔහුගේ දෙවන උත්සාහක දිනුමයි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හසිඳු හේමසිරිට නොහැකි විය. (සේනානායක 64-12 මහානාම)

ධර්මරාජ හා ඩී. එස්. ක්‍රීඩකයින්ට A කාණ්ඩයේ දොර වැසේ

අවාසනාවන්ත ලීග් තරගාවලියකින් අනතුරුව 2013 අපරාජිතව සිංගර් පාසල් ලීග් රග්බි ශූරතාවය දිනූ මහනුවර ධර්මරාජ විද්‍යාලය හා තරගාවලිය පුරා දක්ෂතාවයේ අඩුවක් නොව වාසනාවේ අඩුවක් තිබූ…

තරගයේ අවසාන භාගය වෙත ළඟා වන විට 64-12ක් ලෙස ඉදිරියෙන් සිටි සේනානායක විද්‍යාලයේ ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් කිරීමට නැවත කාවින්ද පතිරණ සමත් විය. 68 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ ඔහුගේ තෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හසිඳු හේමසිරිට නොහැකි විය. (සේනානායක 69-12 මහානාම)

සේනානායක ක්‍රීඩක හසිඳු හේමසිරි තමා වෙත ලැබුණු පන්දුව පා පහරකින් පිටියෙන් ඉවතට එල්ල කිරීමත් සමඟ විනිසුරු තරගයේ නිමාව සංඥා කළේය.

තරගය අවසානයේ මුළු ලකුණු තත්ත්වය 69-12ක් වූ අතර 12 වන “රන් මහා රග්බි සංග්‍රාමය” ඩී. එස්. සේනානායකයින්ට ජය ගෙන දෙමින් නිමාවට පත්විය.

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 69 (11T,7C) – 12  (2T,1C) මහානාම විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්- 
 
ඩී. එස්. සේනානායක විද්‍යාලය: යෙහෙල කුෂාන් (3T), මෆාස් බ්‍රන්තා (5C), කාවින්ද පතිරණ (3T), සාරංග උඩවත්ත (2T), මනුල ආරියරත්න (1T), හසිදු හේමසිරි (2C), ලලංක විජේසුන්දර (1T), විශාල් අකලංක (1T)
 
මහානාම විද්‍යාලය: චානුක හේෂාන් (1T), ගංගනාත් කල්ජිත් (1C), උවින්ද දසනායක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<