දිමුත්ට කොදෙව් සංචාරය අහිමි වන ලකුණු

2447

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇත. අද (02) ආරම්භ වූ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ (01) පැවති පුහුණු වීම් කටයුතු අතරතුර ඔහුගේ ඇඟිල්ලේ අස්ථි බිඳී යෑමට ලක්වී ඇතැයි වාර්තා වේ.  

සභාපති අසුනට මා ඉතාමත් සුදුසුයි – සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතා….

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමේ නායකත්වය හෙඹවූ දිමුත්, ඉනිම් හයක දී එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා කරගෙන ඇත.

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ද දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිටි දිමුත් හට එම තරගාවලිය මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කොදෙව් සංචාරය ද මේ ආබාධය හේතුවෙන් අහිමි වී යෑමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයකට අනුව දිමුත් කරුණාරත්න අද (02) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත අතර ඉන්පසු ඔහු යථා තත්වයට පත්වීමට අවශ්‍ය කටයුතු සඳහා ඔහුව යොමු කරන බව සඳහන් විය.

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩ්ඩෝ

ඉදිරියේ දී පැවැත්වෙන කොදෙව් ටෙස්ට් තරග සංචාරය ඇතුළු ටෙස්ට් තරග….

වමත් පිතිකරුවෙකු වන 30 හැවිරිදි දිමුත් කරුණාරත්න කලක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළේය. තරග 49ක දී 34 ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇති දිමුත් අවසන් වරට සහභාගී වූ ටෙස්ට් ඉනිම් 10ක දී ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<