චන්දිමාල් ප්‍රථම දස දෙනා දක්වා උසස් වේ

1394

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අවසානයේ ලකුණු 366ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් ස්ථාන 8ක් පෙරමුණට පැමිණ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 9 වන තැන දිනාගෙන ඇත.

ලෝක කුසලාන සංචිතයේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩකයෙකුට

නවසිලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් ..

මීට අමතරව තෙවන ටෙස්ට් තරගයේ දී ලකුණු 111ක් ලබාගත් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හා ලකුණු 119*ක් ලබාගත්  ධනංජය සිල්වා එහි ස්ථාන 9ක් පෙරමුණට පැමිණ ඇත.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරගයත් ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වූ දෙවන අළු බඳුන ක්‍රිකට් තරගයත් අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම ටෙස්ට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම නිකුත් කර ඇත.

එහි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් වී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමට වන අතර ඔවුන් මීට පෙර එම ශ්‍රේණිගත කිරීම් හි ලබාගෙන තිබූ ප්‍රසාද ලකුණු මට්ටමට වඩා එක් ලකුණක් අඩු කර ගනිමින් ලකුණු 124 ක් ලබා පළමු තැන පසුවෙන අතර එහි දෙවන තැන දකුණු අප්‍රිකාවටත් (111), තෙවන තැන එංගලන්තයටත් (105) හිමි වෙද්දී ප්‍රසාද ලකුණු 94ක් ලබාගෙන සිටින ශ්‍රී ලංකාවට හයවන ස්ථානය හිමි වී ඇත.

ක්‍රිකට් පිටියේ වැඩිම බින්දුකාරයෝ

වැඩිම වරක් බින්දුවට දැවීගිය පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉන්නේ ඔබ හිතන්නෙවත් නැති ක්‍රීඩකයන් පිරිසක්. ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුත් ඒ අතර! බින්දුවට දැවීගියාට …

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් (938) සමත්වී ඇති අතර එහි දෙවන ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඉන්දීය නායක විරාත් කෝලි (893) විසිනි. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් (743) එම ශ්‍රේණිගත කිරීමේ පළමු පිතිකරුවන් දස දෙනා අතරට පැමිණ ඇති අතර ඔහු මෙම තැනට පැමිණීමේ දී පසුගිය ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථාන අටක් ඉදිරියට පැමිණ තිබීම විශේෂතාවයකි.

සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඇන්ජලෝ මැතිව්ස් (640) ස්ථාන හතක් ඉදිරියට පැමිණ ශ්‍රේණිගත කිරීමේ 23 වන තැනට පත්ව ඇති අතර ධනංජය සිල්වා (533) ස්ථාන 7ක් ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ දස්කම්වලින් ‘Social Media’ කැලඹෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ, නවදිල්ලි නුවර පැවති 3 වන හා අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ධනංජය ද සිල්වා..

පන්දු යවන්නන් අතර සුපුරුදු පරිදි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩසන් (894) පළමු තැන ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩාට (876) හිමි වී ඇත. රංගන හේරත් (799) එහි පස්වැනි ස්ථානයට පත්වී ඇත. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලක්ෂාන් සඳකැන් (294) ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් 56 වන තැනට පත්ව ඇති අතර ස්ථාන 18ක් ඉදිරියට පැමිණි ලහිරු ගමගේ (193) 76 වන තැනට පත්වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<