චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ

2685

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය  සඳහා සහභාගී වීමට සුදුසු තත්වයක නොසිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග…

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුලත්ව සිටියේය.

නමුත් පසුගිය දා  නිමාවට පත්වූ ‘SLC T20’ අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේ දී පන්දුවක් අතේ වැදීම නිසා ඔහුගේ මැද ඇඟිල්ලේ ආබාධයකට ලක්විය. ඒ අනුව ඊයේ (10) දිනයේ දී  චන්දිමාල්ගේ තත්වය පිළිබඳව පරික්ෂා කර ඇති අතර එහි දී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී ඇත. ඒ නිසාවෙන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව ආසියානු කුසලානය සඳහා පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

දීර්ඝ විරාමයකට පසු ලසිත් මාලිංග නැවතත් කැඳවයි

වසරක විරාමයකට පසු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට …

“දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන්නේ නැහැ. මොකද ඔහුගේ ආබාධය තවමත් සුව වෙලා නෑ. ඒක නිසා මූලික සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස ඉන්න නිරෝෂන් දික්වැල්ලව සංචිතයට ඇතුළත් කරන්න තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමනාකරු වන චරිත් සේනානායක මහතා ThePapare.com වෙත පැවසීය.

ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර එදිනට පෙර අකිල ධනංජය පිය පදවිය ලදහොත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<