නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (16) නිමාවට පත්වූ “Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019” සම්මාන උළෙලේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට, 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන සමත් විය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (15) බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර ඩකා හිදී පැවැත්වුණු අතර එම…

පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම සතුව සිටි දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු වන ලක්ෂිත රසාංජන, 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සිය පාසල් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 1000 සීමාව පසු කර යෑමට සමත් වූ අතර පන්දු යැවීමෙන් ද කඩුලු 75ක් දවා ගන්නට සමත් විය. 

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ වර්තමානයේ මාලිබන් ක්‍රිකට් සමාජයේ සභාපති වන කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සහභාගී වූ අතර Dialog Axiata ආයතනයේ අධ්‍යක්ෂ, සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා ද එක් විය.

“ඔබ එක් අවස්ථාවක දී අසාර්ථක වුනා කියලා සම්පූර්ණ තරගයම පරාදයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔබ සතුව ඒ අවස්ථාවේ දී තිබිය යුතු එකම ආයුධය ආත්ම විශ්වාසය යි. ඔබ මෙතරම් දුරක් අද වන විට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අද මේ සම්මාන උළෙලට එන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ අනිත් අයට වඩා දක්‍ෂ නිසයි. ඔබ සෑම අවස්ථාවක දී ම ඒ බව සිතිය යුතුයි. ඔබ සෑම අවස්ථාවක දී ම ඔබේ ප්‍රතිවාදියාට වඩා දක්‍ෂයි වගේම ඔබට තරගයේ රැඳී සිටින තාක් කල් ඒ බව රැක ගන්න පුළුවන්.” සංගක්කාර මෙහි දී අදහස් දක්වමින් පැවසීය.

19න් පහළ පළමු කොටසේ තරග වදින පාසල් මොනවා ද?

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටියේ මෞලි මංගල්‍යය බඳු වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ 2019/20 තරග වාරය ආරම්භ කිරීමට…

එමෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කවිෂ්ක සේනාධීර වසරේ හොඳම පන්දු යවන්නා සහ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි අනුශූරතාවයෙන් පිදුම් ලැබීය. ඔහු නිමා වූ 19න් පහළ දෙදින ක්‍රිකට් තරග වාරයේ දී කඩුලු 100ක් සහ ලකුණු 400කට ආසන්න ප්‍රමාණයක් රැස් කරගන්නට සමත් විය.  

සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක වසරේ හොඳම පිතිකරුවාට හිමි සම්මානය හා වේගවත්වම ලකුණු 1000 සීමාව පසු කළ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 

වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රීඩකයා තේරීමේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත් වූයේ මුළු ඡන්ද 72,909ක් ලබා ගනිමිනි. එහි බාලිකා කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ඡන්ද 7608ක් ලබා ගත් රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනීට හැකි විය.

Photo Album : Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019

2018/19 තරග වාරයේ 19න් පහළ තරගාවලියේ පළමු කාණ්ඩයේ හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සම්මාන දිනාගන්නා විට එහි අනුශූරතාව දිනා ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයයි.

පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායම්වලට සමස්ත ලංකා කාණ්ඩය යටතේ ද, දෙවන කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම්වලට නැඟී එන කාණ්ඩය යටතේ ද, තෙවැනි කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම්වලට ආධුනික (Up and Coming Schools) කාණ්ඩය යටතේ ද සම්මාන ප්‍රදානය කරන ලදි. සම්මාන ලාභීන් තෝරා ගනු ලැබුවේ ජයන්ත සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුවක් මඟිනි.

සමස්ත ලංකා කාණ්ඩයේ සම්මාන,  

  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (ශූරතාවය) – ලක්ෂිත රසාංජන (නාලන්දා විද්‍යාලය, කොළඹ)
  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (අනුශූරතාවය) – කවිෂ්ක සේනාධීර (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
  • හොඳම පිතිකරු (ශූරතාවය) – සන්තුෂ් ගුණතිලක (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ)
  • හොඳම පිතිකරු (අනුශූරතාවය) – නිශාන් මදුෂ්ක (මොරටු මහා විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා (ශූරතාවය) – කවිෂ්ක සේනාධීර (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
  • හොඳම පන්දු යවන්නා (අනුශූරතාවය) – කලන පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස)
  • හොඳම පන්දු රකින්නා (ශූරතාවය) – ලක්ෂිත රසාංජන (නාලන්දා විද්‍යාලය, කොළඹ )
  • හොඳම පන්දු රකින්නා (අනුශූරතාවය) – අමිත දාබරේ (ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ)
  • හොඳම කඩුලු රකින්නා (ශූරතාවය) – ශැනොන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ)
  • හොඳම කඩුලු රකින්නා (අනුශූරතාවය) – දිල්හාර පොල්ගම්පොල (නාලාන්දා විද්‍යාලය, කොළඹ)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (ශූරතාවය) – ලක්ෂිත රසාංජන (නාලන්දා විද්‍යාලය, කොළඹ)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (අනුශූරතාවය) – ඉමිතියාස් ස්ලාසා (සහිරා විද්‍යාලය, කොළඹ)
  • හොඳම කණ්ඩායම (ශූරතාවය) – සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
  • හොඳම කණ්ඩායම (අනුශූරතාවය) – නාලන්දා විද්‍යාලය, කොළඹ
  • හොඳම කණ්ඩායම් නායකයා – සිතාර හපුහින්න (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස)

