දිමුත් දක්ෂ නායකයෙක් වේවි – හතුරුසිංහ

1084

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ තරග කීපයක් පමණි. මේ වන විට අවසන් පූර්ව වටයට සහභාගි වන කණ්ඩායම් තීරණය වී අවසානය. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව හා නවසීලන්තය ලෝක කුසලාන කිරුළ සඳහා තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ මුහුණ දෙන අවසන් තරගය ඉන්දියාව සමඟින් අද (06) පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියක්…

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ThePapare.com සමඟින් අදහස් දක්වා සිටියා. 

“ලොකු කලකිරීමක් තියනවා අවසන් 4 දෙනාට එන්න බැරි වුන එක ගැන. ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. අන්තිමේ දී අපිට අවසන් සිව්දෙනා අතරට එන්න බැරි වුනා “ හතුරුසිංහ පවසා සිටියා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්ව සිටී. අවිශ්කගේ දක්ෂතා පිළිබඳව ද හතුරුසිංහ අදහස් දක්වා සිටියා. 

ශහීන් පාකිස්තානය බබළවයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවති පාකිස්තානය…

“අවිශ්කගේ දක්ෂතා ඉතාමත් සුවිශේෂී. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු මාලිංග, කුසල් පෙරේරා වගේ ක්‍රීඩකයන් එක්ක කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දුන්නා. ඔහු අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයෙක් ” 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පෙර ආරම්භක පිතිකරුවන් පිළිබඳව එතරම් සූදානමකින් නොසිටි නමුත් දිමුත් හා කුසල් ආරම්භක වගකීම අකුරටම ඉෂ්ට කරන ආකාරයක් දක්නට ලැබුණි. ආරම්භක පිතිකරු යුගලය පිළිබඳව හතුරුසිංහ අදහස් දක්වා සිටියා. 

“ඔව්, ඔවුන් මේ දක්වා හොඳින් ක්‍රීඩා කළා. මේ ලෝක කුසලානය බැලුවොත් පන්දුව පරණ වෙද්දී ක්‍රීඩා කරන්න අපහසු වෙනවා. ඒ නිසා ආරම්භක පන්දුවාර වලදී ලකුණු ලබා ගැනීම වැදගත්. ඒක දිමුත් හා කුසල් හොඳින් කළා. ඒක අපිට හොඳ සලකුණක්.”

මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන් තරගය සඳහා…

ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිවේදනය කළ දින පටන් බොහෝ දෙනා අවධානයට යොමු වූ කරුණක් වූයේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයයි. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දිමුත් පිළිබඳව විශාල කතාබහක් ගොඩනැගී තිබුණි. නමුත් එම මත සියල්ලක්ම බිඳ දැමීමට දිමුත් මේ වන විට සමත්ව ඇත.

“මම හිතන්නේ ඔහු හොඳ නායකයෙක් කියලා ඔප්පු කළා. ඔහුගේ වටපිටාව හා ඔහුට ලැබුණ සම්පත් එක්ක ඔහු ලොකු දෙයක් කළා. මම හිතනවා ඔහු දක්ෂ නායකයෙක් වේවි “

ලෝක කුසලාන තරගාවලියට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳව ද හතුරුසිංහ අදහස් දක්වා සිටියා.

“මේ තරගාවලියට පස්සේ අපිට තියන ලොකුම අභියෝගය විස්සයි විස්ස තරගාවලිය. ඒකට තව අවුරුද්දකට වැඩි කාලයක් තියනවා. අපි තවමත් සැලසුම් කරලා නෑ ඒ තරගාවලියට අපේ සූදානම කොහොම වෙන්න ඕන ද කියලා. ලෝක කුසලානයෙන් පස්සේ අපි නවසීලන්තය එක්ක ටෙස්ට් තරගාවලියකට එක්වෙනවා. ඒක ලොකු අභියෝගයක්. වේවි.” 

ඉන්දීය තරගය පිළිබඳව අදහස් දැක්වූ හතුරුසිංහ පවසා සිටියේ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ සිටින ප්‍රබලතම කණ්ඩායමක් නිසා එම තරගය ජයග්‍රහණය කිරීමට නම් කණ්ඩායම උපරිම දක්ෂතා අතරට පැමිණිය යුතු බවයි. 

“ඉන්දීය කණ්ඩායම එක්ක තරගය දිනන්න අපි ලොකු සූදානමකින් ඉන්නවා. ඉන්දියාව ප්‍රබල කණ්ඩායමක්. ඒ තරගය ජයග්‍රහණය කරන එක අපේ ලොකු බලාපොරොත්තුවක්. අපි අපේ උපරිම දක්ෂතා අතරට ආවොත් අපිට තරගය ජයග්‍රහණය කරන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ තරගය ජයග්‍රහණය කරන එක.” 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<