විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

1145

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න එංගලන්තයේ හෑම්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය සමඟ එක්කාසු වී සිව්දින ක්‍රිකට් තරගාවලියක් හා එක්දින ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිය එකඟතාවය පළ කර තිබේ.

දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!

ගෙවුණු වසරේ ටෙස්ට් ඉනිම 17කට ක්‍රීඩා කළ වමත් පිතිකරු දිමුත් කරුණාරත්න එහි දී ලකුණු 743ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක 7ක් සහ එක් ශතකයක් සමඟයි. එහි දී ඔහු තම ලකුණු සාමාන්‍යය 46.43ක් ලෙස සටහන් කරගෙන ඇත්තේ 2012 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අවතීර්ණ වීමෙන් පසු වසරක් තුල දී ලැබූ හොඳම ලකුණු සාමාන්‍යය ලෙසයි. ICCය විසින්ම යාවත්කාලීන කරනු ලබන ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ද දිමුත් 9 වන ස්ථානයේ රැඳී සිටියි.

මීට පෙර එංගලන්තයේ පැවැත්වෙන කවුන්ටි ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාර පමණි. එසේම තුන් ඉරියව් ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න කවුන්ටි ක්‍රිකට් තරගාවලියේ  දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කර තිබෙන අතර සංගක්කාරට පසුව කවුන්ටි ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කරුණාරත්න වීම සුවිශේෂී වේ.

කවුන්ටි ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් මස 5 වැනිදා පැවැත්වෙන අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 17 වැනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<