දෙවන ටෙස්ට් තරගයට දිල්රුවන් කැඳවයි

4954

දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මේ මස 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වන දෙවන හා අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත. 

අකිලගේ නිවැරදි කර ගත් ඉරියව්වත් වැරදීලු!

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ….

මේ වසර ආරම්භයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කැන්බරා හිදී අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ දිල්රුවන් පෙරේරා නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී නොවූයේ ආබාධයක් නිසාවෙනි. 

වයස අවුරුදු 37ක් වන පෙරේරා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 38කට සහභාගී වෙමින් කඩුලු 153ක් දවාගෙන දස්කම් දක්වා ඇති අතර 2018 වසරේ පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වූයේ පෙරේරා දැක්වූ දස්කම් ද සවියක් කරගෙනයි.

අකිල දනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යැයි පිටියේ විනිසුරුවරුන් වාර්තා කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (20) පවසා සිටීමත් සමඟම, මෙසේ හදිසියේම පෙරේරාව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට තීරණය කර ඇත. ඒ නිසාවෙන් අකිල ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමට පසුව එහි නිවැරදිතාවය පිරික්සා බැලීම වෙනුවෙන් මේ මස 28 වැනිදා ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිතව තිබේ. 

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමුවැනි ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල දනංජය එහි ඉනිම් දෙකේ දී ලකුණු 164ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඒ අතර පළමු ඉනිමේ කඩුලු 5ක් ද ඇතුලත්ය.

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18) ගාලු….

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැත.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<