ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට ආසියානු බර ඉසිලීමේ පදක්කමක්

221

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගී වූ ඩිලංක ඉසුරු කුමාර එහි කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම  දිනා ගැනීමට අද (20) දින සමත් විය.

ශ්‍රී ලංකාවේ ඩයන් ගෝමස් ආසියාවේ විධායක කමිටුවට

“ශ්‍රී ලංකා බොක්සිං භාරකරු” යන නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්….

චීනයේදී පැවැත්වෙන මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ඩිලංක ඉසුරු කුමාර ස්නැච් (snatch) ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක බර ප්‍රමාණයක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් (clean and jerk) ක්‍රමයට කිලෝග්‍රෑම් 135ක බර ප්‍රමාණයක් එසවීමට සමත්ව තිබේ.

ඒ අනුව ඩිලංක ඉසුරු කුමාර මේ දිනාගත් ලෝකඩ පදක්කම වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලාංකීය බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු ආසියානු තරගාවලියක ජ්‍යෙෂ්ඨ අංශයෙන් දිනා ගත් පළමු පදක්කම ලෙසය.

මෙවර චීනයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් හතර දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත්ය.

පිරිමි අංශය නියෝජනය කරමින් චින්තන ගීතාල් විතානගේ කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන්, ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් සහ තිලංග පලඟසිංහ කිලෝ ග්‍රෑම් 61 බර පන්තියෙන් තරග වැදීමට නියමිතය. තවද කාන්තා අංශය නියෝජනය කරමින් හංසනී ගෝමස් කිලෝ ග්‍රෑම් 49 ක බර පන්තියෙන් සහ චමරි වර්ණකුලසූරිය කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැදීමට නියමිතය.

Samila විවෘත වෙරළ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක්

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම අප්‍රේල් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ….

මෙම ආසියානු බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වෙන්නේ එළඹෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස වීම විශේෂත්වයකි.


                              >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<