දික්වැල්ල එලියට, ඩිල්රුවන් ඇතුළට

7436
Dickwella out from Bangladesh tour

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වී ඇති බව වාර්තා වේ. එනිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දෙවැනි සහ තෙවැනි එක්දින තරග වලින් ඔහුව විවේක ගැන්වීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන්න “නුවන්ලා” සංචිතයට

දඹුල්ලේ දී හෙට (28) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින තරගයට පෙරාතුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අංශය ශක්තිමත් කිරීම සඳහා නුවන් කුලසේකර…

දඹුල්ලේ දී අද (27) පැවති පුහුණු සැසිය අතරතුර දී ඔහුගේ දකුණු අත ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට සති දෙකක පමණ කාලයක් පිටියෙන් ඉවත් වීමට නිර්දේශ කර ඇත.

කෙසේ නමුත් තරග තහනමක් නිසාවෙන් ප්‍රථම තරගය ඔහුට අහිමි වූ අතර දෙවැනි තරගය සඳහා ඔහුව සංචිතයට කැඳවා තිබුණේ උපුල් තරංග සමඟින් ආරම්භක පිතිකරණය සවිමත් කිරීමේ අරමුණෙනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටියේ දික්වැල්ල වෙනුවට ඩිල්රුවන් පෙරේරා දෙවැනි එක්දින තරගය සඳහා සංචිතයට කැඳවන බවයි.

තවද බංග්ලාදේශය සමඟ පැවති ප්‍රථම එක්දින තරගය අතරතුර දී ආබාධයකට ලක් වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද දෙවැනි එක්දින තරගය නියෝජනය කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ පැවති ප්‍රථම එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 90කින් පරාජය වූ අතර එළඹෙන දෙවැනි එක්දින තරගය කෙසේ හෝ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට