දිනුකට සහ තිලිණිට නැවතත් ජාතික බැඩ්මින්ටන් ශූරතා

207

66 වන වරට පැවති ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි තරග අංශයේ අවසන් මහා තරගයේ දී සසිඳු කරුණාතිලක පරාජයට පත්කරමින් දිනුක කරුණාරත්න විසින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ අඛණ්ඩව 18 වන වසරටත් බැඩ්මින්ටන් ජාතික පිරිමි ශූරතාවය කරුණාරත්නවරයෙකුගේ නම ඉදිරියේ සටහන් කරගනිමිනි.  

ආදිත්‍ය හා අකිත්මි තෙවන දිනයේ දී වාර්තා පොත් අතරට

ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ තෙවන දිනය අද (3) අවසන් වූ අතර ආදිත්‍ය පෙරේරා

ජාතික ශූරතාවය 15 වරක් දිනාගෙන සිටි නිලූක කරුණාරත්න හට බුවනෙක ගුණතිලක හමුවේ පළමු වටයේ දී ම ලද පරාජය නිසා තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවුවත් කරුණාරත්න නාමය මෙහි දී ඉදිරියට රැගෙන ගිය ඔහුගේ බාල සොහොයුරු දිනුක කරුණාරත්න තරගාවලිය පුරාවට විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරමින් 66 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි තරග අංශයේ ශූරතාවයට හිමිකම් කියන්නට සමත් විය.

තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ක්‍රීඩකයා ලෙස තරගාවලියට එක්වූ දිනුක හට එහි අවසන් පූර්ව වටය දක්වාම ප්‍රතිවාදීන්ගෙන් දැඩි තරගයක් එල්ල වූයේ නැත. ඒ අනුව ඔහු පිළිවෙළින් චනිරු මිරැන්ඩෝ, හසිත චානක සහ විරේන් වෙත්තසිංහ යන ක්‍රීඩකයින් හමුවේ සියලුම තරග වට ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. අවසන් පූර්ව වටයේ දී ඔහුට බුවනෙක ගුණතිලකගෙන් ප්‍රබල තරගයක් එල්ල වූ නමුත් එහි දී ඔහු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ එම තරගය තරග වට 2-1ක් ලෙස ජයග්‍රහණය කරමිනි. එම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 21-07ක්, 13/21ක් සහ 21/18ක් ලෙසයි.

ඔහු සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අනෙක් ක්‍රීඩකයා වූයේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයේ පසු වූ සසිඳු කරුණාතිලක ය. එහි දී ඔහුට අර්ධ අවසන් පූර්ව වටයේ දී සචින් ඩයස්ගෙන් ප්‍රබල තරගයක් එල්ල වන්නට විය. කෙසේ නමුත් එම තරගය ලකුණු 6-21ක්, 21-14ක් සහ 21-14ක් ලෙස ජයග්‍රහණය කළ ඔහු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

අනතුරුව අවසන් පූර්ව වටයේ දී සසිඳු හට කරුණාරත්න පවුලේ ළාබාලතමයා වූ දිලූක කරුණාරත්නගේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු විය. එහි දී දිලූක සසිඳු හට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් වුවත් තරග වට 2-ක් ලෙස එම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් සසිඳු අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

ක්‍රීඩාවේ ද්වේශපාලනය

ද්වේශපාලනය, දේශපාලනයේ දී ඔළුගෙඩි මාරු කරනවාක් මෙන් පහසු කටයුත්තක් නොවේ

දිනුක සහ සසිඳු අතර පැවති අවසන් මහා තරගයේ දී දිනුක හට එතරම් අභියෝගයක් එල්ල කරන්නට සසිඳු හට අවස්ථාවක් හිමි නොවූ වූ අතර ඒ අනුව තරග වට 2-0ක් ලෙස තරගය ජයග්‍රහණය කළ දිනුක අඛණ්ඩව දෙවන වසරටත් බැඩ්මින්ටන් ජාතික පිරිමි ශූරතාවය දිනා ගන්නට සමත් විය. එම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 21-11ක් සහ 21-15ක් ලෙසයි. 2010 වසරේ දී දිනාගත් සිය පළමු ජාතික ශූරතාවය ද ඇතුළුව දිනූක විසින් දිනා ගත් තෙවන ජාතික ශූරතාවය මෙයයි.

ඒ අනුව දිනූකගේ මෙම ජයග්‍රහණයත් සමඟ පසුගිය වසර 18ක කාලය පුරාවටම ජාතික බැඩ්මින්ටන් ශූරතාවය සිය පවුල තුළ රඳවා ගැනීමට හැකි වීම පිළිබඳව දෙවරක් ඔලිම්පික් වරම් ලබා ඇති වසර 15ක් පුරාවට ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දිනා ගනු ලැබූ දිනූකගේ වැඩිමහල් සොහොයුරු නිලූක කරුණාරත්න හට අභිමානයට කරුණක් වනු ඇති බව නොඅනුමානය.

ජාතික ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ThePapare.com අපි සමඟින් අදහස් දක්වමින් දිනූක කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ;

“මම තරගයෙන් තරගය හොඳින් ක්‍රීඩා කළා. තරගාවලියේ පළමු තරගය වුනත්, අවසන් මහා තරගය වුනත් මම හැම තරගයකටම මගේ උපරිමය ලබා දෙනවා. මම අද ක්‍රීඩා කළාට වඩා හොඳට මට ක්‍රීඩා කරන්න තිබුණා. ඒත් කලින් වසරේ දිනා ගත්ත ශූරතාවයක් ආරක්ෂා කරන්න ක්‍රීඩා කරද්දී හැමවෙලේම ලොකු පීඩනයක් තියෙනවා. කොහොම වුනත් මම සතුටු වෙනවා ශූරතාවය නැවතත් දිනා ගන්න ලැබීම ගැන. 200 වසරේ ඉඳන් ජාතික ශූරතාවය රැඳිලා තියෙන්නේ අපේ පවුල තුළ. මගේ අයියා නිලූක පළවෙනි පාරට ශූරතාවය දිනා ගනිද්දී ඔහුගේ වයස අවුරුදු 15යි. ඉතින් අඛණ්ඩව 18 වන වසරටත් ශූරතාවය පවුලට රැගෙන එන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ඉදිරි වසරවලදීත් ශූරතාවය දිනා ගන්න පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා.”  

තරගාවලියේ කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී කවිඳි සිරිමාන්නගේ පරාජයට පත්කළ තිලිණි හෙන්දහේවා අඛණ්ඩව 6 වන වසරටත් බැඩ්මින්ටන් ජාතික කාන්තා ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් විය. පසුගිය දා අවසන් වූ 2018 ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිලිණි සහභාගී විය.

ලෝක ශූරතාවය “රෙඩ් සොක්ස්” කණ්ඩායමට

ඇමරිකානු මේජර් ලීග බේස්බෝල් තරගාවලියේ (Major League Baseball – MLB) අවසාන අංගය වන “ලෝක ශූරතා

තරගාවලියේ පළමු වටයේ දී නිතරගයෙන් ඉදිරියට යාමත් සමඟ ඉතිරි තරග වට සියල්ල ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමින් තිලිණි අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය. ඒ අනුව අවසන් 16 දෙනාගේ වටයේ දී හසිනි අම්බලංගොඩගේ, අර්ධ අවසන් පූර්ව වටයේ දී නදීෂා ගයන්ති සහ අවසන් පූර්ව වටයේ දී හසාර විජේරත්න යන ක්‍රීඩිකාවන් ඇය හමුවේ පරාජයට පත්විය.   

අවසන් මහා තරගයේ ඇයගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ කවිඳි සිරිමාන්නගේ තරගාවලියට එක්වූයේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ පසුවන ක්‍රීඩිකාව ලෙසයි. එහි දී ඇය චන්ද්‍රිකා ද සිල්වා සහ ගයානා පීරිස් යන ක්‍රීඩිකාවන් පහසුවෙන් පරාජයට පත්කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඇයට අවසන් පූර්ව වටයේ දී තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසු වූ දිල්මි ඩයස් සමඟ තරග වැදීමට නියමිතව තිබුනත්, එහි දී හිමි වූ ‘walk-over’ අවස්ථාවක් හරහා ඇය සෘජුවම තරගාවලියේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

අවසන් මහා තරගයේ පළමු තරග වටය ඉතා උද්වේගකර මුහුණුවරක් ගත් අතර අවසානයේ ලකුණු 20-22ක් ලෙස එය ජයග්‍රහණය කරනු ලැබුවේ කවිඳි විසිනි. කෙසේ නමුත් දෙවන වටයේ සිට සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ තිලිණි දෙවන හා තෙවන වට පිළිවෙළින් ලකුණු 21-09ක් සහ 21-17ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමින් සිය 6 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට හිමිකම් කියන්නට සමත් විය.

ඉන් අනතුරුව තිලිණි සහ කිවිඳි එක්වී කාන්තා යුගල තරග ඉසව්ව සඳහා සහභාගී වෙමින් එහි රන් පදක්කම දිනා ගන්නට සමත් වූහ. අවසන් මහා තරගයේ දී ඔවුන් දෙපළ අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ යුගලය සමඟ තරග වැදුණු අතර එහි දී ඔවුන්ව ලකුණු 16-21ක්, 21-13ක් සහ 21-15ක් ලෙස පරාජයට පත්කරන්නට තිලිණි සහ කිවිඳි සමත් වූහ.  

පිරිමි තරග අංශයේ යුගල ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක දෙපළ යි. එහි අවසන් මහා තරගයේ දී හසිත චානක සහ ආර්. එස්. කසුන් ලකුණු 21-15ක් සහ 21-13ක් ලෙස ඔවුන් හමුවේ පරාජයට පත්වූහ.

අනතුරුව පිරිමි යුගල ශූරතාවය දිනා ගත් සචින් සහ බුවනෙක කාන්තා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබමින් තවදුරටත් කාන්තා යුගල ශූරතාවය ජයග්‍රහණය කළ තිලිණි සහ කිවිඳි සමඟින් එක්ව මිශ්‍ර යුගල තරග ඉසව්ව සඳහා සහභාගී වූහ. අවසානයේ සචින් ඩයස් සහ තිලිණි හෙන්දහේවා දෙපළත්, බුවනෙක ගුණතිලක සහ කිවිඳි සිරිමාන්නගේ දෙපළත් මිශ්‍ර යුගල ඉසව්වට සහභාගී වෙමින් එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වීම මෙහි දී සුවිශේෂී අවස්ථාවක් විය.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගය ජයග්‍රහණය කළ බුවනෙක සහ කිවිඳි දෙපල මිශ්‍ර යුගල ඉසව්වේ ශූරතාවය දිනා ගනිද්දී, සචින් සහ තිලිණි දෙපළට එහි අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 22-20ක් සහ 21-16ක් ලෙසයි.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<