නැඟී එන කාණ්ඩයේ සම්මාන,

  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (ශූරතාවය) – සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (අනුශූරතාවය) – චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය විද්‍යාලය)
  • වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (ශූරතාවය) – ලිතිජ කල්හාර (බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහල)
  • වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (අනුශූරතාවය) – විශාල් රුක්ෂාන් (ගම්පහ ශාන්ත පීතර විදුහල)
  • වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (තෙවැනි ස්ථානය) – තනූෂ සඳරුවන් කොස්තා (සාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ)
  • හොඳම පිතිකරු (ශූරතාවය) – සොහාන් ඩි ලිවේරා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • හොඳම පිතිකරු (අනුශූරතාවය) –  චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා (ශූරතාවය) – නිම්නක ජයතිලක (සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට)
  • හොඳම පන්දු යවන්නා (අනුශූරතාවය) – රවිඳු මිලාන් (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා (ශූරතාවය) – චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා (අනුශූරතාවය) – ඉෂාර මදුවන්ත (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම කඩුලු රකින්නා (ශූරතාවය) – ජනෙත් කෞෂාල්  (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම කඩුලු රකින්නා (අනුශූරතාවය) – රවිශාන් පෙරේරා (සිරි කුරුස විද්‍යාලය, කළුතර)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (ශූරතාවය) – සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (අනුශූරතාවය) – හේෂාන් මදුසංක (පිළියන්දල මධ්‍ය විද්‍යාලය)
  • හොඳම කණ්ඩායම (ශූරතාවය) – සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට
  • හොඳම කණ්ඩායම (අනුශූරතාවය) – පිළියන්දල මධ්‍ය විද්‍යාලය

ආධුනික නැඟී එන කාණ්ඩයේ සම්මාන,

  • බස්නාහිර පළාත (ශූරතාවය) – ක්‍රිස්ට් කිං විද්‍යාලය – ජා ඇල
  • මධ්‍යම පළාත (ශූරතාවය) – ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට
  • වයඹ පළාත (ශූරතාවය) – මලියදේව ආදර්ශ විද්‍යාලය, කුරුණෑගල
  • දකුණු පළාත (ශූරතාවය) – විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල

 ආධුනික නැඟී එන පාසල් සම්මාන (Up and Coming Schools) 

  • හොඳම පන්දු යවන්නා (ශූරතාවය) – නදීර ඉශාන් (විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල)
  • හොඳම පන්දු යවන්නා (අනුශූරතාවය) – කවිඳු මදුරංග (නාලන්දා මැදි විදුහල, මිනුවන්ගොඩ)
  • හොඳම පිතිකරු (ශූරතාවය) – කලන මදුසංක (සීතාවක මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම පිතිකරු (අනුශූරතාවය) – විරාජ් හේමන්ත (නුගවෙල මැදි විදුහල)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (ශූරතාවය) – සඳරුවන් චින්තක (ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (අනුශූරතාවය) – නිසල් මාලිංග (ක්‍රිස්තුරාජ විද්‍යාලය, ජා ඇල)

පාසල් ක්‍රීඩිකාවන් වෙත ලබා දුන් සම්මාන, 

  • වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩිකාව (ශූරතාවය) – සත්‍යා සංදීපනී (රත්ගම දේවපතිරාජ විදුහල)
  • වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩිකාව (අනුශූරතාවය) – කවීෂා දිල්හාරි (රත්ගම දේවපතිරාජ විදුහල)
  • හොඳම නැගී කාන්තා කණ්ඩායම (ශූරතාවය) – දේවපතිරාජ විද්‍යාලය, 
  • හොඳම නැගී කාන්තා කණ්ඩායම (අනුශූරතාවය) – රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ
  • වසරේ කුසලතා පූර්ණ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව – ජනදී අනාලි (අනුලා විද්‍යාලය, නුගේගොඩ)

DIALOG 4G විශේෂ සම්මාන 

  • වේගවත්වම ලකුණු 1000 – සන්තුෂ් ගුණතිලක (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ)
  • වේගවත්වම කඩුලු 100 – කවිෂ්ක සේනාධීර (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
  • හොඳම පන්දු යවන්නා – නදීර ඉශාන් (විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල)
  • DIALOG 4G වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (ශූරතාවය) – නවෝද් පරණවිතාන (මහින්ද විද්‍යාලය, ගාල්ල)
  • DIALOG 4G වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (අනුශූරතාවය) – පසිඳු උස්හෙට්ටි (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව)
  • DIALOG 4G වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (තෙවන ස්ථානය) – මුෆාස් රෆීල් (සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<