රන් සටනට ඩී. එස්. සහ මහානාම ක්‍රීඩකයින් සූදානම්

673

ජයග්‍රහණ සපිරි තරග වාරයක් සමඟින් කොළඹ මහානාම විද්‍යාලය දොළොස්වැනි රන් මහා සටනට පිවිසෙද්දී, ප්‍රතිවාදීන් පරදවමින් කුසලානය ඩී. එස්. සේනානායක විද්‍යාලයට ගෙන යාමේ අරමුණින් ඩී. එස්. ක්‍රීඩකයෝ මෙවර මහා තරග පිටියට පිවිසෙනු ඇත. තරගය එළඹෙන 16 හා 17 (හෙට සහ අනිද්දා) කොළඹ  පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ මෙවර වාසිය කා හටද?

කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් සංග්‍රාමය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර …

අතීතයෙන් බිඳක්

2007 වසරේ දී ඇරඹුණු DS – මහානාම රන් සටනේ වාර්තා වූ එකම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ 2014 දී වමත් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි. අනෙක් සියලුම තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබීම මෙවර තරගයේ උණුසුම තවත් ඉහළ දමනු ඇත.  

වසර 60ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන මහානාම විද්‍යාලය ධනුෂ්ක ගුණතිලක, ලලිත්මාන ප්‍රනාන්දු වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ භූමියයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරු ලෙස අවිවාදයෙන් පැවසිය හැකි අරවින්ද ද සිල්වා හිටපු නායක හෂාන් තිලකරත්න, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු වැනි ක්‍රිකට් තරු රැසක් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පහස ලැබුවෝ වෙති.

මහානාම විද්‍යාලය

මෙවර තරග වාරයේ ඉහළ දස්කම් පෙන්නුම් කළ මහානාම විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම දෙදින හා එක්දින තරගාවලිවල දී පිළිවෙළින් අවසන් පූර්ව සහ අවසන් 16 දෙනාගේ තරග  දක්වා සුදුසුකම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ හේෂාන් හෙට්ටිආරච්චි මෙවර කණ්ඩයමේ නායකත්වය හොබවන අතර මහානාමය අවසන් 16 දෙනාගේ තරග තෙක් රැගෙන ඒමට අනගි මෙහෙයක් ඔහු විසින් ඉටු කරන ලදි.

වමත් දඟපන්දු යවන ක්‍රීඩක හෂාන් සංදීප හා නායක හෙට්ටිආරච්චි කණ්ඩයමේ වැඩිම කඩුලු ලාභීන් වන අතර කඩුලු 60කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නමින් සටහන් වී තිබේ. බිෂාන් මෙන්ඩිස්, පවන් රත්නායක හා විනුක රූබසිංහ මෙවර කණ්ඩයම පිත්තෙන් සවිමත් කරනු ඇත.

අනුමානිත කණ්ඩයම – හේෂාන් හෙට්ටිආරච්චි (නායක), පැතුම් බොතේජු, බිෂාන් මෙන්ඩිස්, විනුක රූබසිංහ, පවන්ත වීරසිංහ, පවන් රත්නායක, හෂාන් සන්දීප, විහඟ අරංගල, වත්සර පෙරේරා, සචිර වැලිවත්ත, ලහිරු කාවින්ද, දිලේෂ තුඩුවගේ, ඉශාන් දේවප්‍රිය, යසිරු කස්තුරිආරච්චි, චමල් රශ්මික, පසිඳු ජයරංජන, සොනාල් දිනූෂ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය  

ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී පළමු කණ්ඩයම් 16 අතරට පිවිසීමට සමත්වූ අතර මෙවර තරගාවලියේ ජයග්‍රහණය උදෙසා ඔවුන් මහත් විශ්වාසයෙන් යුතුව තරග කරනු ලබයි.

තුන් ඉරියව්වෙන් දස්කම්පාන විහාන් ගුණසේකර හට මෙවර නායකත්වයේ වගකීම හිමිව ඇති අතර තරගයේ ජයග්‍රහණය උදෙසා ඔහුගේ සේවය ඉතා වැදගත් වනු ඇත. සිය නායකයාට අනගි සහයක් දෙමින් ක්‍රීඩා කරන මුදිත ලක්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් මෙවර තරගයේ දී මහානාම විද්‍යාලයීය කණ්ඩයමට දැඩි අභියෝගයක් වනු ඇත.

අනුමානිත කණ්ඩයම – විහාන් ගුණසේකර (නායක), මුදිත ලක්ෂාන්, ෂෙනාල් චන්ද්‍රසේකර, අභිෂේක් ලියනාරච්චි, සේනොල් ජයසේන, සචින්ත හෙට්ටිගේ, උවිඳු චන්ද්‍රසිරි, ටෙරෝන් ශානෙල්, ගිම්හාන් ගනේගොඩ, පසිඳු ආදිත්‍ය, මෙතුශාන් කුමාර, ටුවින් නිලක්ෂණ, දසුන් දිමාශ, ගිහාන්, හර්ෂණ, සඳරු චන්දික, මොහොමඩ් අෆ්ශාන්, ලහිරු සමරනායක

අවසන් වශයෙන්

පළමුපෙළ තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු පාසල් 16ට තේරී සිටින මහානාමයත් – ඩී. එස්. සේනානායක විද්‍යාලයත් අතර පැවැත්වෙන මෙවර මහා ක්‍රිකට් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු නොඅනුමානයි. ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ මහානාමයට වැඩි වාසි හිමිවුවත්, ආක්‍රමණශීලී පිතිකරුවෝ ඔවුන්ට තියුණු සටනක් ලබා දෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<