තවත් හිටපු ක්‍රීඩකයෙකුට දූෂණ විරෝධි චෝදනා

180

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 3ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (13) තීරණය කර ඇත.

තරග පාවාදුන්නා යැයි නුවන් සොයිසාට චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 3ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 3 ඔහු විසින් උල්ලංඝනය කර ඇති අතර ඒ නිසාවෙන් ලොකුහෙට්ටිගේ මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙසේ චෝදනා ගොනු කර ඇති බව සඳහන්.

2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – දේශීය ක්‍රිකට් තරගයක් අතරතුර

2012 පනතේ 2.14 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම

2014 පනතේ 2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

තරග පාවාදුන්නා යැයි නුවන් සොයිසාට චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 3ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා…

2005 සිට 2013 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින තරග 9කට සහ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 2කට ක්‍රීඩා කරමින් කඩුලු 8ක් දවාගෙන ඇත්තේ පිතිකරණයෙන් ලකුණු 101ක් ලබාගෙනයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති කඩ කර ඇති බව අනාවරණය වීම නිසාවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හා නුවන් සොයිසා යන මහත්වරුන්ට එරෙහිව ද චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා කටයුතු කළේය.

දිල්හාර ලොකුහෙට්ටිගේ මහතාට අද (13) දින සිට දින 14ක් ඇතුළත ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ඇත. එසේම මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ යම් නිලයක් දරයි නම් එම තනතුරුවලින් ද වහාම ක්‍රියාත්මක වන ලෙස ඔහුව ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <