හැව්ලොක් ක්‍රීඩකයෙක් කණ්ඩායම හැර යයි

1677

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ දිනුක් අමරසිංහ එළඹෙන තරග වාරය වෙනුවෙන් CR&FC වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

රීසා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඉලක්ක කරමින් CR & FC කණ්ඩායම වෙනස් ආකාරයක බඳවා ගැනීමක්….

2017 වසරේ දී පටන් හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ දිනුක් අන්තර් සමාජ මට්ටමින් පමණක් නොව ජාතික මට්ටමින් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ චරිතයක් විය. 2018 වර්ෂයේ දී ආසියානු සත් සාමාජික ශූරතාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.

එසේම නිමා වූ 2018/19 ඩයලොග් රග්බි ලීගයේ දී ද හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ දිනුක් ලබන තරගවාරය වෙනුවෙන් CR&FC වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගෙන ඇති තීරණය ගැන ThePapare.com ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ,

“නව තරගවාරය අලුත් විදිහකට ආරම්භ කරන්නට සිතුවා, ඒ වගේම හැව්ලොක් ක්‍රීඩා සමාජය මට කවදාවත්ම අමතක නොවෙන තැනක් වේවි” 

හැව්ලොක් තරුවට නව නවාතැනක්!

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත ප්‍රියදර්ශන (බෝධි) එළඹෙන තරගවාරය වෙනුවෙන් CH&FC කණ්ඩායම…

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර දෙකක් මුළුල්ලේම #13 ස්ථානයේ ක්‍රීඩා කළ දිනුක් දැන් එළඹෙන තරගවාරයේ දී පටන් තමන්ගේ දක්ෂතා ඔප්නංවමින් CR&FC කණ්ඩායමට තම සේවය ලබා දීමට සූදානමින් සිටියි.

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගය එළඹෙන නොවැම්බර් මස වන විට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<