දිනේෂ් චන්දිමාල්ට යුද හමුදාවේ තනතුරක් 

125

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් අධිකාරීලත් නිලධාරිවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නියමිතව බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තාවන්ට එරෙහිව කැන්ගරු දේශයෙන් ප්‍රබල සංචිත දෙකක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට….

චන්දිමාල් මීට පෙර දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල NCC කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ නමුත්, මේ වසරේ සිට ඔහු යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරනු ඇත. 

මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග 109ක් ක්‍රීඩා කර තිබෙන චන්දිමාල් එහි දී මුළු ලකුණු 7741ක් වාර්තා කරගෙන දස්කම් දක්වා ඇත්තේ, කඩුලු රැකීමෙන් දැක්වූ දස්කම්වලට අමතරවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 146ක්, ටෙස්ට් ක්‍රිකට් තරග 53ක් හා විස්සයි විස්ස තරග 54ක් ක්‍රීඩා කරමින් මුළු ලකුණු 8167ක් වාර්තා කරගෙන ඇත. මේ වසර (2019) ආරම්භයේ දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගාවලිය චන්දිමාල් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වේ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<